ගීතාවලිය 61:1-2
ගීතාවලිය 61:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අසනු මැනව මගේ මොර ගැසීම, අහෝ දෙවියන්වහන්ස, සවන් යොමනු මැන මගේ යැදුමට. පොළෝ කෙළවරේ සිට මම ඔබට හඬ ගසමි; මහදේ දිරිය හීන වන කල, මම ඔබට හඬ ගසමි, මා විසින් නැගිය නො හැකි පර්වතය මතට මා ගෙන ගිය මැනව.
බෙදාගන්න
ගීතාවලිය 61 කියවන්නගීතාවලිය 61:1-2 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්ස, මාගේ මොරගැසීම ඇසුව මැනව; මාගේ යාච්ඤාවට කන්දුන මැනව. මාගේ සිත ක්ලාන්තවන කල පොළොවේ කෙළවර සිට ඔබට හඬ ගසන්නෙමි. මා විසින්ම නැංග නොහැකි පර්වතයට මා ගෙනගිය මැනව.
බෙදාගන්න
ගීතාවලිය 61 කියවන්නගීතාවලිය 61:1-2 Sinhala New Revised Version (NRSV)
අහෝ දෙවිඳුනි! මාගේ මොරගැසීම ඇසුව මැනව; මාගේ යැදුමට සවන් දුන මැනව. මාගේ සිතෙහි දිරිය සුන් වන කල පාතාල ලොව ගැටියේ සිට මම ඔබට හඬගසමි. මට නැඟිය නොහැකි පර්වතයකට මා ගෙන ගිය මැනව.
බෙදාගන්න
ගීතාවලිය 61 කියවන්න