ගීතාවලිය 84:2-4 - Compare All Versions
ගීතාවලිය 84:2-4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේගේ ගෘහයේ මළු ගැන සිහිසුන් නැති වන තරමේ දැඩි අභිලාෂයකින් මම පෙළෙන්නෙමි; ජීවමාන දෙවියන්වහන්සේ ගැන මගේ හදත්, මගේ ගතත් ප්‍රීතියෙන් කෑ ගසයි. ගේ කුරුල්ලා පවා තමාට කැදැල්ලකට ද වැහි ලිහිණිය තම පැටවුනට කූඩුවකට ද තැනක් ඔබගේ පූජාසනය ළඟින් සොයාගෙන ඇත, අහෝ සේනාංකාධිපති ස්වාමින්වහන්ස, මගේ රජ්ජුරුවන්වහන්ස, මගේ දෙවියන්වහන්ස. ඔබගේ ගෘහයේ වාසය කරන්නෝ කොතරම් භාග්‍යවත් ද! ඔවුහු නිරතුරු ඔබට ප්‍රශංසා කරති. සෙලා
ගීතාවලිය 84:2-4 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්ගේ මන්දිර උදෙසා මාගේ ආත්මය මහත් ආශාවෙන් යුක්තව වෑරීයයි; මාගේ සිතත් මාගේ මාංසයත් ජීවමාන දෙවියන්වහන්සේට මොරගසති. එසේය, ගේකිරිල්ලියට ගෙයක්ද වැහිලිහිණියට ඇගේ පැටවුන් තබන පිණිස කැදැල්ලක්ද සම්බවිය. එනම්, සේනාවල ස්වාමිනි, මාගේ රජ්ජුරුවන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, ඔබගේ පූජාසනමය. ඔබගේ ගෘහයෙහි වසන්නෝ ආශීර්වාදලත්තෝය. ඔව්හු නිරතුරුම ඔබට ප්‍රශංසා කරන්නෝය.
ගීතාවලිය 84:2-4 NRSV (Sinhala New Revised Version)
මසිත සමිඳුන්ගේ මන්දිර දෙස දැවෙන ආශාවෙන් බලා සිටියි. මාගේ ගත සිත ජීවමාන දෙවිඳුන්ට ප්‍රීතියෙන් ගී ගයයි. සව් බලැති දෙවිඳුනි, මාගේ රජාණන් වන දෙවිඳුනි, ගේ කිරිල්ලිය ගෙයක් ද වැහිලිහිණිය ඇගේ පැටවුන් දැමීමට කැදැල්ලක් ද ඔබේ පූජාසනයෙහි සොයාගෙන ඇත. ඔබේ ගෘහයෙහි වසන්නෝ කොපමණ වාසනාවන්ත ද? ඔව්හු නිරතුරු ඔබට පසස් ගී ගයන්නෝ ය.
ගීතාවලිය 84:2-4 SNRV (Sinhala New Revised Version 2018)
මසිත සමිඳුන්ගේ මන්දිර දෙස දැවෙන ආශාවෙන් බලා සිටියි. මාගේ ගත සිත ජීවමාන දෙවිඳුන්ට ප්‍රීතියෙන් ගී ගයයි. සව් බලැති දෙවිඳුනි, මාගේ රජාණන් වන දෙවිඳුනි, ගේ කිරිල්ලිය ගෙයක් ද වැහිලිහිණිය ඇගේ පැටවුන් දැමීමට කැදැල්ලක් ද ඔබේ පූජාසනයෙහි සොයාගෙන ඇත. ඔබේ ගෘහයෙහි වසන්නෝ කොපමණ වාසනාවන්ත ද? ඔව්හු නිරතුරු ඔබට පසස් ගී ගයන්නෝ ය.
ගීතාවලිය 84:2-4 NIV (New International Version)
My soul yearns, even faints, for the courts of the LORD; my heart and my flesh cry out for the living God. Even the sparrow has found a home, and the swallow a nest for herself, where she may have her young— a place near your altar, LORD Almighty, my King and my God. Blessed are those who dwell in your house; they are ever praising you.