ගීතාවලිය 91:9-11
ගීතාවලිය 91:9-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ රැකවරණය වූ ස්වාමින්වහන්සේ, එනම්, මහෝත්තමයාණන්, ඔබගේ වාසස්ථානය කර ගන්නේ නම්, කිසි උපද්‍රවයක් ඔබ පිට නො පැමිණෙනු ඇත, කිසි විපත්තියක් ඔබේ කූඩාරමට ළං නො වනු ඇත. මන්ද ඔබගේ හැම මාර්ගයක ම ඔබ ආරක්ෂා කරන්නට උන්වහන්සේ තම දූතයිනට ඔබ ගැන අණ දෙන සේක.
ගීතාවලිය 91:9-11 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ස්වාමිනි, ඔබ මාගේ රක්ෂාස්ථානයය. නුඹ මහෝත්තමයාණන් නුඹේ වාසස්ථානය කරගත්තෙහිය; නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය. මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අණදෙනසේක.
ගීතාවලිය 91:9-11 Sinhala New Revised Version (NRSV)
ඔබ, සමිඳාණන් තුළ ඔබේ රැකවරණය තැබුවෙහි ය. පරමෝත්තමයාණන් ඔබේ වාසභවනය කරගත්තෙහි ය. එවිට ඔබට කිසි උවදුරක් නොවන්නේ ය; ඔබේ නිවෙසට කිසියම් වසංගතයක් ළං නොවන්නේ ය. ඔබ ගන්න සෑම පියවරක දී ඔබ රක්නා පිණිස, එතුමාණෝ සිය දූතයන්ට අණ දෙන සේක.
ගීතාවලිය 91:9-11 Sinhala New Revised Version 2018 (SNRV)