ගීතාවලිය 78:39-42 - Compare All Versions

ගීතාවලිය 78:39-42 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔවුන් හුදු මිනිසුන් පමණක් වග, ආපසු නො එන, සැණෙක පහ වී යන සුළං රොදක් පමණක් වග උන්වහන්සේ සිහිපත් කළ සේක. පාළුකරයේදී ඔවුන් කොතෙක් වරක් උන්වහන්සේට එරෙහිව කැරලි ගසමින්, ඒ පාළු කතරේදී උන්වහන්සේට දුක් දුන්නා ද! ඔවුහු යළි යළිත් දෙවියන්වහන්සේ පරීක්ෂාවට ලක් කළෝ, ඉශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ප්‍රකෝප කළෝ ය. ඔවුහු උන්වහන්සේගේ බලය මතකයේ තබා නො ගත්තෝ ය. එනම්, පීඩකයා වෙතින් උන්වහන්සේ ඔවුන් මුදා ගත් අයුරු

බෙදාගන්න
ගීතාවලිය 78 SCV

ගීතාවලිය 78:39-42 SROV (Sinhala Revised Old Version)

ඔවුන් මාංසයම බවත් පහව යන්නාවූ නැවත නොඑන්නාවූ හුළඟක් බවත් සිහිකළසේක. කී වරක් ඔව්හු වනයෙහිදී උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝද, කාන්තාරයේදී උන්වහන්සේට දුක් දුන්නෝද! ඔව්හු නැවත හැරී දෙවියන්වහන්සේ පරීක්ෂාකළෝය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උදහස්කළෝය. ඔව්හු උන්වහන්සේගේ හස්තයවත්, උන්වහන්සේ සතුරාගෙන් තමුන් මුදාගත් දවසවත්

බෙදාගන්න
ගීතාවලිය 78 SROV

ගීතාවලිය 78:39-42 NRSV (Sinhala New Revised Version)

ඔවුන් හුදෙක් මියයන සුලු මිනිසුන් බව එතුමාණෝ සිහිපත් කළ සේක; ඔවුන් ආපසු නොඑන හමා යන හුස්මක් බව සිහි කළ සේක. පාළුකරයේ දී කොපමණ වාරයක් ඔව්හු එතුමන්ට විරුද්ධ වූවෝ ද? කාන්තාරයේ දී කොපමණ වාරයක් ඔව්හු එතුමන්ට දුක් දුන්නෝ ද? ඔව්හු නැවත නැවතත් දෙවිඳුන් පිරික්සූ හ. ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවිඳුන් කුපිත කළෝ ය. එතුමන්ගේ බල මහිමය වත්, සතුරන්ගෙන් ගළවාගත් දිනය වත් ඔව්හු සිහි නොකළෝ ය.

බෙදාගන්න
ගීතාවලිය 78 NRSV

ගීතාවලිය 78:39-42 SNRV (Sinhala New Revised Version 2018)

ඔවුන් හුදෙක් මියයන සුලු මිනිසුන් බව එතුමාණෝ සිහිපත් කළ සේක; ඔවුන් ආපසු නොඑන හමා යන හුස්මක් බව සිහි කළ සේක. පාළුකරයේ දී කොපමණ වාරයක් ඔව්හු එතුමාණන්ට විරුද්ධ වූවෝ ද? කාන්තාරයේ දී කොපමණ වාරයක් ඔව්හු එතුමාණන්ට දුක් දුන්නෝ ද? ඔව්හු නැවත නැවතත් දෙවිඳුන් පිරික්සූ හ. ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවිඳුන් කුපිත කළෝ ය. එතුමාණන්ගේ බල මහිමය වත්, සතුරන්ගෙන් ගළවාගත් දිනය වත් ඔව්හු සිහි නොකළෝ ය.

බෙදාගන්න
ගීතාවලිය 78 SNRV

ගීතාවලිය 78:39-42 NIV (New International Version)

He remembered that they were but flesh, a passing breeze that does not return. How often they rebelled against him in the wilderness and grieved him in the wasteland! Again and again they put God to the test; they vexed the Holy One of Israel. They did not remember his power— the day he redeemed them from the oppressor

බෙදාගන්න
ගීතාවලිය 78 NIV