ගීතාවලිය 77:10-15

ගීතාවලිය 77:10-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට මම කතා කොට, “මට වේදනා දෙන්නේ මෙය වේ: මහෝත්තමයාණන්ගේ දකුණත පෙර තිබූ අයුරු නො වේ” යි කීවෙමි. ස්වාමින්වහන්සේගේ ක්‍රියා ගැන මම සිහි කරන්නෙමි; සැබවින් ම ඈත අතීතයේ ඔබ සිදු කළ හාස්කම් ගැන මම සිහි කරන්නෙමි. ඔබ සිදු කළ සියලු දේ මම මෙනෙහි කරන්නෙමි, ඔබගේ සියලු බලවත් ක්‍රියා කල්පනාවට ගන්නෙමි. අහෝ දෙවියන්වහන්ස, ඔබගේ මාර්ග ශුද්ධ ය; අපගේ දෙවියන්වහන්සේ මෙන් උතුම් අන් කවර දෙවියන් ද? ඔබවහන්සේ හාස්කම් කරන දෙවියන්වහන්සේ ය; ජනයා අතරේ ඔබ, ඔබගේ බලය විදහා දක්වන සේක. ඔබගේ බලවත් හස්තයෙන් ඔබ, ඔබගේ ජනයා වන යාකොබ්ගෙන් ද යෝසෙප්ගෙන් ද පැවත එන්නන් මුදන සේක. සෙලා

ගීතාවලිය 77:10-15 Sinhala New Revised Version (NRSV)

එවිට මම කතා කොට, “මට ඉතා වේදනා දෙන්නේ මෙය වේ; මන්ද, මහෝත්තමයාණන්ගේ බලය ඉවත් ව ගොස් තිබේ යැ”යි කීවෙමි. සමිඳුනි, ඔබේ තේජාන්විත ක්‍රියා මම සිහි කරන්නෙමි. ඔබ පෙර කළ අරුමපුදුම දේ මම කියා පාන්නෙමි. ඔබේ ක්‍රියා සියල්ල මම සිහි කරන්නෙමි, ඔබේ ප්‍රබල ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි. අහෝ දෙවිඳුනි! ඔබේ ක්‍රියා මාර්ගය විශුද්ධ ය; අපේ දෙවිඳුන්ට වඩා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ඇද් ද? හාස්කම් පාන දෙවිඳාණෝ ඔබ වහන්සේ ය. ජාතීන් අතර ඔබේ බල මහිමය ඔබ පෙන්වා ඇත්තේ ය. ඔබේ බලවත් හස්තයෙන් ඔබ තුමන් සෙනඟ මුදා ලූ සේක. ජාකොබ්ගේ සහ ජෝසෙප්ගේ පෙළපත් ඔබ ගළවා ලූ සේක.

ගීතාවලිය 77:10-15 Sinhala New Revised Version 2018 (SNRV)