ගීතාවලිය 99:1-3
ගීතාවලිය 99:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේරජකම් කරන සේක, ජාතීහු වෙවුලත්වා! උන්වහන්සේ කෙරුබ්වරුන්ට මැදි ව, සිංහාසනාරූඪ ව සිටින සේක. පොළොව සලිත වෙත්වා! සියොනෙහි ස්වාමින්වහන්සේ උතුම් ය; සියලු ජාතීන්ට ඉහළින් උන්වහන්සේ උසස් ව සිටින්නාහ. ඔබගේ උත්තම වූත්, භයංකර වූත් නාමයට ඔවුහු ප්‍රශංසා කරත්වා! උන්වහන්සේ පාරිශුද්ධ ය.
ගීතාවලිය 99:1-3 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; මනුෂ්‍ය වර්ගයෝ වෙවුලත්වා. උන්වහන්සේ කෙරුබිම් පිට වැඩහිඳිනසේක; පොළොව සෙලවේවා. ස්වාමීන්වහන්සේ සියොන්හි උතුම්ය; උන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා උසස්ය. ඔව්හු ඔබගේ උතුම්වූ භයංකරවූ නාමයට ප්‍රශංසාකෙරෙත්වා; උන්වහන්සේ ශුද්ධසේක.
ගීතාවලිය 99:1-3 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ රජකම් කරන සේක. විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය. එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක. මිහිතලය කම්පා වන්නේ ය. සමිඳාණෝ සියොන් කන්දෙහි උතුම් වන සේක; සියලු ජාතීන්ට ඉහළින් වැජඹෙන සේක. අති උතුම් තෙද බලැති එතුමන්ගේ නාමය සියල්ලෝ පසසන්නෝ ය. එතුමාණෝ සුවිශුද්ධ වන සේක.
ගීතාවලිය 99:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණෝ රජකම් කරන සේක. විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය. එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක. මිහිතලය කම්පා වන්නේ ය. සමිඳාණෝ සියොන් කන්දෙහි උතුම් වන සේක; සියලු ජාතීන්ට ඉහළින් වැජඹෙන සේක. අති උතුම් තෙද බලැති එතුමාණන්ගේ නාමය සියල්ලෝ පසසන්නෝ ය. එතුමාණෝ සුවිශුද්ධ වන සේක.