ගීතාවලිය 85:1-13

ගීතාවලිය 85:1-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔබගේ දේශයට, ඔබ කරුණාව දැක් වූ සේක. අහෝ ස්වාමින්වහන්ස, යාකොබ්ගේ භාග්‍යය ඔබ යළි පිහිටෙවූ සේක. ඔබ, ඔබගේ ජනයාගේ වැරදි කමා කළ සේක; ඔබ, ඔවුන්ගේ සියලු පාප මකා දැමූ සේක. සෙලා ඔබගේ සකල උදහස පසෙක තැබූ ඔබවහන්සේ, ඔබගේ දැවෙන කෝපය අත් හළ සේක. යළි අප ප්‍රකෘතිමත් කළ මැනව, අහෝ දෙවියන්වහන්ස, අපගේ ගැලවුම්කරුවාණනි, අප වෙත වූ නොරිස්සුම ඉවත දැමුව මැනව. සදහට ම ඔබවහන්සේ අප හා උරණ ව සිටින සේක් ද? ඔබගේ කෝපය, පරපුරින් පරපුරට දික්ගස්සන සේක් ද? ඔබගේ ජනයා වන අප ඔබ තුළ ප්‍රීති ප්‍රමෝද වන පිණිස, යළි අප පුබුදුවන්නේ නැති ද? අපට ඔබගේ නොමියෙන ප්‍රේමය දැක්වුව මැනවි අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ගැලවීම අපට දුන මැනව. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පවසන දේට මම සවන් දෙන්නෙමි; තම ජනයා වන විශ්වාසයීනට උන්වහන්සේ සාමය පොරොන්දු වූ සේක. ඔවුහු යළි අනුවණකමට හැරී නො යත්වා! උන්වහන්සේගේ මහිමය අප දේශයේ වාසය කරන පිණිස, උන්වහන්සේට භය පක්ෂපාතී අයට සැබවින් ම උන්වහන්සේගේ ගැලවීම ඉතා සමීප ය. නොමියෙන පෙමත්, විශ්වසනීයත්වයත් එකට එක් වෙයි. දමිටුකමත්, ශාන්තියත් එකිනෙකා සිප ගනියි. විශ්වසනීයත්වය පොළොවේ සිට ඉහළට පනින්නේ ය, දමිටුකම ස්වර්ගයේ සිට පහළ බලන්නේ ය. සැබවින් ම ස්වාමින්වහන්සේ අනර්ඝ දෑම දෙන සේක, එවිට අපගේ දේශය, එහි පලදාව හට ගන්වන්නේ ය. දමිටුකම උන්වහන්සේට පෙරටුව ගමන් කරමින්, උන්වහන්සේගේ පියමනට මග සූදානම් කරන්නේ ය.

ගීතාවලිය 85:1-13 Sinhala Revised Old Version (SROV)

ස්වාමිනි, ඔබගේ දේශයට ඔබ කරුණාකළසේක. යාකොබ් වහල්කමින් මුදා ගෙනාසේක. ඔබගේ සෙනඟගේ අයුතුකම කමා කළසේක, ඔවුන්ගේ පව් සියල්ල වැසූසේක. ඔබගේ මුළු උදහස පහකරදැමූසේක. ස්වකීය තද කෝපයෙන් හැරුණුසේක. අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, අප හැරෙවුව මැනව, අප කෙරෙහි වූ ඔබගේ කෝපය නැවැත්වුව මැනව. ඔබ අප සමඟ සදාකල්ම උදහස් වනසේක්ද? සියලු පරම්පරාවලට ඔබගේ උදහස පවත්වනසේක්ද? ඔබගේ සෙනඟ ඔබ කෙරෙහි ප්‍රීතිමත් වන පිණිස අප නැවත ජීවත් නොකරනසේක්ද? ස්වාමිනි, ඔබගේ කරුණාව අපට දැක්වුව මැනව, ඔබගේ ගැළවීම අපට දුන මැනව. දෙවිවූ ස්වාමීන්වහන්සේ කුමක් කියනසේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරනසේක. නුමුත් ඔව්හු අඥානකමට නැවත නොහැරෙත්වා. තේජස අපේ දේශයේ වසන පිණිස සැබවින්ම උන්වහන්සේගේ ගැළවීම උන්වහන්සේට භයවෙන්නන් සමීපයෙහිය. කරුණාවත් සැබෑකමත් සම්මුඛවූය; ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොවුන් සිපගත්තුය. සැබෑකම පොළොවෙන් හටගනී; ධර්මිෂ්ඨකමද ස්වර්ගයේ සිට බැලුවේය. එසේය, ස්වාමීන්වහන්සේ යහපත් දේ දෙනසේක; අපේ දේශයද එහි ඵල දෙන්නේය. ධර්මිෂ්ඨකම උන්වහන්සේට පෙරටුව යමින් උන්වහන්සේගේ පා සලකුණු මාර්ගයක් වන්ට සලස්වන්නේය.

ගීතාවලිය 85:1-13 Sinhala New Revised Version (NRSV)

සමිඳුනි, ඔබ දේශයට කරුණා කළ සේක; ජාකොබ්ගේ සම්පත ආපසු දුන් සේක. ඔබ ඔබේ සෙනඟගේ වරදට කමා කළ සේක; ඔවුන්ගේ සියලු ම පාපවලට ද සමාව දුන් සේක. ඔබ ඔබේ සියලු කෝපාග්නිය නිවාදැමූ සේක; ඔබේ ඇවිලෙන උදහස පහකළ සේක. අපේ ගැළවුම්කාර දෙවිඳුනි, අප ආපසු ගෙන අව මැනව. ඔබේ කෝපය අප වෙතින් ඉවත් කළ මැනව. සදහට ම ඔබ අප සමඟ උදහස් ව සිටින සේක් ද? ඔබේ කෝපය පරපුරෙන් පරපුරට ඇවිළි ඇවිළී යන්න ඉඩ දෙන සේක් ද? ඔබේ සෙනඟ ඔබ තුළ ප්‍රීති ප්‍රමෝද වන පිණිස ඔබ යළි අපට ජීවනය දුන මැනව. සමිඳුනි, ඔබේ තිර පෙම අපට පෙන්නුව මැනව. ගැළවීමේ පිහිට අපට ද දානය කළ මැනව. දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි, මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක. එතුමන් හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය. තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය. විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය. දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය. සමිඳාණෝ අප සමෘද්ධිමත් කරන සේක. අපේ දේශය එහි පලදාව නිපදවන්නේ ය. දැහැමි බව එතුමන්ට පෙරටු ව යන්නේ ය. එතුමන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.

ගීතාවලිය 85:1-13 Sinhala New Revised Version 2018 (SNRV)

සමිඳාණන් වහන්ස, ඔබ දේශයට කරුණා කළ සේක; ජාකොබ්ගේ සම්පත ආපසු දුන් සේක. ඔබ ඔබේ සෙනඟගේ වරදට කමා කළ සේක; ඔවුන්ගේ සියලු ම පාපවලට ද සමාව දුන් සේක. ඔබ ඔබේ සියලු කෝපාග්නිය නිවාදැමූ සේක; ඔබේ ඇවිලෙන උදහස පහකළ සේක. අපේ ගැළවුම්කාර දෙවිඳුනි, අප ආපසු ගෙන අව මැනව. ඔබේ කෝපය අප වෙතින් ඉවත් කළ මැනව. සදහට ම ඔබ අප සමඟ උදහස් ව සිටින සේක් ද? ඔබේ කෝපය පරපුරෙන් පරපුරට ඇවිළි ඇවිළී යන්න ඉඩ දෙන සේක් ද? ඔබේ සෙනඟ ඔබ තුළ ප්‍රීති ප්‍රමෝද වන පිණිස ඔබ යළි අපට ජීවනය දුන මැනව. සමිඳුනි, ඔබේ තිර පෙම අපට පෙන්නුව මැනව. ගැළවීමේ පිහිට අපට ද දානය කළ මැනව. දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි, මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක. එතුමාණෝ හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමාණන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය. තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය. විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය. දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය. සමිඳාණෝ අප සමෘද්ධිමත් කරන සේක. අපේ දේශය එහි පලදාව නිපදවන්නේ ය. දැහැමි බව එතුමාණන්ට පෙරටු ව යන්නේ ය. එතුමාණන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.

ගීතාවලිය 85:1-13

ගීතාවලිය 85:1-13 SROV