රෝම 1:1-7

රෝම 1:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ, අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලැබූ, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට වෙන් කරන ලද පාවුල් වෙතිනි. කල් ඇති ව උන්වහන්සේ තම දිවැසිවරුන් මගින් ශුද්ධ ලියවිලි තුළින් පොරොන්දු වූ මෙම ශුභාරංචිය, උන්වහන්සේගේ පුත්‍රයාණන් පිළිබඳව ය. මාංසාකාරයෙන් දාවිත්ගෙන් පැවත ආ මෙතුමාණෝ, ශුද්ධත්වයේ ආත්මයාණන් මගින්, මළවුන්ගෙන් නැගිටීම තුළින්, දේව පුත්‍රයාණන් බවට බලයෙන් යුක්ත ව ප්‍රකාශ කරනු ලැබූ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ය. උන්වහන්සේ තුළින් අනුග්‍රහයත්, අපෝස්තලික තනතුරත් අප ලබා ඇත්තේ, සියලු ජාතීන් අතරෙහි උන්වහන්සේගේ නාමය උදෙසා ඇදහිල්ලේ කීකරුකමට පැමිණවීම පිණිස ය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එම කැඳවීම ලද්දවුන්ට ඔබත් ඇතුළත් ය. දෙවියන්වහන්සේ විසින් ප්‍රේම කරනු ලබන, ශුද්ධවන්තයින් වීමට කැඳවීම ලැබූ, රෝමයේ වෙසෙන සියලු දෙනා වෙතයි: අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, සාමයත් අත් වේවා!

බෙදාගන්න
රෝම 1 කියවන්න

රෝම 1:1-7 Sinhala Revised Old Version (SROV)

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්වූ, ප්‍රේරිතයෙක් වෙන්ට කැඳවනු ලැබුවාවූ, දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයා වන අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අනාගතවක්තෘවරුන් ලවා ශුද්ධ ලියවිලිවල පූර්වයෙහි පොරොන්දුකෙරෙවු උන්වහන්සේගේ ශුභාරංචියට වෙන්කරනු ලැබුවාවූ පාවුල්, දෙවියන්වහන්සේට ප්‍රියවූ, ශුද්ධවන්තයන්ව සිටින්ට කැඳවනු ලැබුවාවූ, රෝමයෙහි සිටින සියල්ලන්ට ලියා එවන වගනම්: අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වේවා. ඒ පුත්‍රයාණන්වහන්සේ මාංසාකාරයෙන් දාවිත්ගේ වංශයෙන් ඉපිද, ශුද්ධකමේ ආත්මයේ ප්‍රකාරයට දේව පුත්‍රයාණන් හැටියට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන බලයෙන් යුක්තව ප්‍රකාශකරනු ලැබූසේක. උන්වහන්සේගේ නාමය නිසා සියලු ජාතීන් අතරෙහි ඇදහීමේ කීකරුකමට පැමිණවීම පිණිස උන්වහන්සේගෙන් අනුග්‍රහයත් ප්‍රේරිතකමත් ලැබීමුව. ඔවුන් අතරෙහි නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සන්තකවන පිණිස කැඳවනු ලැබුවහුය.

බෙදාගන්න
රෝම 1 කියවන්න

රෝම 1:1-7 Sinhala New Revised Version (NRSV)

ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, උන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීම පිණිස ප්‍රේරිතවරයෙකු වීමට දේව වරමින් කැඳවීම ලත්, පාවුලු වෙ‍තිනි. බොහෝ කලකට පෙර දෙවියන් වහන්සේ ස්වකීය දිවැසිවරයන් මඟින් ඒ සුබ අස්න ගැන ශුද්ධ ලියවිල්ලෙහි පොරොන්දු දුන් සේක. ඒ සුබ අස්න උන් වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ ව ය. පරපුර අනුව බලන විට උන් වහන්සේ දාවිත් රජුගේ පෙළපතෙහි උපන් සේක; එහෙත්, පාරිශුද්ධභාවයේ ආත්මයාණන් කරණකොටගෙන මරණයෙන් උත්ථාන වීම නිසා දේව පුත්‍රයාණන් බවට ප්‍රබල සාක්ෂියක් වූ සේක. සියලු ජාතීන් ඇදහිල්ලට පමුණුවන පිණිස ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ප්‍රේරිතවරයෙකු වීමේ වරම මම උන් වහන්සේ අතින් ලදිමි. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් කැඳවීම ලත් බැවින්, ඔබ ද ඒ ඇදහිලිවතුන්ගේ සංබ්‍යාවට අයිති ය. දෙවියන් වහන්සේට ප්‍රිය වූ, උන් වහන්සේට කැප කරන ලද සෙනඟක් වන රෝමයෙහි සිටින ඔබ හැම දෙනා වෙත මෙය ලියා එවමි. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා!

බෙදාගන්න
රෝම 1 කියවන්න

රෝම 1:1-7 Sinhala New Revised Version 2018 (SNRV)

ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, උන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීම පිණිස අපෝස්තුළුවරයෙකු වීමට දේව වරමින් කැඳවීම ලත්, පාවුලු වෙ‍තිනි. බොහෝ කලකට පෙර දෙවියන් වහන්සේ ස්වකීය දිවැසිවරයන් මඟින් ඒ සුබ අස්න ගැන ශුද්ධ ලියවිල්ලෙහි පොරොන්දු දුන් සේක. ඒ සුබ අස්න උන් වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ ව ය. පරපුර අනුව බලන විට උන් වහන්සේ දාවිත් රජුගේ පෙළපතෙහි උපන් සේක; එහෙත්, පාරිශුද්ධභාවයේ ආත්මයාණන් කරණකොටගෙන මරණයෙන් උත්ථාන වීම නිසා දේව පුත්‍රයාණන් බවට ප්‍රබල සාක්ෂියක් වූ සේක. සියලු ජාතීන් ඇදහිල්ලට පමුණුවන පිණිස ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් අපෝස්තුළුවරයෙකු වීමේ වරම මම උන් වහන්සේ අතින් ලදිමි. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් කැඳවීම ලත් බැවින්, ඔබ ද ඒ ඇදහිලිවතුන්ගේ සංබ්‍යාවට අයිති ය. දෙවියන් වහන්සේට ප්‍රිය වූ, උන් වහන්සේට කැප කරන ලද සෙනඟක් වන රෝමයෙහි සිටින ඔබ හැම දෙනා වෙත මෙය ලියා එවමි. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා!

බෙදාගන්න
රෝම 1 කියවන්න