ගීතාවලිය 95:3-7
ගීතාවලිය 95:3-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද ස්වාමින්වහන්සේ, උත්තම දෙවියන්වහන්සේ ය, සියලු දෙවිවරුනට ඉහළින් උත්තම රජිඳාණෝ ය. පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතේ ය; කඳු ශිඛර අයිති උන්වහන්සේට ය. මහ මුහුද උන්වහන්සේගේ ය. එය උන්වහන්සේගේ නිර්මාණයකි, වියළි බිම ද උන්වහන්සේගේ දෑතේ නිර්මාණයකි. එන්න, නමස්කාරයෙන් යුතු ව අපි වැඳ වැටෙමු, අපගේ මැවුම්කරුවාණන් වූ ස්වාමින්වහන්සේ ඉදිරියේ අපි දණින් වැටෙමු; උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේ ය; උන්වහන්සේගෙන් පෝෂණය ලබන ජනයා ද උන්වහන්සේගේ රැකවරණය යටතේ වන බැටළුවෝ ද අප ය.
ගීතාවලිය 95:3-7 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දෙවිකෙනෙක්ය, සියලු දෙවිවරුන්ට වඩා මහත් රජකෙනෙක්ය. පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතෙහිය; කඳු ශිඛරද උන්වහන්සේගේය. මුහුද උන්වහන්සේගේය, උන්වහන්සේ එය මැවූසේක; උන්වහන්සේ ස්වකීය අත්වලින් වියළි බිම තැනූසේක. එව්, නමස්කාරකරමින් වැඳමී වැටෙමු; අපේ මැවුම්කාර ස්වාමින් ඉදිරියේ දණගසමු. මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනඟය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය. අද දවසේ නුඹලා උන්වහන්සේගේ හඬට කීකරුවන්නහුනම් යහපත!
ගීතාවලිය 95:3-7 Sinhala New Revised Version (NRSV)
මන්ද, සමිඳාණෝ, බලසම්පන්න දෙවිඳාණෝ වන සේක; උතුම් දේවාතිදෙවිඳාණෝ වන සේක. මිහිතල ගැඹුරු තැන් එතුමන් අතෙහි ය; කඳු ශිඛර එතුමන්ගේ ය. එතුමාණන් මුහුද සෑදූ බැවින් එය එතුමාණන්ගේ ය; එතුමන් වියළි බිම් ද සෑදූ බැවින් එය ද එතුමන්ගේ ය. එන්න, හිස නමා එතුමන් හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු. එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය. අපි එතුමන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත!
ගීතාවලිය 95:3-7 Sinhala New Revised Version 2018 (SNRV)
මන්ද, සමිඳාණෝ, බලසම්පන්න දෙවිඳාණෝ වන සේක; උතුම් දේවාතිදෙවිඳාණෝ වන සේක. මිහිතල ගැඹුරු තැන් එතුමාණෝ අතෙහි ය; කඳු ශිඛර එතුමාණන්ගේ ය. එතුමාණන් මුහුද සෑදූ බැවින් එය එතුමාණන්ගේ ය; එතුමාණෝ වියළි බිම් ද සෑදූ බැවින් එය ද එතුමාණන්ගේ ය. එන්න, හිස නමා එතුමාණෝ හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු. එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය. අපි එතුමාණන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත!
ගීතාවලිය 95:3-7 New International Version (NIV)
For the LORD is the great God, the great King above all gods. In his hand are the depths of the earth, and the mountain peaks belong to him. The sea is his, for he made it, and his hands formed the dry land. Come, let us bow down in worship, let us kneel before the LORD our Maker; for he is our God and we are the people of his pasture, the flock under his care.