එළිදරව් 3:15-22
එළිදරව් 3:15-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මම ඔබේ වැඩ දනිමි; ඔබ සිසිල් ව හෝ උණුසුම් ව හෝ නැත. ඔබ සිසිල් ව හෝ උණුසුම් ව හෝ සිටියි නම් කැමැත්තෙමි! මෙසේ, ඔබ උණුසුම් ව හෝ සිසිල් ව හෝ නො සිට ඇල්මැරුණු ගතියෙන් යුතු බැවින්, මගේ මුවින් මම ඔබ වමාරන්නෙමි. ‘මා ධනවත් ය; මා ධනය අත්කර ගෙන ඇත. කිසිවකින් මට අඩුවක් නැතැ’ යි ඔබ කියන්නේ ඔබගේ කාලකණ්ණි, දුක්ඛිත, දුගී, අන්ධ හා නග්න භාවය අවබෝධ කර ගෙන නො වේ. ඔබ ධනවත් වන පිණිස, ගින්නෙන් පවිත්‍ර කරන ලද රන් ද ඔබට ඇඳගන්නට හා ලජ්ජා සහගත ඔබගේ නග්න භාවය නො පෙනෙන පිණිස, සුදු ඇඳුම් ද දකින්නට හැකි වන පිණිස, ඔබේ ඇස්වල තවරා ගන්නට නෙතු ආලේප ද මගෙන් මිලයට ගන්නා ලෙස මම ඔබට අවවාද කරමි. “මා ප්‍රේම කරන අයට මම තරවටු කොට හික්මවමි. එබැවින් උද්යෝගිමත් වන්න. පසුතැවිලි වන්න. මෙන්න! මම දොර ළඟ සිටගෙන, තට්ටු කරමි. මගේ කටහඬ අසා යමෙක් දොර අරින්නේ නම්, මම ඇතුළු ව ඔහු හා එක් ව අහර ගන්නෙමි. ඔහු ද මා සමඟ අහර ගනු ඇත. “ජයගන්නාට මා සමඟ මගේ සිංහාසනයේ හිඳගැනීමේ වරම මා දෙන්නේ, මා ජය ගෙන මගේ පියාණන්වහන්සේගේ සිහසුනේ උන්වහන්සේ සමඟ හිඳගත් අයුරිනි. ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා!” යි කී සේක.
එළිදරව් 3:15-22 Sinhala Revised Old Version (SROV)
එනම්, මම නුඹේ ක්‍රියා දනිමි, නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ නොසිටින බවද දනිමි. නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ සිටිනවාට කැමැත්තෙමි. නුඹ උෂ්ණව හෝ ශීතලව හෝ නොසිට ඇල්මැරී සිටින බැවින් මාගේ මුඛයෙන් නුඹ වමාරන්නෙමි. කාලකණ්ණියාද දුක්ඛිතයාද දිළින්දාද අන්ධයාද නග්නව සිටින්නාද නුඹම බව නුඹ නොදැන: මම ධනවත්ය, මට ධනය ඇත්තේය, කිසි දෙයකින් හිඟයක් නැතැයි නුඹ කියන බැවින්, නුඹ ධනවත්වන පිණිස ගින්නෙන් පවිත්‍රකරනලද රන්ද, නුඹේ නග්නභාවයේ ලජ්ජාව ප්‍රකාශ නොවන පිණිස හැඳගන්ට සුදු වස්ත්‍රද, නුඹේ ඇස් පෙනෙන පිණිස ඇස්වල ගාගන්ට අඳුන්ද මාගෙන් ලබාගන්ට නුඹට අවවාදකරමි. මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න. මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය. මම ජයගෙන මාගේ පියාණන්වහන්සේ සමඟ උන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත් සේම, ජයගන්නාටත් මාගේ සිංහාසනයෙහි මා සමඟ ඉඳගන්ට දෙන්නෙමි. ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා.
එළිදරව් 3:15-22 Sinhala New Revised Version (NRSV)
මම ඔබේ ක්‍රියා දනිමි. ඔබ ශීතල ගතියෙන් වත් උණුසුම් ගතියෙන් වත් නොසිටින බව මම දනිමි. ඔබ ශීතල ව හෝ උණුසුම් ව හෝ සිටියා නම් මම කැමැත්තෙමි. ඔබ උණුසුම් ව හෝ ශීතල ව හෝ නොසිට, ඇල්මැරී සිටින බැවින් මම මාගේ මුඛයෙන් ඔබ වමාරන්නෙමි. ‘මම ධනවත් ය, මට මහත් සම්පත් ඇත. මට කිසි හිඟයක් නැතැ’යි ඔබ කියන්නහු ය. එහෙත්, ඔබ කාලකණ්ණියෙකි, දුඃඛිතයෙකි, දිළින්දෙකි, අන්ධයෙකි, නග්නය, මේ කිසිවක් ඔබ නොදන්නහු ය. එහෙයින් ඔබ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කළ රන් ද, නග්න භාවයේ විළිලජ්ජාව එළි නොවන පිණිස ඇඳගන්නට ධවල වස්ත්‍ර ද, ඇස් පෙනෙන පිණිස ආලේප කිරීමට අඳුන් ද, මාගෙන් මිලට ගන්නා ලෙස මම අවවාද කරමි. මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න. මෙන්න, මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී, ඔහු සමඟ කෑම කන්නෙමි. ඔහු ද මා සමඟ කෑම කන්නේ ය. මා ජයගෙන, පියාණන් වහන්සේ සමඟ, උන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන්, ජයග්‍රාහකයාට ද මාගේ සිංහාසනයෙහි මා සමඟ හිඳගැන්මට දෙන්නෙමි. ‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා!’ “
එළිදරව් 3:15-22 Sinhala New Revised Version 2018 (SNRV)
මම ඔබේ ක්‍රියා දනිමි. ඔබ ශීතල ගතියෙන් වත් උණුසුම් ගතියෙන් වත් නොසිටින බව මම දනිමි. ඔබ ශීතල ව හෝ උණුසුම් ව හෝ සිටියා නම් මම කැමැත්තෙමි. ඔබ උණුසුම් ව හෝ ශීතල ව හෝ නොසිට, ඇල්මැරී සිටින බැවින් මම මාගේ මුඛයෙන් ඔබ වමාරන්නෙමි. ‘මම ධනවත් ය, මට මහත් සම්පත් ඇත. මට කිසි හිඟයක් නැතැ’යි ඔබ කියන්නහු ය. එහෙත්, ඔබ කාලකණ්ණියෙකි, දුඃඛිතයෙකි, දිළින්දෙකි, අන්ධයෙකි, නග්නය, මේ කිසිවක් ඔබ නොදන්නහු ය. එහෙයින් ඔබ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කළ රන් ද, නග්න භාවයේ විළිලජ්ජාව එළි නොවන පිණිස ඇඳගන්නට ධවල වස්ත්‍ර ද, ඇස් පෙනෙන පිණිස ආලේප කිරීමට අඳුන් ද, මාගෙන් මිලට ගන්නා ලෙස මම අවවාද කරමි. මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න. මෙන්න, මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී, ඔහු සමඟ කෑම කන්නෙමි. ඔහු ද මා සමඟ කෑම කන්නේ ය. මා ජයගෙන, පියාණන් වහන්සේ සමඟ, උන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන්, ජයග්‍රාහකයාට ද මාගේ සිංහාසනයෙහි මා සමඟ හිඳගැන්මට දෙන්නෙමි. ‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා!’ ”
එළිදරව් 3:15-22 New International Version (NIV)
I know your deeds, that you are neither cold nor hot. I wish you were either one or the other! So, because you are lukewarm—neither hot nor cold—I am about to spit you out of my mouth. You say, ‘I am rich; I have acquired wealth and do not need a thing.’ But you do not realize that you are wretched, pitiful, poor, blind and naked. I counsel you to buy from me gold refined in the fire, so you can become rich; and white clothes to wear, so you can cover your shameful nakedness; and salve to put on your eyes, so you can see. Those whom I love I rebuke and discipline. So be earnest and repent. Here I am! I stand at the door and knock. If anyone hears my voice and opens the door, I will come in and eat with that person, and they with me. To the one who is victorious, I will give the right to sit with me on my throne, just as I was victorious and sat down with my Father on his throne. Whoever has ears, let them hear what the Spirit says to the churches.”