එළිදරව් 7:2-4
එළිදරව් 7:2-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට තවත් දේව දූතයෙක් ජීවමාන දෙවියන්වහන්සේගේ මුද්‍රාව රැගෙන, හිරු නැගෙන දෙසින් නැගී එනු දුටුවෙමි. ඔහු උස් හඬ නගා, ගොඩ බිමටත්, මුහුදටත් හානි කරන්නට බලය ලැබ සිටි දේව දූතයින් හතරදෙනා අමතමින්, “අපගේ දෙවියන්වහන්සේගේ දාසයින්ගේ නළල්වල මුද්‍රාවක් තබන තුරු, ගොඩ බිමටවත්, මුහුදටවත්, ගස්වලටවත් හානි නො කරන්නැ” යි කීවේ ය. එසේ මුද්‍රා තබනු ලැබූවන්ගේ ගණන මට ඇසිණි. ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍ර සියල්ලෙන් මුද්‍රා තබනු ලැබූවන්ගේ ගණන එක්ලක්ෂ හතළිස්හතර දහසකි.
එළිදරව් 7:2-4 Sinhala Revised Old Version (SROV)
තවත් දේවදූතයෙක් ජීවමාන දෙවියන්වහන්සේගේ මුද්‍රාව රැගෙන, නැගෙනහිර දිසාවෙන් නගිනවා දුටිමි. ඔහුද ගොඩටත් මුහුදටත් අනතුරුකරන්ට බලය ලත් දේවදූතයන් සතරදෙනාට මහත් ශබ්දයකින් හඬගසා: අපේ දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ නළල්වල මුද්‍රා තබන තුරු, ගොඩටවත් මුහුදටවත් ගස්වලටවත් අනතුරු නොකරන්නැයි කීය. තවද මුද්‍රාකරනු ලැබූවන්ගේ ගණන ඇසීමි, ඉශ්රායෙල් පුත්‍රයන්ගේ සියලු ගෝත්‍රවලින් මුද්‍රාකරනු ලැබූ අය එක්ලක්ෂ සතළිස් සාරදහසක්ය.
එළිදරව් 7:2-4 Sinhala New Revised Version (NRSV)
එවිට තවත් දේව දුතයෙකු ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන පෙරදිගින් නැඟී එනු දිටිමි. ඔහු ගොඩටත් මුහුදටත් අනතුරු කරන්නට බලය ලත් දේව දූතයන් සතර දෙනාට මහ හඬකින් මොරගසා, “අපේ දෙවියන් වහන්සේගේ සේවකයන්ගේ නළල් මත මුද්‍රා සලකුණ තබන තුරු, ගොඩට වත්, මුහුදට වත්, ගස්වලට වත් අනතුරක් නොකරන්නැ”යි කී ය. තවද, මුද්‍රා සලකුණ ලත් අයගේ ගණන මට ඇසුණේ ය. සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මුද්‍රා සලකුණු ලත් අය එක් ලක්ෂ සතළිස් සාර දහසක් වූ හ.
එළිදරව් 7:2-4 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට තවත් දේව දූතයෙකු ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන පෙරදිගින් නැඟී එනු දිටිමි. ඔහු ගොඩටත් මුහුදටත් අනතුරු කරන්නට බලය ලත් දේව දූතයන් සතර දෙනාට මහ හඬකින් මොරගසා, “අපේ දෙවියන් වහන්සේගේ සේවකයන්ගේ නළල් මත මුද්‍රා සලකුණ තබන තුරු, ගොඩට වත්, මුහුදට වත්, ගස්වලට වත් අනතුරක් නොකරන්නැ”යි කී ය. තවද, මුද්‍රා සලකුණ ලත් අයගේ ගණන මට ඇසුණේ ය. සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මුද්‍රා සලකුණු ලත් අය එක් ලක්ෂ සතළිස් සාර දහසක් වූ හ.
එළිදරව් 7:2-4 New International Version (NIV)
Then I saw another angel coming up from the east, having the seal of the living God. He called out in a loud voice to the four angels who had been given power to harm the land and the sea: “Do not harm the land or the sea or the trees until we put a seal on the foreheads of the servants of our God.” Then I heard the number of those who were sealed: 144,000 from all the tribes of Israel.