එළිදරව් 21:21-22
එළිදරව් 21:21-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පුර දොරටු දොළොස, මුතු දොළොසකි. හැම දොරටුවක් ම තනි මුතුවකින් නිමවා තිබිණි. පුර වීදිය විනිවිද පෙනෙන වීදුරු වැනි පවිත්ර රනින් යුතු විණි. පුරවරය තුළ දේව මාලිගයක් මා දැක්කේ නැත. මන්ද සියලු බලැති දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ හා බැටළු පැටවාණෝ ම එහි දේව මාලිගය ය.
එළිදරව් 21:21-22 Sinhala Revised Old Version (SROV)
දොරටු දොළොස මුතු දොළොසක්ය; එක එක දොරටුව එක එක මුතුඇටයකින් සාදා තිබුණේය. නුවර වීථිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පවිත්ර රන්ය. මම එහි දේවමාළිගාවක් නුදුටිමි. මක්නිසාද සර්වපරාක්රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේද බැටළුපැටවාණෝද එහි දේවමාළිගාවය.
එළිදරව් 21:21-22 Sinhala New Revised Version (NRSV)
දොරටු දොළොස මුතු දොළොසකි. එක එක දොරටුව එක එක මුතු ඇටයකින් සාදා තිබිණි. නුවර වීදිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පිරිසිදු රන් ය. මම එහි දේව මාලිගාවක් නොදිටිමි. මන්ද, සර්ව පරාක්රම දෙවි ස්වාමීන් වහන්සේත්, බැටළු පෝතකයාණෝත් ඒ දේව මාලිගාව වූ සේක.
එළිදරව් 21:21-22 Sinhala New Revised Version 2018 (SNRV)
දොරටු දොළොස මුතු දොළොසකි. එක එක දොරටුව එක එක මුතු ඇටයකින් සාදා තිබිණි. නුවර වීදිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පිරිසිදු රන් ය. මම එහි දේව මාලිගාවක් නොදිටිමි. මන්ද, සර්ව පරාක්රම දෙවි ස්වාමීන් වහන්සේත්, බැටළු පෝතකයාණෝත් ඒ දේව මාලිගාව වූ සේක.
එළිදරව් 21:21-22 New International Version (NIV)
The twelve gates were twelve pearls, each gate made of a single pearl. The great street of the city was of gold, as pure as transparent glass. I did not see a temple in the city, because the Lord God Almighty and the Lamb are its temple.