ගීතාවලිය 73:1-26

ගීතාවලිය 73:1-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉශ්‍රායෙල් ජනයාට, හදවතින් පවිත්‍ර ඇත්තනට, දෙවියන්වහන්සේ සැබවින් ම ගුණවත් ය. එහෙත් මගේ පාද, ලිස්සා යන්නට ඔන්න-මෙන්න විය; තව ඩිංගෙන් මගේ අඩිය ලිස්සා යන්නට තිබිණි. මන්ද දුෂ්ටයින් සඵල වනු මා දුටු කල ඒ අහංකාරීන් ගැන මා ඊර්ෂ්‍යා කළ බැවිනි. ඔවුන් වේදනා විඳින බවක් නො පෙනේ! ඔවුහු හොඳ ශරීර සෞඛ්‍යයෙන් ද ශක්තියෙන් ද යුතු වෙති. මිනිසාට පොදු කරදර, ඔවුනට නැත; සෙසු මිනිසුනට ඇති පීඩා, ඔවුනට නැත. එබැවින් ඔවුන්ගේ ගෙලෙහි මාලය, අහංකාරයයි; ඔවුන් අඳනා ඇඳුම, ප්‍රචණ්ඩත්වයයි. ඔවුන්ගේ තද හදවතින් අයුතුකම ගලා ඒ; ඔවුන්ගේ සිත්වල දුෂ්ටකමෙහි කෙළවරක් නැත. ඔවුහු අනුනට ගරහති; දුෂ්ට අදහසින් ම කතා කරති; තම අහංකාරයෙන් යුතු ව අනුනට තර්ජන කරති. ඔවුහු තම මුවින් ස්වර්ගයටත් අයිතිවාසිකම් කියති, තම දිවෙන් මුළු පොළොව ම අයිති කර ගනිති. ඔවුන්ගේ ජනයා ඔවුන් වෙත හැරෙන්නේ එබැවිනි, ඒ ජනයා ඔවුන්ගේ කියුම් වතුර මෙන් ගිල ගනිති. ඔවුහු අදහස් දක්වමින්, “දෙවියන්වහන්සේ මේවා කෙලෙස දැනගන්න ද? මහෝත්තමයාණන්වහන්සේට මේ ගැන දැනුම් තේරුම් තිබේ දැ?” යි අසති. දුෂ්ට මිනිසුන්ගේ හැටි එලෙස ය. ඔවුහු දුක් දොම්නසින් තොර ව වස්තු රැස් කර ගනිති. මගේ හදවත මා පවිත්‍ර ව තබාගත්තෙත්, නිදොස්කමින් මගේ දෑත් සෝදාගත්තේත් සැබවින් ම පල රහිත ව ද! දවස්පතා, දවස පුරා මම හිරිහැර විඳිමින් සිටිමි, උදයක් පාසා දඬුවම් ලබමින් සිටින්නෙමි. මමත් එලෙස කතා කළෙම් නම්, මා ඔබේ දරුවන්ගේ පරපුර පාවා දුන්නා වීමට තිබිණි. මේ සියල්ල වටහා ගැනීමට මා වැර දැරූ කල, එය මට මහත් අසීරු කටයුත්තක් විය. දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානයට මා ඇතුළු වන තෙක් ම ඒ එසේ විය; ඔවුන්ගේ අවසන් ඉරණම කවරේදැයි මට වැටහුනේ ඉන්පසුව ය. ඇත්තෙන් ම ඔබ ඔවුන් සිටවා තිබුණේ ලිස්සන තැනක ය. ඔබ ඔවුන් විනාශයට හෙළා දමන සේක. ඔවුන් වැනසී ගියේ කොතරම් ඉක්මනින් ද! ව්‍යසනයේ රැල්ලෙන් සපුරාම ඔවුන් ගසා ගෙන ගොස් ඇත්තේ, යමකු සිහිනයක් දැක, අවදි වුණාක් මෙනි; අහෝ ස්වාමිනි, ඔබ පිබිදෙන විට මායාවන් සේ ඔබ ඔවුන් පිළිකුල් කරන සේක. හදවතින් මා කම්පා වූ කාලයේ, මගේ සිතුවිලි තික්තකමින් යුතු වූ කාලයේ, මම හරි වැටහීමෙන් තොර ව, අවිද්‍යාත්මක ව සිටියෙමි; මම ඔබ ඉදිරියේ තිරිසන් සත්වයකු බඳු වීමි. එහෙත් මම හැම විටෙක ඔබ සමඟ වීමි; ඔබ මගේ දකුණතින් අල්ලාගෙන ම සිටි සේක. ඔබගේ උපදෙස්වලින් ඔබ මට මග පෙන් වූ සේක, අවසානයේදී ඔබ මා මහිමයට පිළිගන්නා සේක. ඔබ හැර ස්වර්ගයෙහි මට සිටින්නේ කවුරු ද? මේ පොළොවේදීත් ඔබ මිස මා අබිමත කිසිවක් නැත. මගේ සිරුරත්, මගේ හදවතත් වැහැරී යනු ඇත, එහෙත් මගේ හදවතේ ශක්තියත්, සදහට ම මගේ උරුම කොටසත් දෙවියන්වහන්සේ ය.

ගීතාවලිය 73:1-26 Sinhala Revised Old Version (SROV)

සැබවින් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්ට, එනම් පිරිසිදු සිත් ඇත්තන්ට, යහපත්ය. එහෙත් මාගේ පාද ඉවතයන්ට ළං විය; මාගේ අඩි නොලිස්සුවා පමණය. මක්නිසාද මම දුෂ්ටයන්ගේ අභිවෘද්ධිය දුටු කල, අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යාකෙළෙමි. මක්නිසාද ඔවුන්ගේ මරණයේදී වේදනා නැත. ඔවුන්ගේ ශක්තිය ස්ථිරය. වෙන මනුෂ්‍යයන්ට මෙන් ඔවුන්ට විපත්ති නැත. වෙන මනුෂ්‍යයන්ට මෙන් පීඩාද නැත. එබැවින් ආඩම්බරය ඔවුන්ගේ බෙල්ලේ මාලාවක් මෙන්ය; බලාත්කාරය වස්ත්‍රයක් මෙන් ඔවුන් සරසයි. ඔවුන්ගේ ඇස් තරකමින් නෙරා තිබේ. ලබන්ට ආශාවෙනවාටත් වඩා ඔවුන්ට සම්පත් ඇත. ඔව්හු ගර්හාකෙරෙති, දුෂ්ටකමින් බලාත්කාරය ගැන කථාකෙරෙති. උඩඟුලෙස කථාකෙරෙති, ඔව්හු තමුන්ගේ මුඛය අහසෙහි තබා තිබේ, ඔවුන්ගේ දිවද මුළු පොළොවෙහි සංචාරයකරයි. එබැවින් උන්වහන්සේගේ සෙනඟ මෙතැනට හැරී එති. පිරුණු කුසලානකින් ඔව්හු වතුර බේරා බොති. ඔව්හු කථාකොට: දෙවියන්වහන්සේ කෙසේ දන්නාසේක්ද? මහෝත්තමයාණන්ට දැනුම ඇද්දැයි කියති. බලව, දුෂ්ටයෝ මොව්හුය; මොව්හු නිතර සැපසේ වෙසෙමින් වස්තුවෙන් වර්ධනයවෙති. සැබවින් මාගේ සිත පවිත්‍ර කරගැනීමත් නිදොස්කමින් මාගේ අත් සේදීමත් නිෂ්ඵලවිය; මක්නිසාද දවස මුළුල්ලේම පීඩාකරනු ලැබීමි, උදයක් පාසා තරවටුද ලැබීමි. මම මෙසේ කථාකරන්නෙමියි කීයෙම් නම්; බලව, ඔබගේ දරුවන්ගේ පරම්පරාවට ද්‍රෝහියෙක් වෙමි. මා විසින් දෙවියන්වහන්සේගේ ශුද්ධ ස්ථානයට ගොස් ඔවුන්ගේ අන්තිමය ගැන කල්පනා කරන තෙක්, එය මට අධික වේදනා සහිත විය; එය දැනගත හැකි කෙසේදැයි සිතමින් සිටියෙමි. සැබවින් ඔබ ඔවුන් ලිස්සන තැන්වල සිටුවනසේක. ඔබ ඔවුන් විනාශයට හෙළනසේක. ඔවුන් ක්ෂණයකින් ශුන්‍යවූ හැටි! භීතිවලින් ඔව්හු සහමුලින්ම විනාශ වූවෝය. යමෙක් පිබිදෙන කල ඔහුට හීනයක් යම්සේද, ස්වාමිනි, ඔබ පිබිදෙන කල ඔබ ඔවුන්ගේ රූපාකාරය එසේ හෙළාදක්නාසේක. එහෙත් මාගේ සිත කැලඹුණේය, මාගේ හෘදයට ඇන්නාක්මෙන් විය. මම මෘගාකාර වීමි, අඥාන වීමි; ඔබ ඉදිරියෙහි තිරිසනෙකු මෙන් වීමි. එසේ නුමුත් මම නිතරම ඔබ සමඟය. ඔබ මාගේ දකුණත අල්ලාගත්සේක. ඔබගේ මන්ත්‍රණයෙන් මට මග පෙන්වනසේක, පසුව තේජසට මා පිළිගන්නාසේක. ස්වර්ගයෙහි ඔබ හැර මට ඇත්තේ කවුද? පොළොවෙහිද ඔබ හැර මා ආශා කරන කිසිවෙක් නැත. මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක.

ගීතාවලිය 73:1-26 Sinhala New Revised Version (NRSV)

අහෝ ඉශ්රායෙල්වරුනි! නිර්මල සිත් ඇත්තන් හට දෙවිඳාණෝ කොපමණ යහපත් ද? මා මොහොතකින් ලිස්සා යන්න තිබිණි. මාගේ පය ලිස්සන්නට විය. එසේ වූයේ, දුදනන්ගේ අභිවෘද්ධිය මා දැක ඔවුන්ගේ පාරට්ටු නිසා මා ඔවුන්ට ඊර්ෂ්‍යා කළ විට ය. ඔවුන් හට දුක් ගැහැට නැත්තේ ය. ඔවුන්ගේ කය නිදුක් නිරෝගී ව ඇත්තේ ය. අන් අයට මෙන් ඔවුන්ට කම්කටොලු කිසිත් නැත්තේ ය. අන් අය මෙන් ඔව්හු තාඩන පීඩන නොලබන්නෝ ය. එබැවින්, ඔව්හු අහංකාරකම ගෙල පළඳනාවක් මෙන් ද බලහත්කාරය වස්ත්‍රයක් මෙන් ද පැළඳ සිටින්නෝ ය. ඔවුන්ගේ නෙත් අහංකාරයෙන් ඉදිමී ඇත්තේ ය. ඔවුන්ගේ සිත් නිෂ්ඵල සිතුවිලිවලින් පිරී ඇත්තේ ය. ඔව්හු අන් අයට සිනාසෙන්නෝ ය; නපුරු දේ ගැන කතා කරන්නෝ ය; අහංකාරයෙන් ඉදිමී අන් අයට පීඩා කිරීමට සිතන්නෝ ය. ඔව්හු සුරලොව දෙවිඳුන්ට විරුද්ධ ව නපුර කතා කරන්නෝ ය. ඔව්හු නරලොව මිනිසුන්ට අහංකාර ලෙස අණ දෙන්නෝ ය. එබැවින්, දේව සෙනඟ පවා ඔවුන් වෙත හැරෙන්නෝ ය. ඔවුන් කියන සෑම දෙයක් ම මහා ආශාවෙන් විශ්වාස කරන්නෝ ය. ඔව්හු කතා කොට, “දෙවිඳාණෝ කෙසේ දන්න සේක් ද? මහෝත්තමයාණන්ට දැනුමක් ඇත්තේ දැ”යි විමසන්නෝ ය. දුදනන් දෙස බලන්න; ඔවුන්ට විපුල සම්පත් ඇත. ඒවා තවතවත් ඔව්හු වැඩි කරගන්නෝ ය. මා සිත නිර්මල ව තබාගත්තේත්, පවින් මා දුරු ව සිටියේත් නිකරුණේ ය. දෙවිඳුනි, ඔබ මට දවස පුරා පීඩා විඳීමට සැලැසූ සේක; ඔබ මට උදයක් උදයක් පාසා දඬුවම් කළ සේක; “මම මෙසේ කතා කරන්නෙමි”යි ඔවුන් මෙන් කියන්නට මට තිබුණේ ය. එසේ කෙළෙම් නම්, ඔබේ ජනතාවට ද්‍රෝහියෙකු වන්නට මට ඉඩ තිබිණි. මම මේ ගැටළුව තේරුම්ගන්නට තැත් කෙළෙමි. එහෙත්, මට එය ඉතා දුෂ්කර විය. ශුද්ධස්ථානයට ඇතුළු වන තෙක් එය මට දුෂ්කර ගැටළුවක් විය. එහි ඇතුළු වූ පසු දුදනන්ගේ අවසන් ඉරණම මම තේරුම්ගතිමි. ඇත්තට ම ඔබ ඔවුන් විනාශයට පත් කරන සේක. පාතාල ලෝකයට ඔවුන් හෙළාදමන සේක. ඔව්හු සැණෙකින් වැනසී යන්නෝ ය. තැතිගෙන අන්ත විනාශයට ම වැටී යන්නෝ ය. ඔව්හු, අවදි වූ විට අමතක වී යන සිහිනයක් බඳු ය. අහෝ සමිඳුනි! ඔබ පිබිදෙන කල ඔව්හු මායා මෙන් මැකී යන්නෝ ය. මාගේ සිත කලකිරුණේ ය; මට වේදනා දැනෙන්නට විය. එවිට මම වැටහීමක් නැති මෝඩයෙකු මෙන් වූයෙමි. ඔබ අබිමුව තිරිසනෙකු බවට පත් වුණෙමි. එහෙත්, නිරතුරු මම ඔබ සමඟ සිටියෙමි. ඔබ මා දකුණතින් අල්ලාගත් සේක. ඔබේ උවදෙසින් ඔබ මට මඟපෙන්වන සේක. පසු ව ඔබ මට ගරු සම්මාන දී මා පිළිගන්න සේක. ඔබ හැර සුරලොව මට සිටින්නේ කවරෙක් ද? ඔබ ඇති විට නරලොව කිසිවෙකුට මම ලොල් නොකරමි. මාගේ ගත සිත කෙමෙන් වැහැරෙයි; එහෙත්, දෙවිඳාණෝ මාගේ ශක්තිය ද උරුමය ද වන සේක.

ගීතාවලිය 73:1-26 Sinhala New Revised Version 2018 (SNRV)

අහෝ ඉශ්රායෙල්වරුනි! නිර්මල සිත් ඇත්තන් හට දෙවිඳාණෝ කොපමණ යහපත් ද? මා මොහොතකින් ලිස්සා යන්න තිබිණි. මාගේ පය ලිස්සන්නට විය. එසේ වූයේ, දුදනන්ගේ අභිවෘද්ධිය මා දැක ඔවුන්ගේ පාරට්ටු නිසා මා ඔවුන්ට ඊර්ෂ්‍යා කළ විට ය. ඔවුන් හට දුක් ගැහැට නැත්තේ ය. ඔවුන්ගේ කය නිදුක් නිරෝගී ව ඇත්තේ ය. අන් අයට මෙන් ඔවුන්ට කම්කටොලු කිසිත් නැත්තේ ය. අන් අය මෙන් ඔව්හු තාඩන පීඩන නොලබන්නෝ ය. එබැවින්, ඔව්හු අහංකාරකම ගෙල පළඳනාවක් මෙන් ද බලහත්කාරය වස්ත්‍රයක් මෙන් ද පැළඳ සිටින්නෝ ය. ඔවුන්ගේ නෙත් අහංකාරයෙන් ඉදිමී ඇත්තේ ය. ඔවුන්ගේ සිත් නිෂ්ඵල සිතුවිලිවලින් පිරී ඇත්තේ ය. ඔව්හු අන් අයට සිනාසෙන්නෝ ය; නපුරු දේ ගැන කතා කරන්නෝ ය; අහංකාරයෙන් ඉදිමී අන් අයට පීඩා කිරීමට සිතන්නෝ ය. ඔව්හු සුරලොව දෙවිඳුන්ට විරුද්ධ ව නපුර කතා කරන්නෝ ය. ඔව්හු නරලොව මිනිසුන්ට අහංකාර ලෙස අණ දෙන්නෝ ය. එබැවින්, දේව සෙනඟ පවා ඔවුන් වෙත හැරෙන්නෝ ය. ඔවුන් කියන සෑම දෙයක් ම මහා ආශාවෙන් විශ්වාස කරන්නෝ ය. ඔව්හු කතා කොට, “දෙවිඳාණෝ කෙසේ දන්න සේක් ද? මහෝත්තමයාණන්ට දැනුමක් ඇත්තේ දැ”යි විමසන්නෝ ය. දුදනන් දෙස බලන්න; ඔවුන්ට විපුල සම්පත් ඇත. ඒවා තවතවත් ඔව්හු වැඩි කරගන්නෝ ය. මා සිත නිර්මල ව තබාගත්තේත්, පවින් මා දුරු ව සිටියේත් නිකරුණේ ය. දෙවිඳුනි, ඔබ මට දවස පුරා පීඩා විඳීමට සැලැසූ සේක; ඔබ මට උදයක් උදයක් පාසා දඬුවම් කළ සේක; “මම මෙසේ කතා කරන්නෙමි”යි ඔවුන් මෙන් කියන්නට මට තිබුණේ ය. එසේ කෙළෙම් නම්, ඔබේ ජනතාවට ද්‍රෝහියෙකු වන්නට මට ඉඩ තිබිණි. මම මේ ගැටළුව තේරුම්ගන්නට තැත් කෙළෙමි. එහෙත්, මට එය ඉතා දුෂ්කර විය. ශුද්ධස්ථානයට ඇතුළු වන තෙක් එය මට දුෂ්කර ගැටළුවක් විය. එහි ඇතුළු වූ පසු දුදනන්ගේ අවසන් ඉරණම මම තේරුම්ගතිමි. ඇත්තට ම ඔබ ඔවුන් විනාශයට පත් කරන සේක. පාතාල ලෝකයට ඔවුන් හෙළාදමන සේක. ඔව්හු සැණෙකින් වැනසී යන්නෝ ය. තැතිගෙන අන්ත විනාශයට ම වැටී යන්නෝ ය. ඔව්හු, අවදි වූ විට අමතක වී යන සිහිනයක් බඳු ය. අහෝ සමිඳුනි! ඔබ පිබිදෙන කල ඔව්හු මායා මෙන් මැකී යන්නෝ ය. මාගේ සිත කලකිරුණේ ය; මට වේදනා දැනෙන්නට විය. එවිට මම වැටහීමක් නැති මෝඩයෙකු මෙන් වූයෙමි. ඔබ අබිමුව තිරිසනෙකු බවට පත් වුණෙමි. එහෙත්, නිරතුරු මම ඔබ සමඟ සිටියෙමි. ඔබ මා දකුණතින් අල්ලාගත් සේක. ඔබේ උවදෙසින් ඔබ මට මඟපෙන්වන සේක. පසු ව ඔබ මට ගරු සම්මාන දී මා පිළිගන්න සේක. ඔබ හැර සගලොව මට සිටින්නේ කවරෙක් ද? ඔබ ඇති විට නරලොව කිසිවෙකුට මම ලොල් නොකරමි. මාගේ ගත සිත කෙමෙන් වැහැරෙයි; එහෙත්, දෙවිඳාණෝ මාගේ ශක්තිය ද උරුමය ද වන සේක.

ගීතාවලිය 73:1-26 New International Version (NIV)

Surely God is good to Israel, to those who are pure in heart. But as for me, my feet had almost slipped; I had nearly lost my foothold. For I envied the arrogant when I saw the prosperity of the wicked. They have no struggles; their bodies are healthy and strong. They are free from common human burdens; they are not plagued by human ills. Therefore pride is their necklace; they clothe themselves with violence. From their callous hearts comes iniquity; their evil imaginations have no limits. They scoff, and speak with malice; with arrogance they threaten oppression. Their mouths lay claim to heaven, and their tongues take possession of the earth. Therefore their people turn to them and drink up waters in abundance. They say, “How would God know? Does the Most High know anything?” This is what the wicked are like— always free of care, they go on amassing wealth. Surely in vain I have kept my heart pure and have washed my hands in innocence. All day long I have been afflicted, and every morning brings new punishments. If I had spoken out like that, I would have betrayed your children. When I tried to understand all this, it troubled me deeply till I entered the sanctuary of God; then I understood their final destiny. Surely you place them on slippery ground; you cast them down to ruin. How suddenly are they destroyed, completely swept away by terrors! They are like a dream when one awakes; when you arise, Lord, you will despise them as fantasies. When my heart was grieved and my spirit embittered, I was senseless and ignorant; I was a brute beast before you. Yet I am always with you; you hold me by my right hand. You guide me with your counsel, and afterward you will take me into glory. Whom have I in heaven but you? And earth has nothing I desire besides you. My flesh and my heart may fail, but God is the strength of my heart and my portion forever.