රෝම 1:13-17

රෝම 1:13-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සහෝදරයිනි, අන් ජාතීන් අතරේ මා ලැබූ ලෙස, ඔබ අතරදී ද යම් අස්වැන්නක් ලබන්නට, ඔබ වෙත එන්නට මා කීප විටක් සැලසුම් කළ නමුදු, මේ වන තෙක් ම එය වළක්වනු ලැබූ වග ඔබ නො දැන සිටිනවාට නො කැමැත්තෙමි. ග්‍රීකයින්ට හා ග්‍රීක නො වන අන්‍යයන්ට ද උගතුන්ට හා නූගතුන්ට ද වගකීමක මම බැඳී සිටිමි. රෝමවාසී ඔබට ද ශුභාරංචිය දේශනා කරන්නට මා පුල පුලා බලා සිටින්නේ එබැවිනි. මන්ද ශුභාරංචිය ගැන මා ලජ්ජා වන්නේ නැත. මන්ද පළමු කොට යුදෙව්වාට ද එසේ ම ග්‍රීකයාට ද යන අදහන්නා වූ සියල්ලන්ට ගැලවීම සඳහා දෙවියන්වහන්සේගේ බලය එය බැවිනි. එය තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, පටන් ගැන්මේ සිට අවසානය දක්වා ඇදහීමෙන් වන ආකාරයට එළිදරවු කරනු ලැබ ඇත්තේ, “ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ යැ” යි ලියා තිබෙන පරිදි ය.

බෙදාගන්න
රෝම 1 කියවන්න

රෝම 1:13-17 Sinhala Revised Old Version (SROV)

සහෝදරයෙනි, වෙන අන්‍යජාතීන් අතරෙහි මෙන් නුඹලා අතරෙහිද මට යම් ඵලයක් ලැබෙන පිණිස මම නුඹලා වෙතට එන්ට නොයෙක් වර අභිප්‍රායකළ බවත් මේ වන තෙක්ම වලකනු ලැබූ බවත් නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. මම ග්‍රීක්වරුන් හා ම්ලේච්ඡයන්ටත් ඥානවන්තයන් හා අඥානයන්ටත් ණයකාරයෙක්ව සිටිමි. එසේ රෝමයෙහි සිටින්නාවූ නුඹලාටත් මට පුළුවන් ප්‍රමාණයට ශුභාරංචිය දේශනාකරන්ට මම සෑදී සිටිමි. මක්නිසාද මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබෙන නිසාය. කුමක්හෙයින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේයයි ලියා තිබෙන ලෙස, ඇදහීමෙන් පැමිණෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව්වී තිබේ.

බෙදාගන්න
රෝම 1 කියවන්න

රෝම 1:13-17 Sinhala New Revised Version (NRSV)

මාගේ සහෝදරවරුනි, අන්‍ය ජාතීන් අතර මෙන් ඔබ අතරෙහිත් යම් ප්‍රතිඵලයක් අත්පත් කරගන්නා පිණිස, මම ඔබ වෙත ඊමට බොහෝ වර උත්සාහ දැරීමි. එහෙත් මේ වන තුරු එය සාර්ථක නො වූ බව ඔබට දන්වනු කැමැත්තෙමි. ග්‍රීකයන් හා අන්‍යයන් ද උගතුන් හා නූගතුන් ද සම්බන්ධයෙන් මට වගකීමක් ඇත. රෝමයෙහි වසන ඔබටත් සුබ අස්න දේශනා කිරීමෙහි දැඩි ආශාවක් මට ඇත්තේ ඒ නිසා ය. මම සුබ අස්න ගැන කිසිසේත් ලජ්ජා නොවෙමි. මන්ද, අදහාගන්නා සියල්ලන්ට, පළමුකොට ජුදෙව්වරුන්ට ද, දෙවනු ව ග්‍රීකයන්ට ද එය ගැළවීම සලසන දෙවියන් වහන්සේගේ බලය වන හෙයිනි. මනුෂ්‍යයන් දමිටු කරනු ලැබීමේ මාර්ගය, මුල සිට අග දක්වා ම ඇදහිල්ලෙන් වන බව දැන් සුබ අස්න නිසා එළිදරව් වී ඇත. ශුද්ධ ලියවිලිවල සඳහන් පරිදි: “ඇදහිල්ලෙන් දමිටු බවට පැමිණි අය ජීවනය අත්කරගනිති.”

බෙදාගන්න
රෝම 1 කියවන්න

රෝම 1:13-17 Sinhala New Revised Version 2018 (SNRV)