ගීතාවලිය 55:4-23
ගීතාවලිය 55:4-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා හද, මා තුළ සංවේගයෙන් ගැහෙයි; මරණ භීතිය මා ආක්‍රමණ කර සිටී. බය සහ වෙවුලුම මා වට කොට ගත්තේ ය; සංත්‍රාසය මා යටකොට ගත්තේ ය; එවිට මම මෙසේ කීවෙමි: “අහෝ! පරෙවියකුට මෙන් මට පියාපත් ඇත්නම්! මම ඈතට පියඹා, විවේකී ව සිටින්නෙමි. මම දුර ඈතට පලා ගොසින්, කාන්තාරයේ නවාතැන් ගන්නෙමි. සෙලා මම තද කුණාටුවෙන් හා චණ්ඩ මාරුතයෙන් ඈත් ව, යුහු ව මගේ රක්ෂස්ථානයට යන්නෙමි.” දුෂ්ටයින් වියවුල් කළ මැනව, අහෝ ස්වාමිනි, ඔවුන්ගේ කතාව අවුල් කළ මැනව, මන්ද පුරවරය තුළ සැහැසිකමත්, කලහයත් මට පෙනේ. ඒවා, පුර පවුරු පිට දිවා රැයේ ඒ මේ අත සරති; ද්වේෂයත්, දූෂණයත් එපුර ඇතුළත ම ය. විනාශයේ බලවේග එපුර ඇතුළත ක්‍රියාත්මක ය; තර්ජනය හා බොරුව කිසි විට ඒ වීදිවලින් බැහැර නො වේ. සතුරකු මට නිග්‍රහ කරන්නේ නම්, මට එය ඉසිලිය හැකි ය; එදිරිකාරයකු මට එරෙහිව නැගිටින්නේ නම්, ඔහු වෙතින් මට සැඟවී ගත හැකි ය. එහෙත් මට එසේ කරන්නේ ඔබ ය; මා හා සමාන මිනිසකු වූ මගේ සගයා වූ මගේ හිත මිතුරා ය. දෙවියන්වහන්සේගේ ගෘහයේ ජන සමූහය අතරේ ඇවිදිමින්, වරක් අපි මිත්‍ර සහජීවනය වින්දෙමු. මගේ සතුරන් හදිසි මරණයට හසු වේවා! ඔවුන් පණ පිටින් ම පාතාලයට බැස යේවා! මන්ද දුෂ්ටකම ඔවුන් අතරෙහි සහවාසය කරන්නේ ය. එහෙත් මම දෙවියන්වහන්සේට හඬ ගසන්නෙමි; ස්වාමින්වහන්සේ මා ගලවන සේක. සවස ද උදය ද මද්දහන ද මම සන්තාපයෙන් යුතු ව උස් හඬින් මොර ගසමි; උන්වහන්සේ මගේ හඬ අසන සේක. බොහෝ දෙනකු මට එරෙහිව නැගිටුන ද, මට එරෙහිව දියත් වූ සටනින්, උන්වහන්සේ නිරුපද්‍රිත ව මා මුදා ගත් සේක. අනාදියේ පටන් සිංහාසනාරූඪ ව සිටින දෙවියන්වහන්සේ සවන් දී, ඔවුන් යටත් කරන සේක. සෙලා මන්ද කිසි දින තම දිවි මාර්ග වෙනස් නො කරන ඒ මිනිසුන් ළඟ දේව භයක් නැත. මගේ සගයා තම මිතුරනට පහර දුන්නේ ය. එසේ ඔහු ගිවිසුම කඩ කළේ ය. ඔහුගේ කතාව වෙඬරු පිඩක් සේ මෘදු ය; එහෙත් ඔහුට ඇත්තේ යුද්ධ මානසිකත්වයකි; ඔහුගේ වචන තෙල්වලටත් වඩා සෞම්‍ය ය; එහෙත් ඒවා සටනට ඇදගත් අසිපත් ය. ඔබගේ කරදර ස්වාමින්වහන්සේ පිට තබන්න. උන්වහන්සේ ඔබ උසුලා දරන සේක; උන්වහන්සේ කිසි දින ධර්මිෂ්ඨයාට වැටෙන්නට ඉඩ නො දෙන සේක. අහෝ දෙවියන්වහන්ස, එහෙත් ඔබ දුෂ්ටයා විනාශයේ නරාවළ තුළට හෙළන සේක; ලේ පිපාසිතයෝ හා රැවටිලිකාරයෝ තමන්ගේ පරම ආයුෂෙන් අඩක්වත් ජීවත් නො වෙති.
ගීතාවලිය 55:4-23 Sinhala Revised Old Version (SROV)
මාගේ සිත මා තුළ තද වේදනා සහිත වෙයි. මරණ භීතිය මා පිට වැටී තිබේ. භයත් වෙවුලුමත් මා කරා පැමිණ තිබේ, භයංකරය මා වසාගත්තේය. මමද කථාකොට: අනේ මට කොබොයියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට ඉගිලී ගොස් නිශ්චලව සිටින්නෙමි. බලව, එසේනම් මම ඈත පලාගොස්, වනයෙහි නවාතැන් ගන්නෙමි. සැර හුළඟෙන්ද කුණාටුවෙන්ද ආරක්ෂා ස්ථානයකට ඉක්මන්කර යන්නෙමියි කීයෙමි. ස්වාමිනි, නාස්තිකළ මැනව, ඔවුන්ගේ කථාව භේදකළ මැනව. මක්නිසාද නුවර බලාත්කාරයත් විවාදයත් දුටිමි. ඔව්හු දිවා රාත්‍රි දෙක්හි ඒකේ පවුරු පිට ඔබ මොබ යති. අයුතුකමත් අපරාධයත් එහි මැද ඇත්තේය. ඒ මැද දුෂ්ටකමත් ඇත්තේය. බලාත්කාරයත් වංචාවත් එහි වීථිවලින් ඉවත්ව නොයන්නේය. මක්නිසාද මට නින්දාකළේ සතුරෙක් නොවේ; එසේ වූයේනම් මට ඉවසිය හැක්කේය. මට විපක්ෂව තමාම උසස්කරගත්තේ මට වෛරවූ තැනැත්තේ නොවේ; එසේ වූයේනම් මම ඔහු කෙරෙන් සැඟවී යන්නෙමි. නුමුත් එසේ කළේ මා සමාන මනුෂ්‍යයෙක්වූ, මාගේ සමාගම්කාරයෙක්වූ, මාගේ හිතේසි මිත්‍රයෙක්වූ නුඹමය. අපි එක්ව ප්‍රිය මන්ත්‍රණ පැවැත්වීමුව, සමූහයා සමඟ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සක්මන් කෙළෙමුව. හදිසියෙන් ඔවුන්ට මරණය පැමිණේවා, ඔව්හු පණපිටින් වළට බසිත්වා. මක්නිසාද දුෂ්ටකම ඔවුන්ගේ වාසස්ථානයෙහි, ඔවුන් මැද, ඇත්තේය. මම වනාහි දෙවියන්වහන්සේට යාච්ඤාකරන්නෙමි; එවිට ස්වාමීන්වහන්සේ මා ගළවනසේක. සවස සහ උදයද දාවල්ද දුක් කියමින් සුසුම්ලන්නෙමි. උන්වහන්සේද මාගේ බස් අසනසේක. මට විරුද්ධව පැමුණුණ සටනෙන් උන්වහන්සේ මාගේ ප්‍රාණය මුදා සමාදානය දුන්සේක. මක්නිසාද බොහෝ දෙනෙක්ම මට විරුද්ධව සිටියාහුය. දෙවියන්වහන්සේ, එනම් පුරාණයේ සිට වැඩවසන තැනන්වහන්සේ අසා, විපරීති රහිතවූ, දේව භය නැත්තාවූ ඔවුන්ට උත්තරදෙනසේක. ඔහු තමා සමඟ සමාදානයෙන් සිටි අයට විරුද්ධව අත් දිගුකෙළේය. තමාගේ ගිවිසුම කඩකෙළේය. ඔහුගේ කට වෙඬරු මෙන් සිනිදුව තිබුණේය, නුමුත් ඔහුගේ සිතෙහි යුද්ධය විය. ඔහුගේ වචන තෙලට වඩා මොළොක්ව තිබුණේය, එහෙත් ඒවා ඇදගත් කඩුය. නුඹේ බර ස්වාමීන් පිට තබව, උන්වහන්සේ නුඹ උසුලනසේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක. නුමුත් දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනාශයේ වළට බස්වනසේක. මිනීමරුවූ කපටි මනුෂ්‍යයෝ තමුන්ගේ ආයුසයෙන් අර්ධයක්වත් ජීවත් නොවන්නෝය; එහෙත් මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.
ගීතාවලිය 55:4-23 Sinhala New Revised Version (NRSV)
මාගේ හදවත ගැහි ගැහී ඇත්තේ ය; මරණ බිය මා ලුහුබැඳ එන්නේ ය. භීතිය ද ත්‍රාසය ද මට තදින් පීඩා කරන්නේ ය; බියෙන් මාගේ ඇඟ කිලිපොළා යන්නේ ය. අනේ! මටත් පරෙවියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට මම පියාඹා ගොස් විවේකය ලබන්නෙමි. මම බොහෝ ඈතට ම පියාඹා යන්නෙමි; පාළුකරයට ගොස් පදිංචි වන්නෙමි. සැඬ සුළඟින් සහ චණ්ඩ මාරුතයෙන් මම අහක් ව යන්නෙමි. මාගේ අභය භූමියට වහා ඉගිල යන්නෙමි. සමිඳුනි, ඔවුන්ගේ කතාව වියවුල් කළ මැනව. මන්ද, නුවර තුළ සැහැසිකම ද ආරාවුල ද මට පෙනේ. දිවා රෑ දෙක්හි ඒවා පවුරු මත සැරිසරන්නේ ය; එහි අපරාධය ද මැරවරකම ද ඇත්තේ ය. නුවර මැද දුෂ්ටකම් බහුල ව ඇත්තේ ය. එහි වෙළෙඳ පොළෙහි ඇති අපරාධයට හා වංචාවට කෙළවරක් නැත්තේ ය. මට අපවාද කළෝ සතුරෝ නම්, එය මට ඉවසා ගන්නට තිබුණේ ය; මට සතුරු ව නැඟිට සිටියෝ එදිරිකාරයෝ නම්, මට ඔවුන්ගෙන් සැඟවෙන්නට තිබුණේ ය. එසේ කෙළේ, මා හා සමාන කෙනෙකු වන ඔබ ය; මාගේ හිත මිතුරා ද සහකාරයා ද ඔබ ය. අපි එකට සතුටු සාමීචි කතාවේ යෙදුණෙමු; එකට දෙව් මැදුරෙහි නමස්කාර කෙළෙමු. අකාල මරණය සතුරන් පිට පැමිණේ වා! ඔව්හු පණපිටින් පාතාලයට යත් වා! මන්ද, ඔවුන්ගේ සිත්හි හා නිවෙස්හි දුෂ්ටකම ඇත්තේ ය. මම දෙවිඳාණන්ට හඬගසන්නෙමි; සමිඳාණෝ මා ගළවන සේක. උදය, මද්දහන හා සවස මාගේ මැසිවිලි කිය කියා මම වැලපෙන්නෙමි. එතුමාණෝ මා හඬට සවන් දෙන සේක. මට විරුද්ධ ව කරන ලද සටනින් එතුමාණෝ මා මුදා මට සාමදානය දුන් සේක. මන්ද, බොහෝ දෙනා මට විරුද්ධ ව සිටියෝ ය. අතීතයේ සිට සිහසුන් අරා සිටින දෙවිඳාණෝ මට සවන් දී පිළිතුරු දුන් සේක. මන්ද, මාගේ සතුරෝ නීතිය නොරකිති; දෙවිඳුන් හට ගරුබිය නොදක්වති. සතුරා තම මිතුරා හට විරුද්ධ ව තම අත දිගු කෙළේ ය; එසේ කොට, ඔහු ගිවිසුම කඩ කෙළේ ය. බද්ධ වෛරය සිත තුළ පැසෙන නමුත්, ඔහුගේ කතාව වෙඬෙරු මෙන් සුමුදු ය; ඔහුගේ වචන, තෙලට වඩා මොළොක් ය. එහෙත් ඒවා, මුවහත් කඩු පහර මෙන් වූයේ ය. ඔබේ දුක් බර සමිඳුන් පාමුල තබන්න; එතුමාණෝ ඔබ ආරක්ෂා කරන සේක; සැදැහැවතුන්ගේ වැටීමට කිසි දා ඉඩ නොදෙන සේක. දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.
ගීතාවලිය 55:4-23 Sinhala New Revised Version 2018 (SNRV)

ගීතාවලිය 55:4-23 New International Version (NIV)
My heart is in anguish within me; the terrors of death have fallen on me. Fear and trembling have beset me; horror has overwhelmed me. I said, “Oh, that I had the wings of a dove! I would fly away and be at rest. I would flee far away and stay in the desert; I would hurry to my place of shelter, far from the tempest and storm.” Lord, confuse the wicked, confound their words, for I see violence and strife in the city. Day and night they prowl about on its walls; malice and abuse are within it. Destructive forces are at work in the city; threats and lies never leave its streets. If an enemy were insulting me, I could endure it; if a foe were rising against me, I could hide. But it is you, a man like myself, my companion, my close friend, with whom I once enjoyed sweet fellowship at the house of God, as we walked about among the worshipers. Let death take my enemies by surprise; let them go down alive to the realm of the dead, for evil finds lodging among them. As for me, I call to God, and the LORD saves me. Evening, morning and noon I cry out in distress, and he hears my voice. He rescues me unharmed from the battle waged against me, even though many oppose me. God, who is enthroned from of old, who does not change— he will hear them and humble them, because they have no fear of God. My companion attacks his friends; he violates his covenant. His talk is smooth as butter, yet war is in his heart; his words are more soothing than oil, yet they are drawn swords. Cast your cares on the LORD and he will sustain you; he will never let the righteous be shaken. But you, God, will bring down the wicked into the pit of decay; the bloodthirsty and deceitful will not live out half their days.