ගීතාවලිය 71:15-16 - Compare All Versions

ගීතාවලිය 71:15-16 SROV (Sinhala Revised Old Version)

මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබගේ ධර්මිෂ්ඨකම හා ඔබගේ ගැළවීම ප්‍රකාශකරන්නේය; මක්නිසාද එහි ගණන නොදනිමි. ස්වාමිවූ දෙවියන්වහන්සේ ගේ බලවත් ක්‍රියා පෙරටුකොටගෙන එන්නෙමි. ඔබගේ ධර්මිෂ්ඨකම පමණක්ම සඳහන්කරන්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 71 SROV

ගීතාවලිය 71:15-16 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මගේ මුවින් ඔබගේ ධර්මිෂ්ඨභාවය ගැන පවසන්නෙමි, දවස පුරා ම ඔබෙන් ලැබෙන ගැලවීම ගැන පවසන්නෙමි, ඒවා මගේ වැටහීමටත් වඩා වැඩි ය. ඔබගේ බලගතු ක්‍රියා ප්‍රකාශ කරමින්, මම එන්නෙමි අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබගේ ධර්මිෂ්ඨභාවය, ඔබගේ ධර්මිෂ්ඨභාවය ගැන පමණක් මම සඳහන් කරන්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 71 SCV

ගීතාවලිය 71:15-16 NRSV (Sinhala New Revised Version)

දවස පුරා ඔබේ සාධාරණ ක්‍රියා ද ඔබේ විමුක්තිදායක ක්‍රියා ද මා මුවින් ප්‍රකාශ කරමි. මන්ද, මම ඒවායේ ප්‍රමාණය නොදන්නෙමි. දෙවි සමිඳුනි, ඔබේ බල මහිමය මම පසසන්නෙමි, ඔබේ ම, එසේ ය ඔබේ ම යහපත්කම මම ප්‍රකාශ කරන්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 71 NRSV

ගීතාවලිය 71:15-16 SNRV (Sinhala New Revised Version 2018)

දවස පුරා ඔබේ සාධාරණ ක්‍රියා ද ඔබේ විමුක්තිදායක ක්‍රියා ද මා මුවින් ප්‍රකාශ කරමි. මන්ද, මම ඒවායේ ප්‍රමාණය නොදන්නෙමි. දෙවි සමිඳුනි, ඔබේ බල මහිමය මම පසසන්නෙමි, ඔබේ ම, එසේ ය ඔබේ ම යහපත්කම මම ප්‍රකාශ කරන්නෙමි.

බෙදාගන්න
ගීතාවලිය 71 SNRV

ගීතාවලිය 71:15-16 NIV (New International Version)

My mouth will tell of your righteous deeds, of your saving acts all day long— though I know not how to relate them all. I will come and proclaim your mighty acts, Sovereign LORD; I will proclaim your righteous deeds, yours alone.

බෙදාගන්න
ගීතාවලිය 71 NIV