ගීතාවලිය 9:7-10
ගීතාවලිය 9:7-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ සදහට ම රජකම් කරන සේක; විනිශ්චය පිණිස උන්වහන්සේ තම සිංහාසනය ස්ථාපිත කළ සේක; ධර්මිෂ්ඨත්වයෙන් උන්වහන්සේ ලෝකයා විනිශ්චය කරන සේක; සාධාරණත්වයෙන් උන්වහන්සේ ජනයා ආණ්ඩු කරන සේක. ස්වාමින්වහන්සේ පීඩිත ජනයාට රක්ෂස්ථානයකි; දුක්-විපත් අවස්ථාවන්හි බළකොටුවකි. සැබවින් ම ඔබගේ නාමය හඳුනන්නෝ ඔබ තුළ විශ්වාසය තබති; මන්ද ස්වාමින්වහන්ස, ඔබගේ සරණ සොයා එන්නන් ඔබ කිසි දින අත්හැර නොමැත.
ගීතාවලිය 9:7-10 Sinhala Revised Old Version (SROV)
එහෙත් ස්වාමීන්වහන්සේ සදාකල්ම රජව වැඩහිඳිනසේක. උන්වහන්සේ තමන් සිංහාසනය විනිශ්චය පිණිස පිළියෙළකළසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් ලෝකයා විනිශ්චයකරනසේක, අවංකකමින් ජනයන්ට යුක්තිය සලස්වාදෙනසේක. ස්වාමීන්වහන්සේ පීඩා ඇත්තවුන්ට උස් කොටුවක් වනසේක, විපත්ති කාලවලදී උස් කොටුවක් වනසේක; ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාසකරන්නාහුය; මක්නිසාද ස්වාමිනි, ඔබ සොයන්නන් ඔබ අත්නෑරියසේක.
ගීතාවලිය 9:7-10 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ සිහසුන් අරා සදා වැඩ සිටින සේක; විනිසය පිණිස සිය සිහසුන පිහිටෙවු සේක. එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක; ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක. සමිඳාණෝ පීඩිතයන් හට උස් බලකොටුවකි; විපත්ති සමයෙහි මහ බලකොටුවකි. ඔබ පිළිගන්නෝ ඔබ විශ්වාස කරති. ඔබ සොයා එන්නන් ඔබ කිසි දා අත් නොහරින සේක.
ගීතාවලිය 9:7-10 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණෝ සිහසුන් අරා සදා වැඩ සිටින සේක; විනිසය පිණිස සිය සිහසුන පිහිටෙවු සේක. එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක; ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක. සමිඳාණෝ පීඩිතයන් හට උස් බලකොටුවකි; විපත්ති සමයෙහි මහ බලකොටුවකි. ඔබ පිළිගන්නෝ ඔබ විශ්වාස කරති. ඔබ සොයා එන්නන් ඔබ කිසි දා අත් නොහරින සේක.
ගීතාවලිය 9:7-10 New International Version (NIV)
The LORD reigns forever; he has established his throne for judgment. He rules the world in righteousness and judges the peoples with equity. The LORD is a refuge for the oppressed, a stronghold in times of trouble. Those who know your name trust in you, for you, LORD, have never forsaken those who seek you.