ගීතාවලිය 89:1-2 - Compare All Versions
ගීතාවලිය 89:1-2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැන මම සදහට ම ගායනා කරන්නෙමි; ඔබගේ විශ්වාසවන්තකම මම මගේ මුවින් සියලු පරම්පරාවලට දන්වමි. ඔබගේ නොමියෙන ප්‍රේමය සදා ස්ථාවර බැව් ද ඔබගේ විශ්වාසවන්තකම ස්වර්ගයෙහි ඔබ ස්ථාපන කළ බැව් ද මම ප්‍රකාශ කරන්නෙමි.
ගීතාවලිය 89:1-2 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්ගේ කරුණාවන් ගැන සදාකල් ගීතිකාකරන්නෙමි, මාගේ කටින් ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට දන්වන්නෙමි. මක්නිසාද: කරුණාව සදාකාලේටම පිහිටුවනු ලබන්නේය, ඔබගේ විශ්වාසකම ස්වර්ගයන්හිම ඔබ පිහිටුවනසේකැයි කීයෙමි.
ගීතාවලිය 89:1-2 NRSV (Sinhala New Revised Version)
සමිඳුනි, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි. ඔබේ තිර පෙම සදහට ම පවතින බව මම ඒකාන්තයෙන් ම පිළිගනිමි; ඔබේ විශ්වාසවන්තකම අහස මෙන් තිරසර බව මම දනිමි.
ගීතාවලිය 89:1-2 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්ස, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි. ඔබේ තිර පෙම සදහට ම පවතින බව මම ඒකාන්තයෙන් ම පිළිගනිමි; ඔබේ විශ්වාසවන්තකම අහස මෙන් තිරසර බව මම දනිමි.
ගීතාවලිය 89:1-2 NIV (New International Version)
I will sing of the LORD’s great love forever; with my mouth I will make your faithfulness known through all generations. I will declare that your love stands firm forever, that you have established your faithfulness in heaven itself.