ගීතාවලිය 78:35-39
ගීතාවලිය 78:35-39 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තමන්ගේ පර්වතයාණන් දෙවියන්වහන්සේ වග, තම මිදුම්කරුවාණන් මහෝත්තම දෙවියන්වහන්සේ වග එවිට ඔවුහු සිහිපත් කළෝ ය. එහෙත් ඔවුහු තම මුවින් උන්වහන්සේට චාටු කතා පවසමින්, තම දිව්වලින් උන්වහන්සේට බොරු කළහ. ඔවුන්ගේ හදවත් දෙවියන්වහන්සේට පක්ෂපාතී නො වී ය; උන්වහන්සේගේ ගිවිසුමට ඔවුහු විශ්වාසී නො වූහ. එහෙත් උන්වහන්සේ දයාවන්ත වූ සේක; ඔවුන්ගේ අයුතුකම්වලට කමා වූ සේක්; ඔවුන් විනාශ කර නො දැමූ සේක. බොහෝ විට උන්වහන්සේ තම කෝපය යටපත් කර ගත් සේක්; තම උදහස මුළුමනින් ඇවිළෙන්නට ඉඩ නුදුන් සේක. ඔවුන් හුදු මිනිසුන් පමණක් වග, ආපසු නො එන, සැණෙක පහ වී යන සුළං රොදක් පමණක් වග උන්වහන්සේ සිහිපත් කළ සේක.
ගීතාවලිය 78:35-39 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ තමුන්ගේ පර්වතය බවත් මහෝත්තම දෙවියන්වහන්සේ තමුන්ගේ මිදුම්කාරයාණන් බවත් ඔව්හු සිහිකළෝය. නුමුත් ඔව්හු කටින් උන්වහන්සේට චාටුකළෝය, දිවෙන් උන්වහන්සේට බොරු කීවෝය. මක්නිසාද ඔවුන්ගේ සිත් උන්වහන්සේ කෙරෙහි ස්ථිර නොවීය, උන්වහන්සේගේ ගිවිසුමට ඔව්හු විශ්වාසව නොසිටියෝය. නුමුත් අනුකම්පාවෙන් යුක්තවූ උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම කමා කළසේක, ඔවුන් විනාශ නොකළ සේක. එසේය, උන්වහන්සේ නොයෙක්විට තමන්ගේ කෝපය ඉවත හරවා, තමන්ගේ මුළු උදහස ඇවිස්සෙන්ට නුදුන්සේක. ඔවුන් මාංසයම බවත් පහව යන්නාවූ නැවත නොඑන්නාවූ හුළඟක් බවත් සිහිකළසේක.
ගීතාවලිය 78:35-39 Sinhala New Revised Version (NRSV)
ඔවුන්ගේ පර්වතය දෙවිඳාණන් බව ඔව්හු සිහිපත් කළෝ ය. ඔවුන්ගේ මිදුම්කරුන් උත්තම දෙවිඳාණන් බව ඔව්හු සිහි කළෝ ය. එහෙත්, ඔව්හු එතුමන්ට තම මුවින් චාටු බස් කීවෝ ය; දිවෙන් මුසා බස් දෙඩුවෝ ය. ඔවුන්ගේ සිත් එතුමන් කෙරෙහි නිතර ම එකඟ නො වී ය. එතුමන්ගේ ගිවිසුමට විශ්වාසවන්ත ව නොසිටියෝ ය. එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක. ඔවුන් හුදෙක් මියයන සුලු මිනිසුන් බව එතුමාණෝ සිහිපත් කළ සේක; ඔවුන් ආපසු නොඑන හමා යන හුස්මක් බව සිහි කළ සේක.
ගීතාවලිය 78:35-39 Sinhala New Revised Version 2018 (SNRV)
ඔවුන්ගේ පර්වතය දෙවිඳාණන් බව ඔව්හු සිහිපත් කළෝ ය. ඔවුන්ගේ මිදුම්කරුන් උත්තම දෙවිඳාණන් බව ඔව්හු සිහි කළෝ ය. එහෙත්, ඔව්හු එතුමාණන්ට තම මුවින් චාටු බස් කීවෝ ය; දිවෙන් මුසා බස් දෙඩුවෝ ය. ඔවුන්ගේ සිත් එතුමාණෝ කෙරෙහි නිතර ම එකඟ නො වී ය. එතුමාණන්ගේ ගිවිසුමට විශ්වාසවන්ත ව නොසිටියෝ ය. එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක. ඔවුන් හුදෙක් මියයන සුලු මිනිසුන් බව එතුමාණෝ සිහිපත් කළ සේක; ඔවුන් ආපසු නොඑන හමා යන හුස්මක් බව සිහි කළ සේක.
ගීතාවලිය 78:35-39 New International Version (NIV)
They remembered that God was their Rock, that God Most High was their Redeemer. But then they would flatter him with their mouths, lying to him with their tongues; their hearts were not loyal to him, they were not faithful to his covenant. Yet he was merciful; he forgave their iniquities and did not destroy them. Time after time he restrained his anger and did not stir up his full wrath. He remembered that they were but flesh, a passing breeze that does not return.