ගීතාවලිය 77:1-3
ගීතාවලිය 77:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කෑ ගසා මම දෙවියන්වහන්සේට හඬ ගසමි; උන්වහන්සේ මට කන්දෙන සේක. කරදර අසීරුතාහි දී මම ස්වාමින් සෙවීමි; රැයේදී වෙහෙස නො බලා, මම දෑත දිගු කර ගෙන සිටියෙමි, එහෙත් මට සැනසිල්ලක් ලැබුණේ නැත. අහෝ දෙවියන්වහන්ස මම, ඔබ සිහි කරමින්, කෙඳිරි ගෑවෙමි; මම ඕනෑකමින් සිතා බැලුවෙමි; එවිට මගේ ආත්ම ශක්තිය පිරිහී යන්නට විය. සෙලා
ගීතාවලිය 77:1-3 Sinhala Revised Old Version (SROV)
මාගේ හඬින් දෙවියන්වහන්සේට, එසේය, මාගේ හඬින් දෙවියන්වහන්සේට මොරගසන්නෙමි, උන්වහන්සේ මට කන්දෙනසේක. දුක් ඇති දවසේදී ස්වාමීන් සෙවීමි. රාත්රියේදී මාගේ අත නොනැවතී දිගුකර තිබුණේය; මාගේ ආත්මය සැනසෙන්ට අකැමැතිවිය. මම දෙවියන්වහන්සේ සිහිකොට චංචලව සිටිමි. මම මෙනෙහිකරමි, මාගේ ආත්මයද ශෝකයෙන් පිරී ගියේය.
ගීතාවලිය 77:1-3 Sinhala New Revised Version (NRSV)
මම දෙවිඳුන් හට මොරගසමි; එසේ ය, උස් හඬින් දෙවිඳුන් හට මොරගසමි. එතුමාණෝ මට සවන් දෙන සේක. විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමන් වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය. දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි; මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි.
ගීතාවලිය 77:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
මම දෙවියන් වහන්සේ හට මොරගසමි; එසේ ය, උස් හඬින් දෙවිඳුන් හට මොරගසමි. එතුමාණෝ මට සවන් දෙන සේක. විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමාණෝ වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය. දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි; මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි.
ගීතාවලිය 77:1-3 New International Version (NIV)
I cried out to God for help; I cried out to God to hear me. When I was in distress, I sought the Lord; at night I stretched out untiring hands, and I would not be comforted. I remembered you, God, and I groaned; I meditated, and my spirit grew faint.