ගීතාවලිය 69:16-17
ගීතාවලිය 69:16-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ නොමියෙන පෙමෙහි අනගිතාවෙන් මට පිළිතුරු දුන මැන අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ඉමහත් දයාවෙන් මා වෙත හැරුණ මැනව. ඔබගේ මුහුණ ඔබගේ සේවකයා වෙතින් සඟවා නො ගත මැනව; මා විපතට පත් ව සිටින නිසා වහා පිළිතුරු දුන මැනව.
බෙදාගන්න
ගීතාවලිය 69 කියවන්නගීතාවලිය 69:16-17 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, මට උත්තරදුන මැනව; මක්නිසාද ඔබගේ කරුණාගුණය යහපත්ය. ඔබගේ දයාබරකම් රාශිය ලෙස මා දෙසට හැරුණ මැනව. ඔබගේ මෙහෙකරුවාගෙන් ඔබගේ මුහුණ සඟවා නොගත මැනව; මක්නිසාද විපතට පත්ව සිටිමි; ඉක්මනින් මට උත්තරදුන මැනව.
බෙදාගන්න
ගීතාවලිය 69 කියවන්නගීතාවලිය 69:16-17 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, ඔබේ තිර පෙම යහපත් බැවින් මට පිළිතුර දුන මැනව! ඔබේ ඉමහත් දයාව අනුව ඔබේ මුහුණ මා වෙත හැරෙව්ව මැනව! ඔබේ දාසයා වෙතින් ඔබ මුහුණ ඉවතට නොගත මැනව! මා විපතට පත් ව සිටින බැවින් යුහු ව මට පිළිතුරු දුන මැනව!
බෙදාගන්න
ගීතාවලිය 69 කියවන්න