ගීතාවලිය 8:4-6
ගීතාවලිය 8:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ අවධානයට ලක් වීමට මිනිසා කවරෙක් ද? ඔබගේ සැලකිල්ල යොමු කිරීමට මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද? දේව දූතයින්ට වඩා මදක් පහත් කොට, ඔහු සෑදූ ඔබ තේජසේ හා ගෞරවයේ කිරුළ ඔහුට පැලඳූ සේක. ඔබගේ අතින් කළ මැවිල්ලේ පාලනය, ඔහුට බාර කළ ඔබවහන්සේ සියලු දේ ම ඔහුගේ පයට යටත් කළ සේක
ගීතාවලිය 8:4-6 Sinhala Revised Old Version (SROV)
ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද? ඔබ ඔහු දෙවියන්වහන්සේට මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක. ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක.
ගීතාවලිය 8:4-6 Sinhala New Revised Version (NRSV)
මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක් දැ යි මට සිතෙන්නේ ය. එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය. ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක.
ගීතාවලිය 8:4-6 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබ මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? ඔබ මිනිසා ගැන සලකන්නට තරම් ඔහුගේ අගය කුමක් දැ යි මට සිතෙන්නේ ය. එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය. ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක.
ගීතාවලිය 8:4-6 New International Version (NIV)
what is mankind that you are mindful of them, human beings that you care for them? You have made them a little lower than the angels and crowned them with glory and honor. You made them rulers over the works of your hands; you put everything under their feet
