ගීතාවලිය 86:9-12
ගීතාවලිය 86:9-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ විසින් සෑදූ සියලු ජාතීන් ඔබ අබියසට අවුත්, ඔබට නමස්කාර කරනු ඇත අහෝ ස්වාමිනි, ඔබගේ නාමයට ඔවුන් මහිමය ගෙනෙනු ඇත. මන්ද ඔබවහන්සේ උත්තම ය; ආශ්චර්යවත් දෑ කරන සේක. ඔබවහන්සේ පමණක් දෙවියන්වහන්සේ ය. ඉගැන්නුව මැනව මට ඔබගේ මාර්ග, අහෝ ස්වාමින්වහන්ස, එවිට මම ඔබගේ සත්‍යයෙහි ගමන් කරන්නෙමි. ඔබගේ නාමයට මා භය පක්ෂපාත වන පිණිස, නො බෙදුනු හදවතක් මට දුන මැනවි. අහෝ ස්වාමිනි, මගේ දෙවියන්වහන්ස, මගේ මුළු හදවතින් ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; සදහට ම ඔබගේ නාමය ගෞරවයට පමුණු වන්නෙමි.
ගීතාවලිය 86:9-12 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ ඉදිරියට ඇවිත් නමස්කාරකරමින්, ඔබගේ නාමයට ගෞරවකරන්නෝය. මක්නිසාද ඔබ උතුම්ය, ආශ්චර්ය ක්‍රියා කරනසේක. ඔබ පමණක් දෙවියන්වහන්සේය. ස්වාමිනි, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට භයවෙන පිණිස මාගේ සිත එකඟකළ මැනව. මාගේ දෙවිවූ ස්වාමිනි, මාගේ මුළු සිතින් ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකල් ඔබගේ නාමයට ගෞරව කරන්නෙමි.
ගීතාවලිය 86:9-12 Sinhala New Revised Version (NRSV)
මාගේ සමිඳුනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ වෙත පැමිණ ඔබට නමදින්නෝ ය. ඔව්හු ඔබේ නාමය පසසමින් ඔබට ගරු කරන්නෝ ය. ඔබ බලසම්පන්න ය, අරුමපුදුම දේ කරන සේක. ඔබ පමණක් දෙවිඳාණෝ ය. සමිඳුනි, ඔබේ සත්‍යයෙහි පමණක් ගමන් කරන පිණිස ඔබේ මාර්ගය මට පෙන්නුව මැනව. ඔබේ නාමයට ගරු කරන පිණිස හිතවත්කමින් ම හද එක් කළ මැනව. මාගේ දෙවි සමිඳුනි, හද පත්ලෙන් මම ඔබට තුති කරමි. ඔබේ නාමය සදහට ම වර්ණනා කරමි.
ගීතාවලිය 86:9-12 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ සමිඳුනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ වෙත පැමිණ ඔබට නමදින්නෝ ය. ඔව්හු ඔබේ නාමය පසසමින් ඔබට ගරු කරන්නෝ ය. ඔබ බලසම්පන්න ය, අරුමපුදුම දේ කරන සේක. ඔබ පමණක් දෙවිඳාණෝ ය. සමිඳුනි, ඔබේ සත්‍යයෙහි පමණක් ගමන් කරන පිණිස ඔබේ මාර්ගය මට පෙන්නුව මැනව. ඔබේ නාමයට ගරු කරන පිණිස හිතවත්කමින් ම හද එක් කළ මැනව. මාගේ දෙවි සමිඳුනි, හද පත්ලෙන් මම ඔබට තුති කරමි. ඔබේ නාමය සදහට ම වර්ණනා කරමි.
ගීතාවලිය 86:9-12 New International Version (NIV)
All the nations you have made will come and worship before you, Lord; they will bring glory to your name. For you are great and do marvelous deeds; you alone are God. Teach me your way, LORD, that I may rely on your faithfulness; give me an undivided heart, that I may fear your name. I will praise you, Lord my God, with all my heart; I will glorify your name forever.