ගීතාවලිය 55:9-11
ගීතාවලිය 55:9-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දුෂ්ටයින් වියවුල් කළ මැනව, අහෝ ස්වාමිනි, ඔවුන්ගේ කතාව අවුල් කළ මැනව, මන්ද පුරවරය තුළ සැහැසිකමත්, කලහයත් මට පෙනේ. ඒවා, පුර පවුරු පිට දිවා රැයේ ඒ මේ අත සරති; ද්වේෂයත්, දූෂණයත් එපුර ඇතුළත ම ය. විනාශයේ බලවේග එපුර ඇතුළත ක්රියාත්මක ය; තර්ජනය හා බොරුව කිසි විට ඒ වීදිවලින් බැහැර නො වේ.
ගීතාවලිය 55:9-11 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, නාස්තිකළ මැනව, ඔවුන්ගේ කථාව භේදකළ මැනව. මක්නිසාද නුවර බලාත්කාරයත් විවාදයත් දුටිමි. ඔව්හු දිවා රාත්රි දෙක්හි ඒකේ පවුරු පිට ඔබ මොබ යති. අයුතුකමත් අපරාධයත් එහි මැද ඇත්තේය. ඒ මැද දුෂ්ටකමත් ඇත්තේය. බලාත්කාරයත් වංචාවත් එහි වීථිවලින් ඉවත්ව නොයන්නේය.
ගීතාවලිය 55:9-11 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, ඔවුන්ගේ කතාව වියවුල් කළ මැනව. මන්ද, නුවර තුළ සැහැසිකම ද ආරාවුල ද මට පෙනේ. දිවා රෑ දෙක්හි ඒවා පවුරු මත සැරිසරන්නේ ය; එහි අපරාධය ද මැරවරකම ද ඇත්තේ ය. නුවර මැද දුෂ්ටකම් බහුල ව ඇත්තේ ය. එහි වෙළෙඳ පොළෙහි ඇති අපරාධයට හා වංචාවට කෙළවරක් නැත්තේ ය.
ගීතාවලිය 55:9-11 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳුනි, ඔවුන්ගේ කතාව වියවුල් කළ මැනව. මන්ද, නුවර තුළ සැහැසිකම ද ආරාවුල ද මට පෙනේ. දිවා රෑ දෙක්හි ඒවා පවුරු මත සැරිසරන්නේ ය; එහි අපරාධය ද මැරවරකම ද ඇත්තේ ය. නුවර මැද දුෂ්ටකම් බහුල ව ඇත්තේ ය. එහි වෙළෙඳ පොළෙහි ඇති අපරාධයට හා වංචාවට කෙළවරක් නැත්තේ ය.
ගීතාවලිය 55:9-11 New International Version (NIV)
Lord, confuse the wicked, confound their words, for I see violence and strife in the city. Day and night they prowl about on its walls; malice and abuse are within it. Destructive forces are at work in the city; threats and lies never leave its streets.