ගීතාවලිය 91:14-15 - Compare All Versions

ගීතාවලිය 91:14-15 SROV (Sinhala Revised Old Version)

ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි. ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 91 SROV

ගීතාවලිය 91:14-15 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, “ඔහු මට ප්‍රේම කරන නිසා, මම ඔහු මුදා ගන්නෙමි. ඔහු මගේ නාමය පිළිගන්න නිසා, මම ඔහු ආරක්ෂා කරන්නෙමි. ඔහු මා අමතන කල, මම ඔහුට උත්තර දෙන්නෙමි; කරදර විපත්හි දී මම ඔහු සමඟ සිටින්නෙමි; මම ඔහු මුදා ගෙන, ඔහු ගෞරවයට පමුණුවමි.

බෙදාගන්න
ගීතාවලිය 91 SCV

ගීතාවලිය 91:14-15 NRSV (Sinhala New Revised Version)

සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ඔහු මට ප්‍රේම කරන්නේ නම්, මම ඔහුට විමුක්තිය දෙන්නෙමි. ඔහු මාගේ නාමය පිළිගන්නේ නම්, මම ඔහු රැකගන්නෙමි. ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 91 NRSV

ගීතාවලිය 91:14-15 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ඔහු මට ප්‍රේම කරන්නේ නම්, මම ඔහුට විමුක්තිය දෙන්නෙමි. ඔහු මාගේ නාමය පිළිගන්නේ නම්, මම ඔහු රැකගන්නෙමි. ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 91 SNRV

ගීතාවලිය 91:14-15 NIV (New International Version)

“Because he loves me,” says the LORD, “I will rescue him; I will protect him, for he acknowledges my name. He will call on me, and I will answer him; I will be with him in trouble, I will deliver him and honor him.

බෙදාගන්න
ගීතාවලිය 91 NIV