ගීතාවලිය 88:1-9 - Compare All Versions
ගීතාවලිය 88:1-9 SROV (Sinhala Revised Old Version)
මාගේ ගැළවීමේ දෙවිවූ ස්වාමිනි, රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියේ මොර ගසා සිටියෙමි. මාගේ යාච්ඤාව ඔබ ඉදිරියට පැමිණේවා; ඔබගේ කන මාගේ මොරගැසීමට යොමුකළ මැනව. මක්නිසාද මාගේ ආත්මය දුකින් පිරී තිබේ, මාගේ ප්‍රාණය ෂෙයෝලට ළංවේ. වළට බසින්නන් සමඟ ගණන්ගනු ලබමි, පිහිටක් නැති කෙනෙකු මෙන් වෙමි. ඔබ විසින් තවත් සිහිනොකරන්නාවූ, ඔබගේ අත කෙරෙන් පහව ගියාවූ, මරනාලදුව මිනීවළේ නිදනවුන් මෙන්, මළවුන් අතරේ හරිනාලද්දෙමි. ඔබ ඉතා ගැඹුරු වළෙහි අඳුරු තැන්වලත් ගැඹුරු තැන්වලත් මා තැබූසේක. ඔබගේ උදහස මා පිට බරවේ, ඔබගේ සියලු රැළවලින් ඔබ මට පීඩා කළසේක. මා අඳුනන්නන් ඔබ මාගෙන් දුරු කළසේක; ඔවුන්ට මා පිළිකුලක් කළසේක. හිරකරනලදුව පිටත එන්ට නොහැක්කෙමි. පීඩාව නිසා මාගේ ඇස ක්ෂයවේ. ස්වාමිනි, දවස්පතා ඔබට යාච්ඤා කෙළෙමි, ඔබ දෙසට මාගේ අත් දිගුකෙළෙමි.
ගීතාවලිය 88:1-9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
අහෝ ස්වාමින්වහන්ස, මා ගැලවූ දෙවියන්වහන්ස, ඔබ ඉදිරියේ දිවා රැයේ මම හඬා වැටෙමි. මගේ යැදුම ඔබ අබියසට පැමිණේවා! මගේ හැඬුමට ඔබේ සවන් යොමු කළ මැනව. මන්ද මගේ ජීවිතය කරදරවලින් ගහන ය; මගේ දිවිය වළ පල්ලට කෙමෙන් ඇදේ. මා ගණන් ගනු ලබන්නේ මළවුන් අතරට ගිය එකකු සේ ය. මා පණ කෙන්දක් නැති මිනිසකු වැන්න. තවදුරටත් ඔබගේ මතකයට නො එන, ඔබේ අවධානයෙන් සිඳ දැමුණු, ඝාතන කර, මිනී වළට ඇද දැමූවකු පරිදි මළවුන් අතරේ මා අත්හැර දැමිණ. නරාවළේ පත්ලට ම මා හෙළූ ඔබවහන්සේ, එහි අන්ධකාර ගැඹුරට ම මා හෙළූ සේක. ඔබගේ උදහස මහ බරක් ව මා පිට පැටවේ; එහි රළ රැළිවලින් ඔබ මා යට කර දැමූ සේක. සෙලා ඔබවහන්සේ මගේ ළබැඳි මිතුරන් මවෙතින් ඈත් කළ සේක්, ඔවුන්ට මා පිළිකුලක් වන්නට සැලසූ සේක. මම කොටු වී සිටිමි; මට ගැලවී යා නො හැක. සෝ සන්තාපයෙන් මගේ ඇස් මලානික ව ගොසිනි
ගීතාවලිය 88:1-9 NRSV (Sinhala New Revised Version)
මාගේ දෙවි සමිඳුනි, මාගේ ගැළවුම්කාරයාණෙනි, දිවා කාලයේ මම ඔබට යදිමි; රෑ කාලයේ මම ඔබට හඬගසමි. මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා! මාගේ හඬට සවන් දුන මැනව. මාගේ සිත කරදරවලින් ගහණ වී ඇත්තේ ය. මාගේ ජීවිතය මිනී වළට ආසන්න ය, මරණාසන්න කෙනෙකු මෙන් මම ගණන්ගනු ලැබුවෙමි. මම දුබලයෙකු මෙන් වී ඇත්තෙමි. මළවුන් අතර ම උන් කෙනෙකු මෙන් මම අත්හරිනු ලැබුවෙමි; සොහොනේ තැන්පත් කරනු ලැබූ කෙනෙකු මෙන් මම වැටී සිටියෙමි; ඔබ විසින් සදහට ම අමතක කරන ලද ඔබේ සරණින් ඈත් වූවෙකු මෙන් වී සිටිමි. ඔබ මා පාතාලයේ පතුලට හෙළූ සේක. අඳුරු ගැඹුරු පෙදෙසට මා දැමූ සේක. ඔබේ උදහස මට මහ බරකි; ඔබේ කෝපාග්නිය මට පීඩා කරන්නේ ය. ඔබ මාගේ මිතුරන් මා වෙතින් ඈත් කළ සේක. මා ඔවුන්ට පිළිකුලක් මෙන් වන්නට හළ සේක. සිරගත වී සිටි බැවින් මට මිදී යා නොහැකි ය. කරදර නිසා මාගේ නෙත් අඳුරු වී ඇත්තේ ය. සමිඳුනි, මම දිනපතා ඔබ අයැදිමි; ඔබ වෙත මාගේ අත් ඔසවන්නෙමි.
ගීතාවලිය 88:1-9 SNRV (Sinhala New Revised Version 2018)
මාගේ දෙවි සමිඳාණන් වහන්ස, මාගේ ගැළවුම්කාරයාණෙනි, දිවා කාලයේ මම ඔබට යදිමි; රෑ කාලයේ මම ඔබට හඬගසමි. මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා! මාගේ හඬට සවන් දුන මැනව. මාගේ සිත කරදරවලින් ගහණ වී ඇත්තේ ය. මාගේ ජීවිතය මිනී වළට ආසන්න ය, මරණාසන්න කෙනෙකු මෙන් මම ගණන්ගනු ලැබුවෙමි. මම දුබලයෙකු මෙන් වී ඇත්තෙමි. මළවුන් අතර ම උන් කෙනෙකු මෙන් මම අත්හරිනු ලැබුවෙමි; සොහොනේ තැන්පත් කරනු ලැබූ කෙනෙකු මෙන් මම වැටී සිටියෙමි; ඔබ විසින් සදහට ම අමතක කරන ලද ඔබේ සරණින් ඈත් වූවෙකු මෙන් වී සිටිමි. ඔබ මා පාතාලයේ පතුලට හෙළූ සේක. අඳුරු ගැඹුරු පෙදෙසට මා දැමූ සේක. ඔබේ උදහස මට මහ බරකි; ඔබේ කෝපාග්නිය මට පීඩා කරන්නේ ය. ඔබ මාගේ මිතුරන් මා වෙතින් ඈත් කළ සේක. මා ඔවුන්ට පිළිකුලක් මෙන් වන්නට හළ සේක. සිරගත වී සිටි බැවින් මට මිදී යා නොහැකි ය. කරදර නිසා මාගේ නෙත් අඳුරු වී ඇත්තේ ය. සමිඳුනි, මම දිනපතා ඔබ අයැදිමි; ඔබ වෙත මාගේ අත් ඔසවන්නෙමි.
ගීතාවලිය 88:1-9 NIV (New International Version)
LORD, you are the God who saves me; day and night I cry out to you. May my prayer come before you; turn your ear to my cry. I am overwhelmed with troubles and my life draws near to death. I am counted among those who go down to the pit; I am like one without strength. I am set apart with the dead, like the slain who lie in the grave, whom you remember no more, who are cut off from your care. You have put me in the lowest pit, in the darkest depths. Your wrath lies heavily on me; you have overwhelmed me with all your waves. You have taken from me my closest friends and have made me repulsive to them. I am confined and cannot escape; my eyes are dim with grief.