ගීතාවලිය 71:1-5 - Compare All Versions
ගීතාවලිය 71:1-5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
සරණය සොයමි මම, ඔබවහන්සේ තුළ, අහෝ ස්වාමින්වහන්ස, ලජ්ජාවට පත්වන්න කිසි දින මට ඉඩ නො තබනු මැනවි; මුදනු මැනවි මා, බේරුව මැනවි මා ඔබේ දමිටුකම නිසා. මා වෙත ඔබේ සවන යොමා, මා ගැලෙවුව මැනව. හැම විට ගොස්, රැකවරණ ලබන්නට, මගේ සරණයේ පර්වතය වුව මැනවි; මගේ පර්වතයත්, මගේ බළකොටුවත් ඔබ ම බැවින්, මා ගලවන්නට නියෝගය දුන මැනවි. අහෝ මගේ දෙවියන්වහන්ස, දුෂ්ටයන්ගේ අත්වලින්, අසාධාරණ හා කෲර වූ මිනිසුන්ගේ ග්‍රහණයෙන් මා මුදා ගත මැනවි. අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මගේ බලාපොරොත්තුව ඔබ ය, බාල කාලයේ පටන් මගේ විශ්වාසය ඔබ ය.
ගීතාවලිය 71:1-5 SROV (Sinhala Revised Old Version)
ස්වාමිනි, ඔබ විශ්වාසකරමි. කිසිකලකත් ලජ්ජා නොවෙම්වා. ඔබගේ ධර්මිෂ්ඨකමින් මා මුදා නිදහස් කළ මැනව. ඔබගේ කන මා දෙසට නමා මා ගැළෙවුව මැනව. මා නිතරම යන පිණිස මට පර්වත නිවාසයක් වුව මැනව. මා ගළවන්ට ඔබ අණ දී තිබේ; මක්නිසාද මාගේ පර්වතය හා බලකොටුවත් ඔබය. මාගේ දෙවියන්වහන්ස, දුෂ්ටයාගේ අතින්, එනම් අධර්මිෂ්ඨවූ කෲරවූ මනුෂ්‍යයාගේ අතින්, මා මුදාගත මැනව. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, මාගේ බලාපොරොත්තුව ඔබය. තරුණ වයස පටන් මාගේ විශ්වාසය ඔබය.
ගීතාවලිය 71:1-5 NRSV (Sinhala New Revised Version)
අහෝ සමිඳුනි! සරණ පතා මම ඔබ වෙත පැමිණියෙමි. කිසි කලක මා ලජ්ජාවට පත් නොකළ මැනව! ඔබේ සාධාරණකම නිසා මට පිහිට වී මා මුදාලුව මැනව! මට සවන් දී මා ගැළෙවුව මැනව! ඔබ මාගේ පර්වතය ද බලකොටුව ද වන බැවින් ඔබ මට රැකවරණය දෙන පර්වතයක් වුව මැනව! මා මුදාලන බලකොටුවක් වුව මැනව! මාගේ දෙවිඳුනි! දුෂ්ටයන්ගේ බලයෙන් මා මුදාගත මැනව; අපරාධකරුගේ ද දුදනාගේ ද ග්‍රහණයෙන් මා මිදුව මැනව! මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ මාගේ බලාපොරොත්තුව වන සේක. සමිඳුනි, මාගේ තරුණ වියේ සිට මාගේ විශ්වාසය මම ඔබ තුළ තැබුවෙමි.
ගීතාවලිය 71:1-5 SNRV (Sinhala New Revised Version 2018)
අහෝ සමිඳාණන් වහන්ස! සරණ පතා මම ඔබ වෙත පැමිණියෙමි. කිසි කලක මා ලජ්ජාවට පත් නොකළ මැනව! ඔබේ සාධාරණකම නිසා මට පිහිට වී මා මුදාලුව මැනව! මට සවන් දී මා ගැළෙවුව මැනව! ඔබ මාගේ පර්වතය ද බලකොටුව ද වන බැවින් ඔබ මට රැකවරණය දෙන පර්වතයක් වුව මැනව! මා මුදාලන බලකොටුවක් වුව මැනව! මාගේ දෙවිඳුනි! දුෂ්ටයන්ගේ බලයෙන් මා මුදාගත මැනව; අපරාධකරුගේ ද දුදනාගේ ද ග්‍රහණයෙන් මා මිදුව මැනව! මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ මාගේ බලාපොරොත්තුව වන සේක. සමිඳුනි, මාගේ තරුණ වියේ සිට මාගේ විශ්වාසය මම ඔබ තුළ තැබුවෙමි.
ගීතාවලිය 71:1-5 NIV (New International Version)
In you, LORD, I have taken refuge; let me never be put to shame. In your righteousness, rescue me and deliver me; turn your ear to me and save me. Be my rock of refuge, to which I can always go; give the command to save me, for you are my rock and my fortress. Deliver me, my God, from the hand of the wicked, from the grasp of those who are evil and cruel. For you have been my hope, Sovereign LORD, my confidence since my youth.