ගීතාවලිය 55:12-13 - Compare All Versions
ගීතාවලිය 55:12-13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
සතුරකු මට නිග්‍රහ කරන්නේ නම්, මට එය ඉසිලිය හැකි ය; එදිරිකාරයකු මට එරෙහිව නැගිටින්නේ නම්, ඔහු වෙතින් මට සැඟවී ගත හැකි ය. එහෙත් මට එසේ කරන්නේ ඔබ ය; මා හා සමාන මිනිසකු වූ මගේ සගයා වූ මගේ හිත මිතුරා ය.
ගීතාවලිය 55:12-13 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද මට නින්දාකළේ සතුරෙක් නොවේ; එසේ වූයේනම් මට ඉවසිය හැක්කේය. මට විපක්ෂව තමාම උසස්කරගත්තේ මට වෛරවූ තැනැත්තේ නොවේ; එසේ වූයේනම් මම ඔහු කෙරෙන් සැඟවී යන්නෙමි. නුමුත් එසේ කළේ මා සමාන මනුෂ්‍යයෙක්වූ, මාගේ සමාගම්කාරයෙක්වූ, මාගේ හිතේසි මිත්‍රයෙක්වූ නුඹමය.
ගීතාවලිය 55:12-13 NRSV (Sinhala New Revised Version)
මට අපවාද කළෝ සතුරෝ නම්, එය මට ඉවසා ගන්නට තිබුණේ ය; මට සතුරු ව නැඟිට සිටියෝ එදිරිකාරයෝ නම්, මට ඔවුන්ගෙන් සැඟවෙන්නට තිබුණේ ය. එසේ කෙළේ, මා හා සමාන කෙනෙකු වන ඔබ ය; මාගේ හිත මිතුරා ද සහකාරයා ද ඔබ ය.
ගීතාවලිය 55:12-13 SNRV (Sinhala New Revised Version 2018)
මට අපවාද කළෝ සතුරෝ නම්, එය මට ඉවසා ගන්නට තිබුණේ ය; මට සතුරු ව නැඟිට සිටියෝ එදිරිකාරයෝ නම්, මට ඔවුන්ගෙන් සැඟවෙන්නට තිබුණේ ය. එසේ කෙළේ, මා හා සමාන කෙනෙකු වන ඔබ ය; මාගේ හිත මිතුරා ද සහකාරයා ද ඔබ ය.
ගීතාවලිය 55:12-13 NIV (New International Version)
If an enemy were insulting me, I could endure it; if a foe were rising against me, I could hide. But it is you, a man like myself, my companion, my close friend