ගීතාවලිය 78:38-39
ගීතාවලිය 78:38-39 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් උන්වහන්සේ දයාවන්ත වූ සේක; ඔවුන්ගේ අයුතුකම්වලට කමා වූ සේක්; ඔවුන් විනාශ කර නො දැමූ සේක. බොහෝ විට උන්වහන්සේ තම කෝපය යටපත් කර ගත් සේක්; තම උදහස මුළුමනින් ඇවිළෙන්නට ඉඩ නුදුන් සේක. ඔවුන් හුදු මිනිසුන් පමණක් වග, ආපසු නො එන, සැණෙක පහ වී යන සුළං රොදක් පමණක් වග උන්වහන්සේ සිහිපත් කළ සේක.
ගීතාවලිය 78:38-39 Sinhala Revised Old Version (SROV)
නුමුත් අනුකම්පාවෙන් යුක්තවූ උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම කමා කළසේක, ඔවුන් විනාශ නොකළ සේක. එසේය, උන්වහන්සේ නොයෙක්විට තමන්ගේ කෝපය ඉවත හරවා, තමන්ගේ මුළු උදහස ඇවිස්සෙන්ට නුදුන්සේක. ඔවුන් මාංසයම බවත් පහව යන්නාවූ නැවත නොඑන්නාවූ හුළඟක් බවත් සිහිකළසේක.
ගීතාවලිය 78:38-39 Sinhala New Revised Version (NRSV)
එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක. ඔවුන් හුදෙක් මියයන සුලු මිනිසුන් බව එතුමාණෝ සිහිපත් කළ සේක; ඔවුන් ආපසු නොඑන හමා යන හුස්මක් බව සිහි කළ සේක.
ගීතාවලිය 78:38-39 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක. ඔවුන් හුදෙක් මියයන සුලු මිනිසුන් බව එතුමාණෝ සිහිපත් කළ සේක; ඔවුන් ආපසු නොඑන හමා යන හුස්මක් බව සිහි කළ සේක.
ගීතාවලිය 78:38-39 New International Version (NIV)
Yet he was merciful; he forgave their iniquities and did not destroy them. Time after time he restrained his anger and did not stir up his full wrath. He remembered that they were but flesh, a passing breeze that does not return.