එළිදරව් 22:8-9
එළිදරව් 22:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ දෑ ඇසූ, දුටු තැනැත්තා යොහන් වන මම ය. ඒවා ඇසූ, දුටු පසු ඒ දෑ මට පෙන් වූ දේව දූතයාට නමස්කාර කරන්නට මම ඔහු පාමුල වැටුණෙමි. එහෙත් ඔහු කතා කරමින්, “ඔබ එසේ නො කළ යුතුයි; මා ඔබත්, ඔබේ සහෝදර දිවැසිවරුනුත් මේ පොතේ වචන රක්ෂා කරන්නනුත් සමඟ පංගුකාර සේවකයෙක්; දෙවියන්වහන්සේට නමස්කාර කරන්නැ” යි පැවසී ය.
එළිදරව් 22:8-9 Sinhala Revised Old Version (SROV)
මේ දේ ඇසුවාවූ දුටුවාවූ තැනැත්තා යොහන් නම් මමය. මම ඇසූ දුටු කල මේ දේ මට පෙන්වූ දේවදූතයාට නමස්කාරකරන්ට ඔහුගේ පාමුල වැටුණෙමි. ඔහු මට කථාකොට: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද නුඹේ සහෝදරවූ ප්රොපේතවරුන්ගේද මේ පොතේ වචන රක්ෂාකරන්නන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්නැයි කීවේය.
එළිදරව් 22:8-9 Sinhala New Revised Version (NRSV)
මේ සියල්ල ඇසූ දුටු තැනැත්තා ජොහන් වන මම ය. එවිට මා ඇසූ දුටු දේ මට පෙන්වූ දේව දූතයාට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුණෙමි. ඔහු මට කතා කොට, “මට නමස්කාර නොකරන්න. මම ඔබේ ද, ඔබේ සහෝදර දිවැසිවරයන්ගේ ද මේ පොතේ වචන පිළිපදින්නන්ගේ ද හවුල් සේවකයෙක් වෙමි. දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන්නැ”යි කී ය.
එළිදරව් 22:8-9 Sinhala New Revised Version 2018 (SNRV)
මේ සියල්ල ඇසූ දුටු තැනැත්තා ජොහන් වන මම ය. එවිට මා ඇසූ දුටු දේ මට පෙන්වූ දේව දූතයාට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුණෙමි. ඔහු මට කතා කොට, “මට නමස්කාර නොකරන්න. මම ඔබේ ද, ඔබේ සහෝදර දිවැසිවරයන්ගේ ද මේ පොතේ වචන පිළිපදින්නන්ගේ ද හවුල් සේවකයෙක් වෙමි. දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන්නැ”යි කී ය.
එළිදරව් 22:8-9 New International Version (NIV)
I, John, am the one who heard and saw these things. And when I had heard and seen them, I fell down to worship at the feet of the angel who had been showing them to me. But he said to me, “Don’t do that! I am a fellow servant with you and with your fellow prophets and with all who keep the words of this scroll. Worship God!”