ගීතාවලිය 68:4-6
ගීතාවලිය 68:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේට ගී ගයන්න, උන්වහන්සේගේ නාමයට පැසසුම් ගී ගයන්න; වලාකුළු පිට නැගී යන තැනැන්වහන්සේට ප්රශංසා කරන්න; උන්වහන්සේගේ නාමය ස්වාමින්වහන්සේ යනු ය. උන්වහන්සේ ඉදිරියේ ප්රමෝද වන්න. පියා නැති දරුවනට පියකු ද වැන්දඹුවනට ආරක්ෂකයකු ද වන දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධ වාසස්ථානය තුළ ය. දෙවියන්වහන්සේ තනි වූ අය පවුලකට යා කරවන සේක. උන්වහන්සේ සිරකරුවන් අභිවෘද්ධිය වෙත ගෙන යන සේක; එහෙත් කැරලිකරුවන් වියළි කතරේ විසීමට හරින සේක.
ගීතාවලිය 68:4-6 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේට ගීතිකාකරව්, උන්වහන්සේගේ නාමයට ප්රශංසා ගී කියව්. කාන්තාර මැදින් නැගී යන්නාවූ උන්වහන්සේට මාවතක් සාදව්; යාඃ යනු උන්වහන්සේගේ නාමයවේ; උන්වහන්සේ ඉදිරියෙහි ප්රීතිමත්වව්. ස්වකීය ශුද්ධ නිවාසයෙහි වැඩවසන දෙවියන්වහන්සේ පියා නැත්තන්ට පියෙක්ද වැන්දඹුවන්ට විනිශ්චයකාරයෙක්ද වනසේක. දෙවියන්වහන්සේ හුදකලාවූවන් පවුල්වල වස්වනසේක. හිරකාරයන් අභිවෘද්ධියට පමුණුවනසේක. නුමුත් කැරළිකාරයෝ දාගිය තැනක වසති.
ගීතාවලිය 68:4-6 Sinhala New Revised Version (NRSV)
දෙවිඳුන්ට ගී ගයන්න; එතුමන්ගේ නම කියා එතුමන් පසසන්න. වලාකුළු අරා වඩින සමිඳුන් හට මාවතක් පිළියෙළ කරන්න; එතුමන්ගේ නාමය සමිඳාණෝ ය, එතුමන් අබිමුව ප්රීතියෙන් සිටින්න. එතුමාණෝ, අනාථයන්ගේ පියාණෝ ද වැන්දඹුවන්ගේ ආරක්ෂකයාණෝ ද වන සේක. සිය ශුද්ධ නිවාසයෙහි වසන එතුමාණෝ දෙවිඳාණෝ ය. දෙවිඳාණෝ අනාථ වූවන්ට නිවෙස් තනා දෙන සේක; හිරකරුවන්ට නිදහස දෙන සේක; එහෙත්, කැරලිකරුවන් මරුකතරේ විසීමට හරින සේක.
ගීතාවලිය 68:4-6 Sinhala New Revised Version 2018 (SNRV)
දෙවිඳුන්ට ගී ගයන්න; එතුමාණන්ගේ නම කියා එතුමාණෝ පසසන්න. වලාකුළු අරා වඩින සමිඳුන් හට මාවතක් පිළියෙළ කරන්න; එතුමාණන්ගේ නාමය සමිඳාණෝ ය, එතුමාණෝ අබිමුව ප්රීතියෙන් සිටින්න. එතුමාණෝ, අනාථයන්ගේ පියාණෝ ද වැන්දඹුවන්ගේ ආරක්ෂකයාණෝ ද වන සේක. සිය ශුද්ධ නිවාසයෙහි වසන එතුමාණෝ දෙවිඳාණෝ ය. දෙවිඳාණෝ අනාථ වූවන්ට නිවෙස් තනා දෙන සේක; හිරකරුවන්ට නිදහස දෙන සේක; එහෙත්, කැරලිකරුවන් මරුකතරේ විසීමට හරින සේක.
ගීතාවලිය 68:4-6 New International Version (NIV)
Sing to God, sing in praise of his name, extol him who rides on the clouds; rejoice before him—his name is the LORD. A father to the fatherless, a defender of widows, is God in his holy dwelling. God sets the lonely in families, he leads out the prisoners with singing; but the rebellious live in a sun-scorched land.