ගීතාවලිය 71:3-6
ගීතාවලිය 71:3-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හැම විට ගොස්, රැකවරණ ලබන්නට, මගේ සරණයේ පර්වතය වුව මැනවි; මගේ පර්වතයත්, මගේ බළකොටුවත් ඔබ ම බැවින්, මා ගලවන්නට නියෝගය දුන මැනවි. අහෝ මගේ දෙවියන්වහන්ස, දුෂ්ටයන්ගේ අත්වලින්, අසාධාරණ හා කෲර වූ මිනිසුන්ගේ ග්රහණයෙන් මා මුදා ගත මැනවි. අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මගේ බලාපොරොත්තුව ඔබ ය, බාල කාලයේ පටන් මගේ විශ්වාසය ඔබ ය. උපතේ පටන් මා විශ්වාසය තැබුවේ ඔබ මත ය; මගේ මවගේ කුසයෙන් මා පිටතට ගෙනාවේ ද ඔබ ම ය. සැමදා මම ඔබට පැසසුම් දෙන්නෙමි.
ගීතාවලිය 71:3-6 Sinhala Revised Old Version (SROV)
මා නිතරම යන පිණිස මට පර්වත නිවාසයක් වුව මැනව. මා ගළවන්ට ඔබ අණ දී තිබේ; මක්නිසාද මාගේ පර්වතය හා බලකොටුවත් ඔබය. මාගේ දෙවියන්වහන්ස, දුෂ්ටයාගේ අතින්, එනම් අධර්මිෂ්ඨවූ කෲරවූ මනුෂ්‍යයාගේ අතින්, මා මුදාගත මැනව. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, මාගේ බලාපොරොත්තුව ඔබය. තරුණ වයස පටන් මාගේ විශ්වාසය ඔබය. මවු ගැබෙහි පටන් ඔබ මා ඉසුලූසේක. මවු කුසින් මා පිටතට ගත්තේ ඔබය. මාගේ ප්‍රශංසාව නිතරම ඔබ ගැන වන්නේය.
ගීතාවලිය 71:3-6 Sinhala New Revised Version (NRSV)
ඔබ මාගේ පර්වතය ද බලකොටුව ද වන බැවින් ඔබ මට රැකවරණය දෙන පර්වතයක් වුව මැනව! මා මුදාලන බලකොටුවක් වුව මැනව! මාගේ දෙවිඳුනි! දුෂ්ටයන්ගේ බලයෙන් මා මුදාගත මැනව; අපරාධකරුගේ ද දුදනාගේ ද ග්රහණයෙන් මා මිදුව මැනව! මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ මාගේ බලාපොරොත්තුව වන සේක. සමිඳුනි, මාගේ තරුණ වියේ සිට මාගේ විශ්වාසය මම ඔබ තුළ තැබුවෙමි. උපන් දා සිට ඔබ මට පිහිට වූ සේක; මවු කුසේ සිට ඔබ මා රැකගත් සේක. මම ඔබ ගැන නිරතුරු ප්‍රශංසා කරන්නෙමි.
ගීතාවලිය 71:3-6 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබ මාගේ පර්වතය ද බලකොටුව ද වන බැවින් ඔබ මට රැකවරණය දෙන පර්වතයක් වුව මැනව! මා මුදාලන බලකොටුවක් වුව මැනව! මාගේ දෙවිඳුනි! දුෂ්ටයන්ගේ බලයෙන් මා මුදාගත මැනව; අපරාධකරුගේ ද දුදනාගේ ද ග්රහණයෙන් මා මිදුව මැනව! මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ මාගේ බලාපොරොත්තුව වන සේක. සමිඳුනි, මාගේ තරුණ වියේ සිට මාගේ විශ්වාසය මම ඔබ තුළ තැබුවෙමි. උපන් දා සිට ඔබ මට පිහිට වූ සේක; මවු කුසේ සිට ඔබ මා රැකගත් සේක. මම ඔබ ගැන නිරතුරු ප්‍රශංසා කරන්නෙමි.
ගීතාවලිය 71:3-6 New International Version (NIV)
Be my rock of refuge, to which I can always go; give the command to save me, for you are my rock and my fortress. Deliver me, my God, from the hand of the wicked, from the grasp of those who are evil and cruel. For you have been my hope, Sovereign LORD, my confidence since my youth. From birth I have relied on you; you brought me forth from my mother’s womb. I will ever praise you.