ගීතාවලිය 63:3-5
ගීතාවලිය 63:3-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ නොමියෙන ප්‍රේමය ජීවිතයටත් වඩා අගනේ ය, මගේ දෙතොලතරින් ඔබට ප්‍රශංසා කරමි. ජීවිතේ ඇති තුරා මම ඔබ පසසන්නෙමි, ඔබගේ නාමයෙන් මම මගේ අත් ඔසවන්නෙමි. රසමසවුලෙන් මෙන් මම තෘප්තියට පත් වන්නෙමි; ගී ගයන තොලින් යුතු ව, මා මුවින් ඔබට ප්‍රශංසා කරන්නෙමි.
ගීතාවලිය 63:3-5 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ඔබගේ කරුණාගුණය ජීවිතයට වඩා යහපත; මාගේ තොල් ඔබට ප්‍රශංසාකරන්නේය. මෙසේ මම ජීවත්ව සිටින තෙක් ඔබට ප්‍රශංසාකරන්නෙමි. ඔබගේ නාමයෙන් මාගේ අත් ඔසවන්නෙමි. මාගේ යහනේදී ඔබ සිහිකරන කලද, රෑ යාම්වලදී ඔබ මෙනෙහිකරන කලද
ගීතාවලිය 63:3-5 Sinhala New Revised Version (NRSV)
ඔබේ තිර පෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේ ය; මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේ ය. මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි. රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි; මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි.
ගීතාවලිය 63:3-5 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබේ තිර පෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේ ය; මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේ ය. මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි. රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි; මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි.
ගීතාවලිය 63:3-5 New International Version (NIV)
Because your love is better than life, my lips will glorify you. I will praise you as long as I live, and in your name I will lift up my hands. I will be fully satisfied as with the richest of foods; with singing lips my mouth will praise you.