ගීතාවලිය 8:6-9 - Compare All Versions

ගීතාවලිය 8:6-9 SROV (Sinhala Revised Old Version)

ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක. එනම් සියලු බැටළුවන් සහ ගවයෝද, එසේය, වනයෙහි මෘගයෝද; ආකාශයෙහි පක්ෂීන් සහ මුහුදේ මත්ස්‍යයෝද, මුහුදු මාර්ගවල යන්නාවූ සියල්ලෝද යන මොව්හුය. අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මුළු පොළොවෙහි කොපමණ උතුම්ද!

බෙදාගන්න
ගීතාවලිය 8 SROV

ගීතාවලිය 8:6-9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබගේ අතින් කළ මැවිල්ලේ පාලනය, ඔහුට බාර කළ ඔබවහන්සේ සියලු දේ ම ඔහුගේ පයට යටත් කළ සේක: ඒ, මුළු මහත් එළු බැටළු, ගව රංචු හා වනයේ සතා-සීපාවුන් ද අහසේ පක්ෂීන්, මුහුදේ මසුන් හා සයුරු මාවත්හි සරනා සියලු ජීවීන් ද වේ. අහෝ ස්වාමින්වහන්ස, අපගේ ස්වාමිනි, ඔබගේ නාමය මේ මිහි මඬල පුරා කොතරම් ශ්‍රී විභූතිමත් ද!

බෙදාගන්න
ගීතාවලිය 8 SCV

ගීතාවලිය 8:6-9 NRSV (Sinhala New Revised Version)

ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක. ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක. ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක. දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?

බෙදාගන්න
ගීතාවලිය 8 NRSV

ගීතාවලිය 8:6-9 SNRV (Sinhala New Revised Version 2018)

ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක. ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක. ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක. දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?

බෙදාගන්න
ගීතාවලිය 8 SNRV

ගීතාවලිය 8:6-9 NIV (New International Version)

You made them rulers over the works of your hands; you put everything under their feet: all flocks and herds, and the animals of the wild, the birds in the sky, and the fish in the sea, all that swim the paths of the seas. LORD, our Lord, how majestic is your name in all the earth!

බෙදාගන්න
ගීතාවලිය 8 NIV