රෝම 10:16 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 10:16 SROV (Sinhala Revised Old Version)
නුමුත් ඔවුන් සියල්ලම ඒ යහපත් ආරංචියට ඇහුම්කන්දුන්නේ නැත. මක්නිසාද: ස්වාමිනි, අපේ දැන්වීම විශ්වාසකළේ කවුදැයි යෙසායා කියයි.
රෝම 10:16 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් ඔවුන් සියලු දෙනා ශුභාරංචියට කීකරු වූයේ නැත. මන්ද යෙසායා කතා කරමින්, “ස්වාමින්වහන්ස, අප පැවසූ පණිවුඩය විශ්වාස කළේ කවුරු දැ?” යි පවසයි.
රෝම 10:16 NRSV (Sinhala New Revised Version)
එහෙත් හැම දෙනා ම ඒ සුබ අස්නට සවන් දුන්නේ නැත. මන්ද, “සමිඳාණන් වහන්ස, අපේ පණිවුඩය විශ්වාස කෙළේ කවරෙක් දැ”යි යෙසායා අසයි.
රෝම 10:16 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත් හැම දෙනා ම ඒ සුබ අස්නට සවන් දුන්නේ නැත. මන්ද, “සමිඳාණන් වහන්ස, අපේ පණිවුඩය විශ්වාස කෙළේ කවරෙක් දැ”යි යෙසායා අසයි.
රෝම 10:16 NIV (New International Version)
But not all the Israelites accepted the good news. For Isaiah says, “Lord, who has believed our message?”