ගීතාවලිය 85:8-13 - Compare All Versions
ගීතාවලිය 85:8-13 SROV (Sinhala Revised Old Version)
දෙවිවූ ස්වාමීන්වහන්සේ කුමක් කියනසේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරනසේක. නුමුත් ඔව්හු අඥානකමට නැවත නොහැරෙත්වා. තේජස අපේ දේශයේ වසන පිණිස සැබවින්ම උන්වහන්සේගේ ගැළවීම උන්වහන්සේට භයවෙන්නන් සමීපයෙහිය. කරුණාවත් සැබෑකමත් සම්මුඛවූය; ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොවුන් සිපගත්තුය. සැබෑකම පොළොවෙන් හටගනී; ධර්මිෂ්ඨකමද ස්වර්ගයේ සිට බැලුවේය. එසේය, ස්වාමීන්වහන්සේ යහපත් දේ දෙනසේක; අපේ දේශයද එහි ඵල දෙන්නේය. ධර්මිෂ්ඨකම උන්වහන්සේට පෙරටුව යමින් උන්වහන්සේගේ පා සලකුණු මාර්ගයක් වන්ට සලස්වන්නේය.
ගීතාවලිය 85:8-13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පවසන දේට මම සවන් දෙන්නෙමි; තම ජනයා වන විශ්වාසයීනට උන්වහන්සේ සාමය පොරොන්දු වූ සේක. ඔවුහු යළි අනුවණකමට හැරී නො යත්වා! උන්වහන්සේගේ මහිමය අප දේශයේ වාසය කරන පිණිස, උන්වහන්සේට භය පක්ෂපාතී අයට සැබවින් ම උන්වහන්සේගේ ගැලවීම ඉතා සමීප ය. නොමියෙන පෙමත්, විශ්වසනීයත්වයත් එකට එක් වෙයි. දමිටුකමත්, ශාන්තියත් එකිනෙකා සිප ගනියි. විශ්වසනීයත්වය පොළොවේ සිට ඉහළට පනින්නේ ය, දමිටුකම ස්වර්ගයේ සිට පහළ බලන්නේ ය. සැබවින් ම ස්වාමින්වහන්සේ අනර්ඝ දෑම දෙන සේක, එවිට අපගේ දේශය, එහි පලදාව හට ගන්වන්නේ ය. දමිටුකම උන්වහන්සේට පෙරටුව ගමන් කරමින්, උන්වහන්සේගේ පියමනට මග සූදානම් කරන්නේ ය.
ගීතාවලිය 85:8-13 NRSV (Sinhala New Revised Version)
දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි, මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක. එතුමන් හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය. තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය. විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය. දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය. සමිඳාණෝ අප සමෘද්ධිමත් කරන සේක. අපේ දේශය එහි පලදාව නිපදවන්නේ ය. දැහැමි බව එතුමන්ට පෙරටු ව යන්නේ ය. එතුමන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.
ගීතාවලිය 85:8-13 SNRV (Sinhala New Revised Version 2018)
දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි, මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක. එතුමාණෝ හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමාණන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය. තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය. විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය. දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය. සමිඳාණෝ අප සමෘද්ධිමත් කරන සේක. අපේ දේශය එහි පලදාව නිපදවන්නේ ය. දැහැමි බව එතුමාණන්ට පෙරටු ව යන්නේ ය. එතුමාණන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.
ගීතාවලිය 85:8-13 NIV (New International Version)
I will listen to what God the LORD says; he promises peace to his people, his faithful servants— but let them not turn to folly. Surely his salvation is near those who fear him, that his glory may dwell in our land. Love and faithfulness meet together; righteousness and peace kiss each other. Faithfulness springs forth from the earth, and righteousness looks down from heaven. The LORD will indeed give what is good, and our land will yield its harvest. Righteousness goes before him and prepares the way for his steps.