ගීතාවලිය 90:3-6
ගීතාවලිය 90:3-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ මිනිසුන් යළි දූවිල්ලට හරවා යවන්නේ, “එම්බා මිනිසුනි, ආපසු දූවිල්ලට ම!” කියමිනි. අවුරුදු දහසක්, ඔබගේ ඇස් ඉදිරියේ ගෙවී ගිය ඊයේ දවස වැන්න, රැයේ එක් යාමයක් වැන්න. ඔබ මිනිසුන් සැඩ පහරකින් මෙන් ගෙන යන සේක. ඔවුහු සිහිනයක් මෙන් පහ වී යති. ඔවුන් උදෑසන හටගන්නා නව තෘණ වැන්න: උදෑසන ඒවා අලුතින් හට ගන්න නමුදු, හවස් වෙද්දී වියළී, හැකිළී යයි.
ගීතාවලිය 90:3-6 Sinhala Revised Old Version (SROV)
ඔබ මනුෂ්‍යයා විනාශයට හරවමින්: මනුෂ්‍ය පුත්‍රයෙනි, හැරී වරෙව්යයි කියනසේක. මක්නිසාද ඔබ ඉදිරියෙහි අවුරුදු දහසක් පසුවූ ඊයේ දවසටත් රෑ යාමයකටත් සමානය. ඔබ සැඩපාරකින් මෙන් ඔවුන් ගෙනයනසේක; ඔව්හු නින්දක් මෙන්ය. උදය කාලයේදී ඔව්හු වැඩෙන්නාවූ තණකොළ සමානවෙති. උදයේ ඒවා සශ්‍රීකවෙමින් වැඩෙයි; සවස කපනු ලැබ වියළීයයි.
ගීතාවලිය 90:3-6 Sinhala New Revised Version (NRSV)
ඔබ මිනිසා යළි දූවිල්ලට හරවන සේක, “මිනිසුනි, දූවිල්ලට හැරේවා” කියා ඔබ වදාරන සේක. ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය, රැයේ එක යාමයක් වැනි ය. සැඬ පහරකින් මෙන් ඔබ මිනිසුන් ගෙන යන සේක; ඔව්හු සිහිනයක් මෙන් පහ වී යති; උදේ දලු දැමූ තණ පත හා සමාන වන්නෝ ය. උදේ ඒවා සරුසාර ලෙස වැඩෙන්නේ ය, සවස් කල පර වී වියළී යන්නේ ය.
ගීතාවලිය 90:3-6 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබ මිනිසා යළි දූවිල්ලට හරවන සේක, “මිනිසුනි, දූවිල්ලට හැරේවා” කියා ඔබ වදාරන සේක. ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය, රැයේ එක යාමයක් වැනි ය. සැඬ පහරකින් මෙන් ඔබ මිනිසුන් ගෙන යන සේක; ඔව්හු සිහිනයක් මෙන් පහ වී යති; උදේ දලු දැමූ තණ පත හා සමාන වන්නෝ ය. උදේ ඒවා සරුසාර ලෙස වැඩෙන්නේ ය, සවස් කල පර වී වියළී යන්නේ ය.
ගීතාවලිය 90:3-6 New International Version (NIV)
You turn people back to dust, saying, “Return to dust, you mortals.” A thousand years in your sight are like a day that has just gone by, or like a watch in the night. Yet you sweep people away in the sleep of death— they are like the new grass of the morning: In the morning it springs up new, but by evening it is dry and withered.