ගීතාවලිය 77:1-20

ගීතාවලිය 77:1-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)

කෑ ගසා මම දෙවියන්වහන්සේට හඬ ගසමි; උන්වහන්සේ මට කන්දෙන සේක. කරදර අසීරුතාහි දී මම ස්වාමින් සෙවීමි; රැයේදී වෙහෙස නො බලා, මම දෑත දිගු කර ගෙන සිටියෙමි, එහෙත් මට සැනසිල්ලක් ලැබුණේ නැත. අහෝ දෙවියන්වහන්ස මම, ඔබ සිහි කරමින්, කෙඳිරි ගෑවෙමි; මම ඕනෑකමින් සිතා බැලුවෙමි; එවිට මගේ ආත්ම ශක්තිය පිරිහී යන්නට විය. සෙලා නිදන පිණිස දෑස පියාගන්නට ඔබ මට ඉඩ නො දුන් සේක; මට කතා කරගන්නටවත් නො හැකි විය. යටගිය දවස් ගැන මම සිතුවෙමි, ඈත අතීත අවුරුදු ගැන කල්පනා කළෙමි. රැයේදී මම මගේ ගීත සිහි කළෙමි. මගේ හදින් ඕනෑකමින් සිතා බැලූ මම මෙසේ විමසීමි: “ස්වාමින් සදහට ම ප්‍රතික්ෂේප කරන සේක් ද? යළි කිසි දින එතුමාණෝ කරුණා නො කරන සේක් ද? එතුමන්ගේ නොමියෙන පෙම සදහට ම අතුරුදහන් වී ද? එතුමන්ගේ පොරොන්දු සැම කලට ම ඇනහිටියේ ද? දයා පෑමට දෙවියන්වහන්සේට අමතක වී ද? එතුමෝ කෝපයෙන් තම අනුකම්පාව යටපත් කළ සේක් ද?” සෙලා එවිට මම කතා කොට, “මට වේදනා දෙන්නේ මෙය වේ: මහෝත්තමයාණන්ගේ දකුණත පෙර තිබූ අයුරු නො වේ” යි කීවෙමි. ස්වාමින්වහන්සේගේ ක්‍රියා ගැන මම සිහි කරන්නෙමි; සැබවින් ම ඈත අතීතයේ ඔබ සිදු කළ හාස්කම් ගැන මම සිහි කරන්නෙමි. ඔබ සිදු කළ සියලු දේ මම මෙනෙහි කරන්නෙමි, ඔබගේ සියලු බලවත් ක්‍රියා කල්පනාවට ගන්නෙමි. අහෝ දෙවියන්වහන්ස, ඔබගේ මාර්ග ශුද්ධ ය; අපගේ දෙවියන්වහන්සේ මෙන් උතුම් අන් කවර දෙවියන් ද? ඔබවහන්සේ හාස්කම් කරන දෙවියන්වහන්සේ ය; ජනයා අතරේ ඔබ, ඔබගේ බලය විදහා දක්වන සේක. ඔබගේ බලවත් හස්තයෙන් ඔබ, ඔබගේ ජනයා වන යාකොබ්ගෙන් ද යෝසෙප්ගෙන් ද පැවත එන්නන් මුදන සේක. සෙලා ජල කඳන් ඔබ දුටු විට, අහෝ දෙවියන්වහන්ස, ජල කඳන් ඔබ දුටු කල ඇඹරුණේ ය; මහා ගැඹුර ගැහෙන්නට වන්නේ ය. වලාකුළු ජලය වැගිරවී ය, අහස ගිගුරුම් හඬින් රැව් දුන්නේ ය; ඔබගේ විදුලි, හී මෙන් ඒ මේ අත විහිදිණි. සුළි සුළඟ මැද්දේ ඔබගේ හෙණ හඬ ඇසිණ, ඔබගේ විදුලියෙන් ලොවට ම එළිය විහිදිණ; පොළොව වෙවුලා දෙදරිණ. ඔබගේ අඩි පාර, මුහුද ඔස්සේ විය, ඔබගේ මාවත මහා සාගර ජලය ඔස්සේ ගිය නමුදු, ඔබගේ පියසටහන් දක්නට නො විණි. මෝසෙස්ගේ ද ආරොන්ගේ ද අත යටතේ බැටළු රැළක් පරිදි, ඔබ, ඔබගේ ජනයාට මග පෙන් වූ සේක.

ගීතාවලිය 77:1-20 Sinhala Revised Old Version (SROV)

මාගේ හඬින් දෙවියන්වහන්සේට, එසේය, මාගේ හඬින් දෙවියන්වහන්සේට මොරගසන්නෙමි, උන්වහන්සේ මට කන්දෙනසේක. දුක් ඇති දවසේදී ස්වාමීන් සෙවීමි. රාත්‍රියේදී මාගේ අත නොනැවතී දිගුකර තිබුණේය; මාගේ ආත්මය සැනසෙන්ට අකැමැතිවිය. මම දෙවියන්වහන්සේ සිහිකොට චංචලව සිටිමි. මම මෙනෙහිකරමි, මාගේ ආත්මයද ශෝකයෙන් පිරී ගියේය. ඔබ මාගේ ඇස්වලින් නින්ද වලක්වනසේක. කථාකරන්ට බැරි තරම් කැලඹී සිටිමි. මම පුරාණයේ දවස්ද පූර්ව කාලවල අවුරුදුද කල්පනාකෙළෙමි. රාත්‍රියේ මාගේ ගීතිකාව සිහිකොට, මාගේම සිත සමඟ කථාකරමි; මාගේ ආත්මයද ඕනෑකමින් විමසුවේය. ස්වාමීන්වහන්සේ සදාකාලේටම පහකරනසේක්ද? තවත් කරුණා නොකරනසේක්ද? උන්වහන්සේගේ දයාව සහමුලින්ම පහව ගියේද? උන්වහන්සේගේ පොරොන්දුව සදාකල් ඉෂ්ට නොවන්නේද? දෙවියන්වහන්සේ කරුණාකරන්ට මතකනැතිකළසේක්ද? කෝපයෙන් ස්වකීය දයාව වැලැක්වූසේක්ද? එවිට මම කථාකොට: මේ මාගේ දුර්වලකමය; නුමුත් මහෝත්තමයාණන්ගේ දකුණතේ අවුරුදු සිහිකරන්නෙමි. ස්වාමීන්ගේ ක්‍රියා සඳහන් කරන්නෙමි; මක්නිසාද ඔබගේ පුරාණ ආශ්චර්යයන් සිහිකරන්නෙමි. ඔබගේ කර්මාන්ත සියල්ල ගැන භාවනාකරන්නෙමි, ඔබගේ ක්‍රියා ගැන මෙනෙහි කරන්නෙමියි කීයෙමි. දෙවියන්වහන්ස, ඔබගේ මාර්ගය ශුද්ධස්ථානයෙහිය. දෙවියන්වහන්සේ මෙන් උතුම් දෙවි කෙනෙක් කවුද? පුදුම දේ කරන දෙවියන්වහන්සේ නම් ඔබය. ඔබ මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබගේ ශක්තිය දැක්වූසේක. ඔබ යාකොබ්ගේද යෝසෙප්ගේද පුත්‍රයන් වන ඔබගේ සෙනඟ ඔබගේ බාහුවෙන් මුදාගත්සේක. දෙවියන්වහන්ස, ජලධාරාවෝ ඔබ දුටුවෝය; ජලධාරාවෝ ඔබ දැක භයවූවෝය. ගැඹුරු තැන්ද සෙලවුණෝය. වලාකුල් දිය වැගිරෙවුවෝය; අහස ශබ්දයක් නික්මවිය. ඔබගේ ඊගස්ද විහිද ගියේය. ඔබගේ ගර්ජනා ශබ්දය සුලි හුළඟෙහි විය; විදුලිද ලෝකය ආලෝකකෙළේය. පොළොව සෙලවී කම්පාවූවාය. ඔබගේ මාර්ගය මුහුදේ විය, ඔබගේ මාවත් මහත් ජලධාරාවන්හි විය, ඔබගේ පා සලකුණු ප්‍රකාශ නොවීය. ඔබ මෝසෙස් හා ආරොන් ලවා බැටළු රැළක් මෙන් ඔබගේ සෙනඟ ගෙනගියසේක.

ගීතාවලිය 77:1-20 Sinhala New Revised Version (NRSV)

මම දෙවිඳුන් හට මොරගසමි; එසේ ය, උස් හඬින් දෙවිඳුන් හට මොරගසමි. එතුමාණෝ මට සවන් දෙන සේක. විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමන් වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය. දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි; මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි. එතුමාණෝ මුළු රැය ම මා අවදිව තබන සේක. කතා කරන්නට බැරි තරමට මම කැළඹී සිටින්නෙමි. යටගිය දවස් ගැන මම කල්පනා කරන්නෙමි; ගෙවී ගිය අවුරුදු සිහිපත් කරන්නෙමි. මුළු රෑ පුරා මම භාවනා කරන්නෙමි. මම මෙනෙහි කරමින් මාගෙන් ම මෙලෙස අසන්නෙමි. “සමිඳාණෝ සදහට ම අප අත් හරින සේක් ද? එතුමාණෝ යළි අපට කරුණාව නොපෙන්වන සේක් ද? එතුමන්ගේ තිර පෙම සහමුලින් ම පහ ව ගොස් තිබේ ද? එතුමන් දුන් පොරොන්දුව සදහට ම ඉටු නොකරන සේක් ද? දෙවිඳාණෝ කරුණාව පෑමට අමතක කර ඇද් ද? නැතහොත් උදහස නිසා දයාව අත්හළ සේක් ද?” එවිට මම කතා කොට, “මට ඉතා වේදනා දෙන්නේ මෙය වේ; මන්ද, මහෝත්තමයාණන්ගේ බලය ඉවත් ව ගොස් තිබේ යැ”යි කීවෙමි. සමිඳුනි, ඔබේ තේජාන්විත ක්‍රියා මම සිහි කරන්නෙමි. ඔබ පෙර කළ අරුමපුදුම දේ මම කියා පාන්නෙමි. ඔබේ ක්‍රියා සියල්ල මම සිහි කරන්නෙමි, ඔබේ ප්‍රබල ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි. අහෝ දෙවිඳුනි! ඔබේ ක්‍රියා මාර්ගය විශුද්ධ ය; අපේ දෙවිඳුන්ට වඩා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ඇද් ද? හාස්කම් පාන දෙවිඳාණෝ ඔබ වහන්සේ ය. ජාතීන් අතර ඔබේ බල මහිමය ඔබ පෙන්වා ඇත්තේ ය. ඔබේ බලවත් හස්තයෙන් ඔබ තුමන් සෙනඟ මුදා ලූ සේක. ජාකොබ්ගේ සහ ජෝසෙප්ගේ පෙළපත් ඔබ ගළවා ලූ සේක. අහෝ දෙවිඳුනි! ජලධාරාවෝ ඔබ දුටු විට භය වූ හ. සාගර පත්ල පවා බියෙන් ඇලළී ගියේ ය. වලාකුළුවලින් වැසි වැස්සේ ය; අහස ගිගුරුම් හඬ දුන්නේ ය; විදුලි සැර දසත විහිදී ගියේ ය. ඔබේ හෙණ හඬ අහස් කුසේ ගිගුම් දිනි. විදුලි කෙටීම් ලොව එළි කෙළේ ය. පොළොව කම්පා වී දෙදරා ගියේ ය. මුහුද මැදින් ඔබේ මාවත විය. ගැඹුරු සමුදුර මැදින් ඔබ ගමන් කළ සේක. එහෙත්, ඔබේ පා සටහන් පෙනෙන්නට නො වී ය. මෝසෙස්ගේ සහ ආරොන්ගේ මඟපෙන්වීම ඇති ව, ඔබ ඔබේ ජනතාව බැටළුවන් මෙන් ගෙන ගිය සේක.

ගීතාවලිය 77:1-20 Sinhala New Revised Version 2018 (SNRV)

මම දෙවියන් වහන්සේ හට මොරගසමි; එසේ ය, උස් හඬින් දෙවිඳුන් හට මොරගසමි. එතුමාණෝ මට සවන් දෙන සේක. විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමාණෝ වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය. දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි; මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි. එතුමාණෝ මුළු රැය ම මා අවදිව තබන සේක. කතා කරන්නට බැරි තරමට මම කැළඹී සිටින්නෙමි. යටගිය දවස් ගැන මම කල්පනා කරන්නෙමි; ගෙවී ගිය අවුරුදු සිහිපත් කරන්නෙමි. මුළු රෑ පුරා මම භාවනා කරන්නෙමි. මම මෙනෙහි කරමින් මාගෙන් ම මෙලෙස අසන්නෙමි. “සමිඳාණෝ සදහට ම අප අත් හරින සේක් ද? එතුමාණෝ යළි අපට කරුණාව නොපෙන්වන සේක් ද? එතුමාණන්ගේ තිර පෙම සහමුලින් ම පහ ව ගොස් තිබේ ද? එතුමාණෝ දුන් පොරොන්දුව සදහට ම ඉටු නොකරන සේක් ද? දෙවිඳාණෝ කරුණාව පෑමට අමතක කර ඇද් ද? නැතහොත් උදහස නිසා දයාව අත්හළ සේක් ද?” එවිට මම කතා කොට, “මට ඉතා වේදනා දෙන්නේ මෙය වේ; මන්ද, මහෝත්තමයාණන්ගේ බලය ඉවත් ව ගොස් තිබේ යැ”යි කීවෙමි. සමිඳුනි, ඔබේ තේජාන්විත ක්‍රියා මම සිහි කරන්නෙමි. ඔබ පෙර කළ අරුමපුදුම දේ මම කියා පාන්නෙමි. ඔබේ ක්‍රියා සියල්ල මම සිහි කරන්නෙමි, ඔබේ ප්‍රබල ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි. අහෝ දෙවිඳුනි! ඔබේ ක්‍රියා මාර්ගය විශුද්ධ ය; අපේ දෙවිඳුන්ට වඩා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ඇද් ද? හාස්කම් පාන දෙවිඳාණෝ ඔබ වහන්සේ ය. ජාතීන් අතර ඔබේ බල මහිමය ඔබ පෙන්වා ඇත්තේ ය. ඔබේ බලවත් හස්තයෙන් ඔබ තුමන් සෙනඟ මුදා ලූ සේක. ජාකොබ්ගේ සහ ජෝසෙප්ගේ පෙළපත් ඔබ ගළවා ලූ සේක. අහෝ දෙවිඳුනි! ජලධාරාවෝ ඔබ දුටු විට භය වූ හ. සාගර පත්ල පවා බියෙන් ඇලළී ගියේ ය. වලාකුළුවලින් වැසි වැස්සේ ය; අහස ගිගුරුම් හඬ දුන්නේ ය; විදුලි සැර දසත විහිදී ගියේ ය. ඔබේ හෙණ හඬ අහස් කුසේ ගිගුම් දිනි. විදුලි කෙටීම් ලොව එළි කෙළේ ය. පොළොව කම්පා වී දෙදරා ගියේ ය. මුහුද මැදින් ඔබේ මාවත විය. ගැඹුරු සමුදුර මැදින් ඔබ ගමන් කළ සේක. එහෙත්, ඔබේ පා සටහන් පෙනෙන්නට නො වී ය. මෝසෙස්ගේ සහ ආරොන්ගේ මඟපෙන්වීම ඇති ව, ඔබ ඔබේ ජනතාව බැටළුවන් මෙන් ගෙන ගිය සේක.

ගීතාවලිය 77:1-20 New International Version (NIV)

I cried out to God for help; I cried out to God to hear me. When I was in distress, I sought the Lord; at night I stretched out untiring hands, and I would not be comforted. I remembered you, God, and I groaned; I meditated, and my spirit grew faint. You kept my eyes from closing; I was too troubled to speak. I thought about the former days, the years of long ago; I remembered my songs in the night. My heart meditated and my spirit asked: “Will the Lord reject forever? Will he never show his favor again? Has his unfailing love vanished forever? Has his promise failed for all time? Has God forgotten to be merciful? Has he in anger withheld his compassion?” Then I thought, “To this I will appeal: the years when the Most High stretched out his right hand. I will remember the deeds of the LORD; yes, I will remember your miracles of long ago. I will consider all your works and meditate on all your mighty deeds.” Your ways, God, are holy. What god is as great as our God? You are the God who performs miracles; you display your power among the peoples. With your mighty arm you redeemed your people, the descendants of Jacob and Joseph. The waters saw you, God, the waters saw you and writhed; the very depths were convulsed. The clouds poured down water, the heavens resounded with thunder; your arrows flashed back and forth. Your thunder was heard in the whirlwind, your lightning lit up the world; the earth trembled and quaked. Your path led through the sea, your way through the mighty waters, though your footprints were not seen. You led your people like a flock by the hand of Moses and Aaron.