ගීතාවලිය 61:1-3
ගීතාවලිය 61:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අසනු මැනව මගේ මොර ගැසීම, අහෝ දෙවියන්වහන්ස, සවන් යොමනු මැන මගේ යැදුමට. පොළෝ කෙළවරේ සිට මම ඔබට හඬ ගසමි; මහදේ දිරිය හීන වන කල, මම ඔබට හඬ ගසමි, මා විසින් නැගිය නො හැකි පර්වතය මතට මා ගෙන ගිය මැනව. මන්ද මෙතුවක් මගේ සරණය වූයේ ඔබ ම ය; මගේ සතුරා අබියස ඔබ මට සවි බළකොටුවකි.
ගීතාවලිය 61:1-3 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්ස, මාගේ මොරගැසීම ඇසුව මැනව; මාගේ යාච්ඤාවට කන්දුන මැනව. මාගේ සිත ක්ලාන්තවන කල පොළොවේ කෙළවර සිට ඔබට හඬ ගසන්නෙමි. මා විසින්ම නැංග නොහැකි පර්වතයට මා ගෙනගිය මැනව. මක්නිසාද ඔබ මට රක්ෂාස්ථානයක්ද සතුරා කෙරෙන් බලකොටුවක්ද වූසේක.
ගීතාවලිය 61:1-3 Sinhala New Revised Version (NRSV)
අහෝ දෙවිඳුනි! මාගේ මොරගැසීම ඇසුව මැනව; මාගේ යැදුමට සවන් දුන මැනව. මාගේ සිතෙහි දිරිය සුන් වන කල පාතාල ලොව ගැටියේ සිට මම ඔබට හඬගසමි. මට නැඟිය නොහැකි පර්වතයකට මා ගෙන ගිය මැනව. මන්ද, ඔබ තුමාණෝ මාගේ සරණය වූ සේක; සතුරාට එරෙහි ව සවි බලකොටුවක් වූ සේක.
ගීතාවලිය 61:1-3 Sinhala New Revised Version 2018 (SNRV)