රෝම 12:18-19 - Compare All Versions

රෝම 12:18-19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

හැකි පමණින්, හැම කෙනකු සමඟ සාමයෙන් වෙසෙන්න. ප්‍රේමණීයයනි, පළි ගැනීමට නො යන්න; මන්ද, “පළි ගැනීම මා සතු ය. මම විපාක දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ කියන සේකැයි ලියා ඇති බැවින්, එය දෙවියන්වහන්සේගේ උදහසට ඉඩ හරින්න.

බෙදාගන්න
රෝම 12 SCV

රෝම 12:18-19 SROV (Sinhala Revised Old Version)

පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න. ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.

බෙදාගන්න
රෝම 12 SROV

රෝම 12:18-19 NRSV (Sinhala New Revised Version)

ඔබට හැකි පමණට හැම දෙනා සමඟ සාමකාමී ව සිටීමට උත්සාහ කරන්න. මිත්‍රවරුනි, පළි ගැනීමෙන් තොර ව, දේව උදහස ක්‍රියා කිරීමට ඉඩ හරින්න. මන්ද: “ ‘පළිගැනීම මා සතු ය, මම විපාක දෙමි’යි සමිඳාණන් වහන්සේ පවසන සේකැ”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත.

බෙදාගන්න
රෝම 12 NRSV

රෝම 12:18-19 SNRV (Sinhala New Revised Version 2018)

ඔබට හැකි පමණට හැම දෙනා සමඟ සාමකාමී ව සිටීමට උත්සාහ කරන්න. මිත්‍රවරුනි, පළි ගැනීමෙන් තොර ව, දේව උදහස ක්‍රියා කිරීමට ඉඩ හරින්න. මන්ද: “ ‘පළිගැනීම මා සතු ය, මම විපාක දෙමි’යි සමිඳාණන් වහන්සේ පවසන සේකැ”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත.

බෙදාගන්න
රෝම 12 SNRV

රෝම 12:18-19 NIV (New International Version)

If it is possible, as far as it depends on you, live at peace with everyone. Do not take revenge, my dear friends, but leave room for God’s wrath, for it is written: “It is mine to avenge; I will repay,” says the Lord.

බෙදාගන්න
රෝම 12 NIV