ගීතාවලිය 8:3-7 - Compare All Versions

ගීතාවලිය 8:3-7 SROV (Sinhala Revised Old Version)

ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද? ඔබ ඔහු දෙවියන්වහන්සේට මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක. ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක. එනම් සියලු බැටළුවන් සහ ගවයෝද, එසේය, වනයෙහි මෘගයෝද

බෙදාගන්න
ගීතාවලිය 8 SROV

ගීතාවලිය 8:3-7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබ විසින් ස්ථානගත කළ සඳ-තරු ඇතුළු ඔබගේ අතැඟිලි නිමැවුම් වන ඔබගේ අහස් තල ගැන මා සිතා බලන කල, ඔබගේ අවධානයට ලක් වීමට මිනිසා කවරෙක් ද? ඔබගේ සැලකිල්ල යොමු කිරීමට මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද? දේව දූතයින්ට වඩා මදක් පහත් කොට, ඔහු සෑදූ ඔබ තේජසේ හා ගෞරවයේ කිරුළ ඔහුට පැලඳූ සේක. ඔබගේ අතින් කළ මැවිල්ලේ පාලනය, ඔහුට බාර කළ ඔබවහන්සේ සියලු දේ ම ඔහුගේ පයට යටත් කළ සේක: ඒ, මුළු මහත් එළු බැටළු, ගව රංචු හා වනයේ සතා-සීපාවුන් ද

බෙදාගන්න
ගීතාවලිය 8 SCV

ගීතාවලිය 8:3-7 NRSV (Sinhala New Revised Version)

සිය’තින් ඔබ නිම කළ අහස් තලය ද ඔබ පිහිටෙවූ සඳ මඬල ද තරු වැල් ද මා නරඹන කල්හි, මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක් දැ යි මට සිතෙන්නේ ය. එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය. ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක. ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක.

බෙදාගන්න
ගීතාවලිය 8 NRSV

ගීතාවලිය 8:3-7 SNRV (Sinhala New Revised Version 2018)

සිය’තින් ඔබ නිම කළ අහස් තලය ද ඔබ පිහිටෙවූ සඳ මඬල ද තරු වැල් ද මා නරඹන කල්හි, ඔබ මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? ඔබ මිනිසා ගැන සලකන්නට තරම් ඔහුගේ අගය කුමක් දැ යි මට සිතෙන්නේ ය. එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය. ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක. ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක.

බෙදාගන්න
ගීතාවලිය 8 SNRV

ගීතාවලිය 8:3-7 NIV (New International Version)

When I consider your heavens, the work of your fingers, the moon and the stars, which you have set in place, what is mankind that you are mindful of them, human beings that you care for them? You have made them a little lower than the angels and crowned them with glory and honor. You made them rulers over the works of your hands; you put everything under their feet: all flocks and herds, and the animals of the wild

බෙදාගන්න
ගීතාවලිය 8 NIV