ගීතාවලිය 84:10-11
ගීතාවලිය 84:10-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ මළුවෙහි එක දවසක් මට අන් කවර තැනක වුව, දවස් දාහකටත් වඩා අගේ ය; දුෂ්ටයින්ගේ කූඩාරම්වල වසනවාට වඩා, මගේ දෙවියන්වහන්සේගේ ගෘහයේ දොරටුපාලයකු වීමට කැමැත්තෙමි. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සූර්යයෙක් ය; පලිහක් ය; අනුග්රහයත්, ගෞරවයත් ප්රදාන කරන ස්වාමින්වහන්සේ, නිර්දෝෂී ව කටයුතු කරන්නන්ගෙන් කිසි හොඳක් නො වළක්වන සේක.
ගීතාවලිය 84:10-11 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ඔබගේ මණ්ඩපවල එක දවසක් දවස් දහසකට වඩා යහපත. දුෂ්ටකමේ කූඩාරම්වල විසීමට වඩා මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි දොරටුපාලයෙක්ව ඉන්ට කැමැත්තෙමි. මක්නිසාද දෙවිවූ ස්වාමීන්වහන්සේ සූර්යයෙක්ය, පලිහක්ය. ස්වාමීන්වහන්සේ අනුග්රහයත් මහිමයත් දෙනසේක. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක.
ගීතාවලිය 84:10-11 Sinhala New Revised Version (NRSV)
ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි. සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක; අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක; නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.
ගීතාවලිය 84:10-11 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි. සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක; අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක; නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.
ගීතාවලිය 84:10-11 New International Version (NIV)
Better is one day in your courts than a thousand elsewhere; I would rather be a doorkeeper in the house of my God than dwell in the tents of the wicked. For the LORD God is a sun and shield; the LORD bestows favor and honor; no good thing does he withhold from those whose walk is blameless.