රෝම 12:10-15
රෝම 12:10-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම වන්න; අන් අය තමනට වඩා ගරු කොට සලකන්න. ජ්වලිත බවින් කිසි විටෙකත් හීන නො වී, ආත්මයෙන් උද්යෝගී ව ස්වාමින්වහන්සේට සේවය කරන්න. බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න. පීඩාවන්හි දී ඉවසිලිමත් වන්න. යාච්ඤාවෙහි නිරත වන්න. ශුද්ධවතුන්ගේ අවශ්‍යතාහි දී ආධාර-උපකාර කරන්න. ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න. ඔබට පීඩාකරන්නන්ට ආශිර්වාද කරන්න; ශාප නො කර, ආශිර්වාද කරන්න. ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න. ශෝක වන්නන් සමඟ ශෝක වන්න.
රෝම 12:10-15 Sinhala Revised Old Version (SROV)
සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න; උත්සාහවන්තකමේදී මැළි නොවෙන්න; ආත්මයෙන් ජ්වලිතවෙන්න; ස්වාමීන්වහන්සේට සේවයකරන්න; බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න; ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න. නුඹලාට පීඩාකරන්නන්ට ආශීර්වාද කරන්න; ශාප නොකොට ආශීර්වාදම කරන්න. ප්‍රීතිවෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න; අඬන්නන් සමඟ අඬන්න.
රෝම 12:10-15 Sinhala New Revised Version (NRSV)
සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සලකන්න. අලසකමින් තොර ව, කාර්යශීලී වන්න; උද්යෝගිමත් හදකින් සමිඳාණන් වහන්සේට සේවය කරන්න; බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න; විපතේ දී ඉවසිලිමත් වන්න; යාච්ඤාවෙහි නොකඩව යෙදෙන්න; සැදැහැවතුන්ගේ ඕනෑඑපාකම් වල දී උපකාර කරන්න. ආගන්තුක සත්කාරයට ලැදි ව සිටින්න. ඔබට පීඩා කරන්නන්ට ආශීර්වාද කරන්න, සාප නොකර ආශීර්වාද ම කරන්න. ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න, ශෝක වන්නන් සමඟ ශෝක වන්න.
රෝම 12:10-15 Sinhala New Revised Version 2018 (SNRV)
සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සලකන්න. අලසකමින් තොර ව, කාර්යශීලී වන්න; උද්යෝගිමත් හදකින් සමිඳාණන් වහන්සේට සේවය කරන්න; බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න; විපතේ දී ඉවසිලිමත් වන්න; යාච්ඤාවෙහි නොකඩව යෙදෙන්න; සැදැහැවතුන්ගේ ඕනෑඑපාකම් වල දී උපකාර කරන්න. ආගන්තුක සත්කාරයට ලැදි ව සිටින්න. ඔබට පීඩා කරන්නන්ට ආශීර්වාද කරන්න, සාප නොකර ආශීර්වාද ම කරන්න. ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න, ශෝක වන්නන් සමඟ ශෝක වන්න.
රෝම 12:10-15 New International Version (NIV)
Be devoted to one another in love. Honor one another above yourselves. Never be lacking in zeal, but keep your spiritual fervor, serving the Lord. Be joyful in hope, patient in affliction, faithful in prayer. Share with the Lord’s people who are in need. Practice hospitality. Bless those who persecute you; bless and do not curse. Rejoice with those who rejoice; mourn with those who mourn.
