ගීතාවලිය 96:1-6 - Compare All Versions
ගීතාවලිය 96:1-6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ගයන්න; මිහි පිට සියල්ලෙනි, ස්වාමින්වහන්සේට ගී ගයන්න. ස්වාමින්වහන්සේට ගී ගයන්න; උන්වහන්සේගේ නාමය පසසන්න; දවසක් නෑර උන්වහන්සේගේ ගැලවීම ප්‍රකාශ කරන්න. උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේ ද උන්වහන්සේගේ ආශ්චර්යවත් ක්‍රියා සියලු ජනයා අතරේ ද පතළ කරන්න. මන්ද ස්වාමින්වහන්සේ උතුම් ය; අතිශයෙන් පැසසුම ලැබිය යුත්තාණෝ ය; සියලු දෙවිවරුනට ඉහළින් භය විය යුතු උන්වහන්සේට ය. මන්ද ඒ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරු, පිළිම රූප පමණක් වේ. එහෙත් අහස් මණ්ඩල මැවුවේ ස්වාමින්වහන්සේ ය. ශෝභාශ්‍රීයත්, රාජශ්‍රීයත් උන්වහන්සේ ඉදිරියේ ය; ශක්තිය හා අලංකාරය උන්වහන්සේගේ ශුද්ධස්ථානයේ ය.
ගීතාවලිය 96:1-6 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගීතිකාකරව්; පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ගීතිකාකරව්. ස්වාමීන්ට ගීතිකාකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්; උන්වහන්සේ දෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්. උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේද උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද ප්‍රකාශ කරව්. මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ ප්‍රශංසනීයය; උන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා භයංකරය. මනුෂ්‍ය වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක. ගෞරවයත් මහිමතාවත් උන්වහන්සේ ඉදිරියෙහිය. ශක්තියත් අලංකාරයත් උන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිය.
ගීතාවලිය 96:1-6 NRSV (Sinhala New Revised Version)
සමිඳුන් හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න. සමිඳුන් හට ගී ගයා, එතුමන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න. විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; ජනතාවන් අතර එතුමන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න. සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය; සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය. ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම දෙව් ලොව මැවූ සේක. ගෞරවය ද තේජස ද එතුමන් අබිමුව පවත්නේ ය; ශක්තිය ද ශෝභාව ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය.
ගීතාවලිය 96:1-6 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න. සමිඳුන් හට ගී ගයා, එතුමාණන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමාණන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න. විජාතීන් අතර එතුමාණන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; ජනතාවන් අතර එතුමාණන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න. සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය; සියලු දෙවිවරුන්ට වඩා එතුමාණන්ට ගරුබිය පෑ යුතු ය. ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම දෙව් ලොව මැවූ සේක. ගෞරවය ද තේජස ද එතුමාණෝ අබිමුව පවත්නේ ය; ශක්තිය ද ශෝභාව ද එතුමාණන්ගේ මැදුරෙහි ඇත්තේ ය.
ගීතාවලිය 96:1-6 NIV (New International Version)
Sing to the LORD a new song; sing to the LORD, all the earth. Sing to the LORD, praise his name; proclaim his salvation day after day. Declare his glory among the nations, his marvelous deeds among all peoples. For great is the LORD and most worthy of praise; he is to be feared above all gods. For all the gods of the nations are idols, but the LORD made the heavens. Splendor and majesty are before him; strength and glory are in his sanctuary.