ගීතාවලිය 80:5-8
ගීතාවලිය 80:5-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ ඔවුන්ට කඳුළු රොටි කැවූ සේක; විසල් බඳුනක් පුරවා කඳුළු ඔවුන්ට බොන්නට දුන් සේක. අප අසල්වැසි ජාතීන්ට අප කලහයට හේතුවක් වන්නට ඔබ මග පෑදූ සේක්; අප සතුරෝ අපට සමච්චල් කරති. යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව. අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්ස, අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව. ඊජිප්තුවේ සිට මිදි වැලක් උදුරා ගෙනා ඔබ, එය සිටුවූයේ සෙසු ජාතීන් පලවා හරිමිනි.
ගීතාවලිය 80:5-8 Sinhala Revised Old Version (SROV)
ඔබ කඳුළු නමැති කෑම ඔවුන්ට කැවූසේක, බොහෝකොට කඳුළු පෙවූසේක. අපේ අසල්වාසීන්ට අප ඩබරයට හේතුවක් වෙන්ට ඔබ සලස්වනසේක; අපේ සතුරෝ ඔවුනොවුන් අතරේ සිනාසෙති. සේනාවල දෙවියන්වහන්ස, අප නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව. ඔබ මිසරයෙන් මිදිවැලක් ගෙනාසේක. ඔබ ජාතීන් එළවා එය රෝපණය කළසේක.
ගීතාවලිය 80:5-8 Sinhala New Revised Version (NRSV)
දුක් නමැති ආහාර ඔබ අපට කන්න දුන් සේක; අපට කඳුළින් පිරුණු බඳුනක් බොන්න දුන් සේක. අපේ අසල්වැසියන්ගේ පරිහාසයට ඔබ අප ලක් කළ සේක. අපේ සතුරෝ අපට උසුළු-විසුළු පෑවෝ ය. සව් බලැති දෙවිඳුනි, අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව. ඔබ මිදි වැලක් වන අප මිසරයෙන් ගෙනා සේක; විජාතීන් පන්නාදමා ඔබ එය රෝපණය කළ සේක.
ගීතාවලිය 80:5-8 Sinhala New Revised Version 2018 (SNRV)
දුක් නමැති ආහාර ඔබ අපට කන්න දුන් සේක; අපට කඳුළින් පිරුණු බඳුනක් බොන්න දුන් සේක. අපේ අසල්වැසියන්ගේ පරිහාසයට ඔබ අප ලක් කළ සේක. අපේ සතුරෝ අපට උසුළු-විසුළු පෑවෝ ය. සව් බලැති දෙවිඳුනි, අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව. ඔබ මිදි වැලක් වන අප මිසරයෙන් ගෙනා සේක; විජාතීන් පන්නාදමා ඔබ එය රෝපණය කළ සේක.
ගීතාවලිය 80:5-8 New International Version (NIV)
You have fed them with the bread of tears; you have made them drink tears by the bowlful. You have made us an object of derision to our neighbors, and our enemies mock us. Restore us, God Almighty; make your face shine on us, that we may be saved. You transplanted a vine from Egypt; you drove out the nations and planted it.