ගීතාවලිය 78:5-8 - Compare All Versions

ගීතාවලිය 78:5-8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උන්වහන්සේ යාකොබ් තුළ පනතක් පිහිටුවා, ඉශ්‍රායෙල් තුළ ව්‍යවස්ථාව ස්ථාපිත කළේ, තම දරු පරපුරට ඒවා උගන්වන ලෙස අප පියවරුනට ආඥා කරමිනි. මෙසේ, ඊළඟ පරපුර, තවමත් නූපන් දරුවන් පවා ඒවා දැනගනු ඇත; ඔවුන් ද තමන්ගේ දරුවන් එලෙස ම දැනුවත් කරනු ඇත. එවිට ඔවුන් දෙවියන්වහන්සේ තුළ තම විශ්වාසය තබනු පමණක් නො ව, උන්වහන්සේගේ ක්‍රියා අමතක නො කරනු ඇත; උන්වහන්සේගේ ආඥා ද රක්ෂා කරනු ඇත. ඔවුන් තම පියවරුන් මෙන් නො වනු ඇත, හිතුවක්කාර, කැරලිකාර පරම්පරාවක් වූ ඒ පියවරු හදවතින් දෙවියන්වහන්සේට පක්ෂපාතී නො වූහ, ඔවුහු උන්වහන්සේට විශ්වාසවන්ත නො වූහ.

බෙදාගන්න
ගීතාවලිය 78 SCV

ගීතාවලිය 78:5-8 SROV (Sinhala Revised Old Version)

එසේ උන්වහන්සේ යාකොබ්හි සාක්ෂියක් පිහිටුවා, ඉශ්‍රායෙල්හි ව්‍යවස්ථාවක් පනවා, ඒවා තමුන්ගේ දරුවන්ට දන්වන්ට අපේ පියවරුන්ට අණකළසේක. මෙසේ කළේ එන්නාවූ පරම්පරාව, එනම් උපදින්ට සිටින දරුවන්, ඒවා දැනගෙන, නැගිට ස්වකීය දරුවන්ට කියාදෙන පිණිසත්, තමුන්ගේ විශ්වාසය දෙවියන්වහන්සේ කෙරෙහි තබා, උන්වහන්සේගේ ක්‍රියා සිහිනැති නොකොට, උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන පිණිසත්, මුරණ්ඩු කැරළිකාර පරම්පරාවක් වූ, තමුන්ගේ සිත් එකඟකර නොගත්තාවූ, දෙවියන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතක් නැත්තාවූ පරම්පරාවක්ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් නොවන පිණිසත්ය.

බෙදාගන්න
ගීතාවලිය 78 SROV

ගීතාවලිය 78:5-8 NRSV (Sinhala New Revised Version)

එතුමාණෝ, ඉශ්රායෙල් ජනතාවට නීති නියෝග ද ජාකොබ්ගේ පරපුරට අණපණත් ද දුන් සේක. ඔවුන්ගේ දරුවන්ට ඒවා ඉගැන්වීමට ඔවුන්ගේ පියවරුන්ට අණ දුන් සේක. මෙලෙස ඊළඟ පරපුර ඒවා දැනගන්නෝ ය; ඉපදෙන්නට සිටින දරු පරපුර ඒවා දැනගන්නෝ ය. ඔව්හු නැඟිට ඔවුන්ගේ පරපුරට ඒවා දන්වන්නෝ ය. මෙසේ ඔව්හු දෙවිඳුන් තුළ බලාපොරොත්තුව තබා, එතුමන්ගේ ක්‍රියා කවදා වත් අමතක නොකරන්නෝ ය. එතුමන්ගේ අණපණත් සදහට ම පිළිපදින්නෝ ය. මෙසේ ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් හිතුවක්කාර, කැරලිකාර පරපුරක් නොවන්නෝ ය. මන්ද, ඒ පරපුරේ අය දෙවිඳුන් කෙරෙහි ස්ථිර ව නොසිටියහ. ඔව්හු දෙවිඳුන්ට පක්ෂපාත ව නොසිටියෝ ය.

බෙදාගන්න
ගීතාවලිය 78 NRSV

ගීතාවලිය 78:5-8 SNRV (Sinhala New Revised Version 2018)

එතුමාණෝ, ඉශ්රායෙල් ජනතාවට නීති නියෝග ද ජාකොබ්ගේ පරපුරට අණපනත් ද දුන් සේක. ඔවුන්ගේ දරුවන්ට ඒවා ඉගැන්වීමට ඔවුන්ගේ පියවරුන්ට අණ දුන් සේක. මෙලෙස ඊළඟ පරපුර ඒවා දැනගන්නෝ ය; ඉපදෙන්නට සිටින දරු පරපුර ඒවා දැනගන්නෝ ය. ඔව්හු නැඟිට ඔවුන්ගේ පරපුරට ඒවා දන්වන්නෝ ය. මෙසේ ඔව්හු දෙවිඳුන් තුළ බලාපොරොත්තුව තබා, එතුමාණන්ගේ ක්‍රියා කවදා වත් අමතක නොකරන්නෝ ය. එතුමාණන්ගේ අණපනත් සදහට ම පිළිපදින්නෝ ය. මෙසේ ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් හිතුවක්කාර, කැරලිකාර පරපුරක් නොවන්නෝ ය. මන්ද, ඒ පරපුරේ අය දෙවිඳුන් කෙරෙහි ස්ථිර ව නොසිටියහ. ඔව්හු දෙවිඳුන්ට පක්ෂපාත ව නොසිටියෝ ය.

බෙදාගන්න
ගීතාවලිය 78 SNRV

ගීතාවලිය 78:5-8 NIV (New International Version)

He decreed statutes for Jacob and established the law in Israel, which he commanded our ancestors to teach their children, so the next generation would know them, even the children yet to be born, and they in turn would tell their children. Then they would put their trust in God and would not forget his deeds but would keep his commands. They would not be like their ancestors— a stubborn and rebellious generation, whose hearts were not loyal to God, whose spirits were not faithful to him.

බෙදාගන්න
ගීතාවලිය 78 NIV