ගීතාවලිය 8:5-9
ගීතාවලිය 8:5-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දේව දූතයින්ට වඩා මදක් පහත් කොට, ඔහු සෑදූ ඔබ තේජසේ හා ගෞරවයේ කිරුළ ඔහුට පැලඳූ සේක. ඔබගේ අතින් කළ මැවිල්ලේ පාලනය, ඔහුට බාර කළ ඔබවහන්සේ සියලු දේ ම ඔහුගේ පයට යටත් කළ සේක: ඒ, මුළු මහත් එළු බැටළු, ගව රංචු හා වනයේ සතා-සීපාවුන් ද අහසේ පක්ෂීන්, මුහුදේ මසුන් හා සයුරු මාවත්හි සරනා සියලු ජීවීන් ද වේ. අහෝ ස්වාමින්වහන්ස, අපගේ ස්වාමිනි, ඔබගේ නාමය මේ මිහි මඬල පුරා කොතරම් ශ්‍රී විභූතිමත් ද!
ගීතාවලිය 8:5-9 Sinhala Revised Old Version (SROV)
ඔබ ඔහු දෙවියන්වහන්සේට මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක. ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක. එනම් සියලු බැටළුවන් සහ ගවයෝද, එසේය, වනයෙහි මෘගයෝද; ආකාශයෙහි පක්ෂීන් සහ මුහුදේ මත්ස්‍යයෝද, මුහුදු මාර්ගවල යන්නාවූ සියල්ලෝද යන මොව්හුය. අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මුළු පොළොවෙහි කොපමණ උතුම්ද!
ගීතාවලිය 8:5-9 Sinhala New Revised Version (NRSV)
එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය. ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක. ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක. ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක. දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?
ගීතාවලිය 8:5-9 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය. ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක. ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක. ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක. දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?
ගීතාවලිය 8:5-9 New International Version (NIV)
You have made them a little lower than the angels and crowned them with glory and honor. You made them rulers over the works of your hands; you put everything under their feet: all flocks and herds, and the animals of the wild, the birds in the sky, and the fish in the sea, all that swim the paths of the seas. LORD, our Lord, how majestic is your name in all the earth!