රෝම 11:28-30
රෝම 11:28-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ශුභාරංචියට අදාළ ව ඔවුන් ඔබ උදෙසා දෙවියන්වහන්සේගේ සතුරන් ය; එහෙත් තෝරාගැනුමට අදාළ ව ඔවුන්ගේ ආදි පියවරුන් උදෙසා ඔවුන් ප්රේමණීයයන් ය. මන්ද දෙවියන්වහන්සේගේ දීමනා හා උන්වහන්සේගේ කැඳවීම අවලංගු කළ නො හැකි ය. කලක් දෙවියන්වහන්සේට අකීකරු ව සිටි ඔබ, ඔවුන්ගේ අකීකරුවීම හේතුවෙන් දැන් දයාව ලැබූ අයුරින්
රෝම 11:28-30 Sinhala Revised Old Version (SROV)
ශුභාරංචිය ගැන නම් ඔව්හු නුඹලා නිසා සතුරෝය. නුමුත් තෝරාගැනීම ගැන නම් ඔව්හු පියවරුන් නිසා ප්රේමලද්දෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ දීමනාද කැඳවීමද වෙනස් නොවන්නේය. මක්නිසාද පසුගිය කාලයෙහිදී නුඹලා දෙවියන්වහන්සේට අකීකරුව සිට, ඔවුන්ගේ අකීකරුකම නිසා දැන් යම්සේ කරුණාව ලැබුවහුද
රෝම 11:28-30 Sinhala New Revised Version (NRSV)
ජුදෙව්වරුන් සුබ අස්න ප්රතික්ෂේප කළ නිසා ඔව්හු දෙවියන් වහන්සේගේ සතුරෝ වූ හ. එය ඔබගේ යහපතට හැරුණි. එහෙත් ඔවුන්ගේ පියවරුන් නිසා දෙවියන් වහන්සේ ඔවුන් තෝරාගත් බැවින්, ඔව්හු දෙවියන් වහන්සේගේ මිත්රයෝ වූ හ. දෙවියන් වහන්සේ සිය දීමනා ද කැඳවීම ද වෙනස් නොකරන සේක. විජාතීන් වන ඔබ යටගිය දවස, දෙවියන් වහන්සේට අකීකරු ව සිටි නමුත්, ජුදෙව්වරුන්ගේ අකීකරුකම නිසා දැන් ඔබ කරුණාව ලබා ඇත.
රෝම 11:28-30 Sinhala New Revised Version 2018 (SNRV)
ජුදෙව්වරුන් සුබ අස්න ප්රතික්ෂේප කළ නිසා ඔව්හු දෙවියන් වහන්සේගේ සතුරෝ වූ හ. එය ඔබගේ යහපතට හැරුණි. එහෙත් ඔවුන්ගේ පියවරුන් නිසා දෙවියන් වහන්සේ ඔවුන් තෝරාගත් බැවින්, ඔව්හු දෙවියන් වහන්සේගේ මිත්රයෝ වූ හ. දෙවියන් වහන්සේ සිය දීමනා ද කැඳවීම ද වෙනස් නොකරන සේක. විජාතීන් වන ඔබ යටගිය දවස, දෙවියන් වහන්සේට අකීකරු ව සිටි නමුත්, ජුදෙව්වරුන්ගේ අකීකරුකම නිසා දැන් ඔබ කරුණාව ලබා ඇත.
රෝම 11:28-30 New International Version (NIV)
As far as the gospel is concerned, they are enemies for your sake; but as far as election is concerned, they are loved on account of the patriarchs, for God’s gifts and his call are irrevocable. Just as you who were at one time disobedient to God have now received mercy as a result of their disobedience