ගීතාවලිය 73:4-15

ගීතාවලිය 73:4-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔවුන් වේදනා විඳින බවක් නො පෙනේ! ඔවුහු හොඳ ශරීර සෞඛ්‍යයෙන් ද ශක්තියෙන් ද යුතු වෙති. මිනිසාට පොදු කරදර, ඔවුනට නැත; සෙසු මිනිසුනට ඇති පීඩා, ඔවුනට නැත. එබැවින් ඔවුන්ගේ ගෙලෙහි මාලය, අහංකාරයයි; ඔවුන් අඳනා ඇඳුම, ප්‍රචණ්ඩත්වයයි. ඔවුන්ගේ තද හදවතින් අයුතුකම ගලා ඒ; ඔවුන්ගේ සිත්වල දුෂ්ටකමෙහි කෙළවරක් නැත. ඔවුහු අනුනට ගරහති; දුෂ්ට අදහසින් ම කතා කරති; තම අහංකාරයෙන් යුතු ව අනුනට තර්ජන කරති. ඔවුහු තම මුවින් ස්වර්ගයටත් අයිතිවාසිකම් කියති, තම දිවෙන් මුළු පොළොව ම අයිති කර ගනිති. ඔවුන්ගේ ජනයා ඔවුන් වෙත හැරෙන්නේ එබැවිනි, ඒ ජනයා ඔවුන්ගේ කියුම් වතුර මෙන් ගිල ගනිති. ඔවුහු අදහස් දක්වමින්, “දෙවියන්වහන්සේ මේවා කෙලෙස දැනගන්න ද? මහෝත්තමයාණන්වහන්සේට මේ ගැන දැනුම් තේරුම් තිබේ දැ?” යි අසති. දුෂ්ට මිනිසුන්ගේ හැටි එලෙස ය. ඔවුහු දුක් දොම්නසින් තොර ව වස්තු රැස් කර ගනිති. මගේ හදවත මා පවිත්‍ර ව තබාගත්තෙත්, නිදොස්කමින් මගේ දෑත් සෝදාගත්තේත් සැබවින් ම පල රහිත ව ද! දවස්පතා, දවස පුරා මම හිරිහැර විඳිමින් සිටිමි, උදයක් පාසා දඬුවම් ලබමින් සිටින්නෙමි. මමත් එලෙස කතා කළෙම් නම්, මා ඔබේ දරුවන්ගේ පරපුර පාවා දුන්නා වීමට තිබිණි.

ගීතාවලිය 73:4-15 Sinhala Revised Old Version (SROV)

මක්නිසාද ඔවුන්ගේ මරණයේදී වේදනා නැත. ඔවුන්ගේ ශක්තිය ස්ථිරය. වෙන මනුෂ්‍යයන්ට මෙන් ඔවුන්ට විපත්ති නැත. වෙන මනුෂ්‍යයන්ට මෙන් පීඩාද නැත. එබැවින් ආඩම්බරය ඔවුන්ගේ බෙල්ලේ මාලාවක් මෙන්ය; බලාත්කාරය වස්ත්‍රයක් මෙන් ඔවුන් සරසයි. ඔවුන්ගේ ඇස් තරකමින් නෙරා තිබේ. ලබන්ට ආශාවෙනවාටත් වඩා ඔවුන්ට සම්පත් ඇත. ඔව්හු ගර්හාකෙරෙති, දුෂ්ටකමින් බලාත්කාරය ගැන කථාකෙරෙති. උඩඟුලෙස කථාකෙරෙති, ඔව්හු තමුන්ගේ මුඛය අහසෙහි තබා තිබේ, ඔවුන්ගේ දිවද මුළු පොළොවෙහි සංචාරයකරයි. එබැවින් උන්වහන්සේගේ සෙනඟ මෙතැනට හැරී එති. පිරුණු කුසලානකින් ඔව්හු වතුර බේරා බොති. ඔව්හු කථාකොට: දෙවියන්වහන්සේ කෙසේ දන්නාසේක්ද? මහෝත්තමයාණන්ට දැනුම ඇද්දැයි කියති. බලව, දුෂ්ටයෝ මොව්හුය; මොව්හු නිතර සැපසේ වෙසෙමින් වස්තුවෙන් වර්ධනයවෙති. සැබවින් මාගේ සිත පවිත්‍ර කරගැනීමත් නිදොස්කමින් මාගේ අත් සේදීමත් නිෂ්ඵලවිය; මක්නිසාද දවස මුළුල්ලේම පීඩාකරනු ලැබීමි, උදයක් පාසා තරවටුද ලැබීමි. මම මෙසේ කථාකරන්නෙමියි කීයෙම් නම්; බලව, ඔබගේ දරුවන්ගේ පරම්පරාවට ද්‍රෝහියෙක් වෙමි.

ගීතාවලිය 73:4-15 Sinhala New Revised Version (NRSV)

ඔවුන් හට දුක් ගැහැට නැත්තේ ය. ඔවුන්ගේ කය නිදුක් නිරෝගී ව ඇත්තේ ය. අන් අයට මෙන් ඔවුන්ට කම්කටොලු කිසිත් නැත්තේ ය. අන් අය මෙන් ඔව්හු තාඩන පීඩන නොලබන්නෝ ය. එබැවින්, ඔව්හු අහංකාරකම ගෙල පළඳනාවක් මෙන් ද බලහත්කාරය වස්ත්‍රයක් මෙන් ද පැළඳ සිටින්නෝ ය. ඔවුන්ගේ නෙත් අහංකාරයෙන් ඉදිමී ඇත්තේ ය. ඔවුන්ගේ සිත් නිෂ්ඵල සිතුවිලිවලින් පිරී ඇත්තේ ය. ඔව්හු අන් අයට සිනාසෙන්නෝ ය; නපුරු දේ ගැන කතා කරන්නෝ ය; අහංකාරයෙන් ඉදිමී අන් අයට පීඩා කිරීමට සිතන්නෝ ය. ඔව්හු සුරලොව දෙවිඳුන්ට විරුද්ධ ව නපුර කතා කරන්නෝ ය. ඔව්හු නරලොව මිනිසුන්ට අහංකාර ලෙස අණ දෙන්නෝ ය. එබැවින්, දේව සෙනඟ පවා ඔවුන් වෙත හැරෙන්නෝ ය. ඔවුන් කියන සෑම දෙයක් ම මහා ආශාවෙන් විශ්වාස කරන්නෝ ය. ඔව්හු කතා කොට, “දෙවිඳාණෝ කෙසේ දන්න සේක් ද? මහෝත්තමයාණන්ට දැනුමක් ඇත්තේ දැ”යි විමසන්නෝ ය. දුදනන් දෙස බලන්න; ඔවුන්ට විපුල සම්පත් ඇත. ඒවා තවතවත් ඔව්හු වැඩි කරගන්නෝ ය. මා සිත නිර්මල ව තබාගත්තේත්, පවින් මා දුරු ව සිටියේත් නිකරුණේ ය. දෙවිඳුනි, ඔබ මට දවස පුරා පීඩා විඳීමට සැලැසූ සේක; ඔබ මට උදයක් උදයක් පාසා දඬුවම් කළ සේක; “මම මෙසේ කතා කරන්නෙමි”යි ඔවුන් මෙන් කියන්නට මට තිබුණේ ය. එසේ කෙළෙම් නම්, ඔබේ ජනතාවට ද්‍රෝහියෙකු වන්නට මට ඉඩ තිබිණි.

ගීතාවලිය 73:4-15 Sinhala New Revised Version 2018 (SNRV)