එළිදරව් 2:20
එළිදරව් 2:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එහෙත් තමා දිවැසිවරියකැයි ඇය ම කියා ගන්නා, අර යෙසෙබෙල් ස්ත්‍රියට අවකාශ දීම ඔබට එරෙහිව මට තියේ. ඈ සිය ඉගැන්වීම් මගින් ලිංගික අනාචාරකම් කිරීමටත්, පිළිමවලට යාග කළ පිදේනි කෑමටත් මගේ දාසයින් නොමග යවන්නී ය.
බෙදාගන්න
එළිදරව් 2 කියවන්නඑළිදරව් 2:20 Sinhala Revised Old Version (SROV)
නුමුත් නුඹට විරුද්ධව මේ කාරණය මට ඇත්තේය, එනම්, තමාම අනාගතවක්ත්‍රියෙකැයි කියාගන්නාවූ ස්ත්‍රී වන යෙශබෙල්ට නුඹ අවකාශ දෙන්නෙහිය; ඈ වනාහි වේශ්‍යාකම්කරන්ටද දේවතා රූපවලට පූජාකළ දේ කන්ටද මාගේ මෙහෙකරුවන්ට උගන්වා මුළාකරන්නීය.
බෙදාගන්න
එළිදරව් 2 කියවන්නඑළිදරව් 2:20 Sinhala New Revised Version (NRSV)
එහෙත් ඔබට විරුද්ධ ව මේ චෝදනාව මට ඇත. තමා දිවැස්වරියකැ යි කියාගන්නා ජෙසබෙල් නම් ස්ත්‍රියට ඔබ අනුබල දෙන්නහු ය. කාමමිථ්‍යාචාරය කරන්නට ද දේවතා රූපවලට පිදූ පිදේනි කන්නට ද උගන්වමින් ඈ මාගේ සේවකයන් මුළා කරන්නී ය.
බෙදාගන්න
එළිදරව් 2 කියවන්න